ඩෙංගු රෝගීන් ලක්ෂය පනී. අහිංසක දරුවන් 253 දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි ඒත් මිනිස්සු තවත් පරණ පුරුදු අත් නොහරී.

මේවනවිට ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් ගනන ලක්ෂය ඉක්මවාඇත
රටේ ඉන්න වැඩිහිටියන්ගේ වැරැද්දෙන් කිසිදු වරදක් නොකල අහිංසක දරුවන්ට මෙලොව හැර යන්ට සිදුවිය. ලංකාවේ ජාතියේම ලේ වල ඇති වරදකටදෝ මන්දා තමන්ට හෝ තම පවුලේ එකෙකුට කුමක් හෝ කරදරයක් වෙන තුරුම රටේ උන්ට මොනවා උනත් තමන්ගේ බලු පුරුදු නම් කිසිදාක අත්නොහරී. ලොකයේ බොහෝ රටවල් මේ වන විට ජනතාවගේ ඉවත් කරන කැලි කසල වෙන්කොට ලබාගෙන ඒවා ප්‍රතිජීවීකරණය කරනු ලබයි. මෙහිදී ජනතාවට තිබෙන වගකීම කිසිදු ලෙසකින්වත් බැහැර කල නොහැක. ඒ තම නිවසේ එකතුවන කැලි කසල ඝන අපද්‍රව්‍ය (කඩදාසි ,ප්ලාස්ටික් බෑග්,ප්ලාස්ටික් බෝතල්, කාඩ්බෝඩ්,හා ප්ලාස්ටික් උපකරණ ) නිවසේ ඉතුරුවන කෑම ජාති (බත්,පාන්,මාළු පිනි අනෙකුත් ද්‍රව්‍ය )
සහ කොලතු පොල්කටු වැනි දේවල් යන මේ 3 න් ආකාරයට නිවසතුලදීම ඒවා වෙන්ව කැලිකසල ඒකතු කරන රජයේ ආයතන වලට ලබාගත යුතුය. ජනතාවගේ වගකීම ඒවා නිසිලෙසට ලබාදීමය.
ලෝකයේ සෑම රටකම පාහේ තම වගකීම හා රජයේ යුතුකම හරිහැටි හදුනාගෙන තිබුණත් අපේ අවාසනාවකට තාමත් අපි අපේ වගකීමවත් රජයක් ලෙසට රජය තම යුතුකමවත් නොදනී. බොහෝ රටවල් රටක ජනතාවගේ ජීවිත වල ආරක්ෂාවට නිති පනවයි. ඒනිති කිසිදු බේදයකින් තොරව ජනතාව ඉතාම නිහතමානිව උද්ගෝෂණ, වැඩවර්ජණ නොකර පිලිගනී ඒවා ඉතාම හොදින් ක්‍රියාත්මක කරයි. ඒ ජනතාව නීතියට ගරු කරන නිසාවෙනි. ඒත් ලංකාවේ මහා ජාතිමාමක ,දේශප්‍රේමි කාලකන්නිම ජනතාව නිති කඩ්කර වීමට කුලප්පුකරවන ජාතියක් ඉන්න රටකි.
ඩෙංගු පිට ඩෙංගු හැදි තමන්ගේ දරුවා බේරී අනිත් උන්ගේ දරුවෝ සේරම මළත් ගෙදර කුණුටික නම් පාර අයිනට දමන එක නතරකරන්නේම නැත. ඉතින් රටක මෙවනි ව්‍යසන නතර කිරීම කිසිසෙත් රජයකට කලනොහැකිය. තම නවසට මාරයා ඒනතුරු නොහිද කරුණාකර තම වගකීම අදම ඉටු කරන්න ඩෙංගු මාරයා පරද්දන්න අපි ඒකට එක් වෙමු..

Be the first to comment on "ඩෙංගු රෝගීන් ලක්ෂය පනී. අහිංසක දරුවන් 253 දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි ඒත් මිනිස්සු තවත් පරණ පුරුදු අත් නොහරී."

Leave a comment

Your email address will not be published.


*