ධර්මයේ මිණිපහණක් වු අතිපුජ්‍ය නිකහැටියේ සඳදෝ නායක හිමිපාණෝ 80 වන වියට සපමිණි වග………!!

මධ්‍යම පලාතේ උඩුනුවර ,නිකහැටිය ග්‍රාමයේ පදිංචිව සිටි මුදියන්සේ නිලමේ තුමාට හා බංඩාර මැණිකේ මැතිනියට දාව 1938 ජුලි 07 වන දින මෙළොව එලිය දුටු ඒ පින්වත් ටිකිරි බංඩා තරුණයා පසුකලක රටක, ලොවක නම රැන්දු නිකහැටියේ සඳදෝ නමින් සම්බුද්ධ සාසණයට පැමිණියාය.

හරියටම අදවන විට 80 වන වියට පාතැබු නිකහැටිය සඳදෝ නායක හිමිපාණෝ මුලික අධ්‍යාපනයෙන් පසුව 1962 වසරේ දි විද්යෝද්‍ය පිරිවණින් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්හ. තම අධ්‍යාපනයෙන් රටට සේවය කිරීමට එතැන් පටන් එක්විය.

තරුණකාලයේදී විශ්ව විද්‍යාලයේ කැපී පෙනුන ශිෂ්‍ය භික්ෂුවක් වු උන්වහන්සේ රටේ එ වන විට උද්ගතව තිබු ශිෂ්‍ය ප්‍රශ්ණ වලට විසදුම් සෙවීමට මුල්වු හිමිනමක් විය.

පසු කලක පනන්වල උපනන්ද නායක හිමිපාණන්ගේ මග පෙන්වීම මත ග්‍රාමීය ජනතාව ආර්ථිකව හා සමාජීයව නගා සිටවීමට ජාතික ව්‍යාපාරයක් වු සර්වෝදය ව්‍යාපාරයට ඒ.ටී.ආරියරත්න මහතා සමග එක්විය.

මා අවු; 8 ක් පමණ වයසේදී අපේ ගමේ පංසලට පැමිණි උන්වහන්සේ දැන හැදින ගැනීමම ජිවිතය හා අධ්‍යාපනයේ වටිනාකම කුමක්දැයි මාහට අවබෝධ උනේ උන්වහන්සේ ගේ කථිකත්වය හා වාග් ශල්‍ය නිසාය.

උන්වහන්සේ මහා බෝරුකක් වැනි කිසිම දේකට නොසැලී නොබියව තිර අධිෂ්ඨානයෙන් යුතුව කටයුතුකරන හිමිනමකි.උන්වහන්සේ ගේ සෙවන ලැබු බොහෝ පිරිස් අද ලංකාවේ පමණක් නොව දේශ දේශාන්තරවද සිටි. වර්තමානය වනවිට හේවාහැට පලාතටම ආලෝකයක් වී ඇති බෝලෑප විහාරය පලාතේ ජනතාවගේ ආගමික මෙන්ම දුදරුවන්ට අධ්‍යාපනය ලබා දෙන තැනක් වී ඇත.
නායක හිමිපාණන් වහන්සේ තමාගේ අඩිපාරේම ගමන් කරවීමට ඒකල කුඩා සාමනේර වහන්සේලා තුන්නමක් පැවිදි දිවියට එකකිරීම උන්වහන්සේ ඉටු කල මහගු පුණ්‍ය කර්මයකි.

අද වෙනවිට උන්වහන්සේලා තුන් නමම උගත්,බුද්ධිමත්, ශාස්ත්‍රවේදී වහන්සේලාය.ශාස්ත්‍රවේදි පුජ්‍ය බෝලෑපේ සුධම්ම හිමි,ශාස්ත්‍රවේදි පුජ්‍ය මේල්පිටියේ සුනන්ද හිමි හා ශාස්ත්‍රවේදි පුජ්‍ය හිදගොඩ ආනන්ද හිමියන්ය. පාත හේවාහැට පලාතටම ,ආලෝකයක් වී ඇති උන්වහන්සේලා මුලුරටේම වැඩ සිටින තරුණ භික්ෂුණ වහන්සේලාට මහගු ආදර්ශයකි.

මේවන විට 80 වන වියේ පසුවන අතිපුජ්‍ය නිකහැටියේ සඳදෝ හිමිපාණන් වහන්සේට නිරෝගිමත් හා දීර්ඝායුෂ ලැබේවායි ලංකා දවස වෙනුවෙන් සුභ පතමි

අජිත්……

Be the first to comment on "ධර්මයේ මිණිපහණක් වු අතිපුජ්‍ය නිකහැටියේ සඳදෝ නායක හිමිපාණෝ 80 වන වියට සපමිණි වග………!!"

Leave a comment

Your email address will not be published.


*