අහිංසක ජනතාව බිල්ලට ගන්නා බල්ලන්ටත් භය ජනාධිපති කෙනෙකු හා ආණ්ඩුවක්

රටක රාජ්‍ය නායකයාගේ වගකීම ඒ රටේ ජනතාවට එල්ලවන සියලුම සතුරු උවදුරු වලින් ජනතාව මුදවා ගැනීමයී. ශ්‍රිලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ගේ වගකීම ගැනවත් පයිසෙකට ගනන් නොගන්නා නිසාම මෛත්‍රිපාල ජනාධිපති දැන් බල්ලන්ගේ ද සෙල්ලන් බඩුවක් වී ඇත.

මීට ඉතාම ආසන්නතම සිදුවීම් පෙලක්ම පසුගිය මාසකීපය පුරාවටම සිදුවිය. බහු ආගමික ,බහුජාතික රටක් වන ලංකාව තුල සියලු ජාතින් තම තමාට ආවේනික ආගමික හා සාමාජික ක්‍රම අනුව ජිවත් විය. ඒත් අදවන විට ලංකාවේ ඇති සහ ජීවනයට විවිධ අනතුරු එල්ලවෙමින් තිබේ.

කුමන හෝ ආගමික කොටසක සාමාජිකයකු ඒ සහජීවනය විනාශ කිරීමට උත්සහා කරනවානම් ඒපුද්ගලයා අදහන ආගම කුමක් උවත් ලංකාඅපරාධ නීතියට අනුව එය දඩුවම් ලැබිය යුතු වරදකි.

ඥණසාර නැමති පිස්සු භික්ෂුව වරක් ජාතිවාදීව කතාකරමින් බුදුදහමට නිගාකරමින් රටේ පැත්තක්ම ගිනිබත්කලෝය. සමහරක් දේශපාලන පක්ෂ තමාගේ හෙලුව වසාගැනීමට මෙවනි බල්ලන්ව ජනතාව සපා කෑමට උසිගැන්වීම ලංකාවටම ආවේනික ක්‍රියාවකි.

වරක් ජාතිවාදීව හැසිරීමේ ප්‍රථිඵලය ඉතාම හොදට බුක්ති විද වටිනාජීවිත දේපල නැතිව තිබියදීවත් පාඩමක් ඉගෙන නොගත් ඉතාම නුගත් කොටසක් තවත් යුද්ධයකට අතවැනීම පුදුමාකාර අවාසනාවන්ත තත්වයකි.
රටකට නායකයෙකු අවශ්‍ය වන්නේ තමාඅරයට වඩා හොදය ,මම අහිංසකය, කියා පාරම් බෑමට නොවේ.

ජනතාවට තමාගේ ජීවන තත්වය වඩාත් උසස් ආකාරයකට ගෙනයාමට ඊට සරිලන අණපනත් සකස්කොට සතුරු උවදුරු වලින්, වැඩවර්ජන, තර්ජන ගර්ජන වලින් ජනතාව ආරක්ෂා කරගැනීමටය.

ඒත් අද සිද්ධ වන්නේ මෛත්‍රිපාල ජනාධිපති රටක ජනතාව සපාකෑමට බල්ලන් ලිහාදැමීමය.

අවංකවම දේශපාලන බේදයකින් තොරව මෛත්‍රිපාල ජනාධිපති බලයට පත්වු දාසිටම සිදුකරන්නේ මහින්දරාජපක්ෂ ජනාධිපති ගැටගසා සිටි බල්ලන් සියල්ලම ලිහාදමා ජනතාව සපාකෑමට ඉඩදී පසුව ඒ බල්ලන් ජනාධිපති ලගට ගෙන්නා හුරතල් කිරීමය මෙවනි වැනිවැනී රටක් පාලනය කරනවා තබා ලංකාවේ ග්‍රාමසේවා වසමක්වත් පාලනය කල නොහැකිය.
පාහර කාලකන්නි වෛද්‍යවරු සමහරක් අද ජනතාව බිල්ලට ගනිමින් තමාට අයත් නොවන කටයුතු වලට පවා අහිංසක ජනතාව පලිහක් කරමින් හැසිරෙන සමහරක් (මේ අතර දෙවිවරු වැනි වෛද්‍ය වරුද සිටී )බල්ලන් මාසයකට වරක් දෙවරක් රෝගී ජනතාව සපාකයි. ඒ බල්ලන් එදා මහින්ද රාජපක්ෂ කනුවල ගැට ගසා තැබුබව වත් මෛත්‍රිපාල ජනාධිපති නොදන්නවාද ? බැද දමාසිටි බල්ලන් සියල්ලම මෛත්‍රි ,රනිල් සුසන් යෝගයෙන් ලිහාදමා ජනතාව සපාකෑමට සලස්සවා ඇත.
රටක ජනාධිපති තනතුර හෑල්ලුකල යුගයක් තවත් නම් ඉතිහාසය පුරාවටම නැත. ජනතාව රැක්ගැනීමට මේකී බල්ලන් බැද දැමීමට තවත්නම් තටමන්නේ මොකාට බයේදැයි අපිටනම් නොවැහැටහේ.

Be the first to comment on "අහිංසක ජනතාව බිල්ලට ගන්නා බල්ලන්ටත් භය ජනාධිපති කෙනෙකු හා ආණ්ඩුවක්"

Leave a comment

Your email address will not be published.


*