දවසේ සිකුරාදා…….යහපාලනය නැමති පිරිවටයට මුවාවී ජනතාවට හෙලුව පෙන්නන ආණ්ඩුව……….

ජනාධිපතිවරයා හා අගමැතිවරයා පසුගිය සතියේ ඉතාම කාර්‍ය්ය බහුලම සතියක් විය. ඒ ජාත්‍යන්තර වෙසක් සතිය වෙනුවෙන් රාජ්‍ය නායකයන් පැමිණ සිටි නිසාවේනි.
ඒ වාගේම ගෙවි ගිය සතියේ තරන් ආණ්ඩුව උද්ගෝෂණ හා නොයෙකුත් ගැටලු වලට මුල්වු සතියක් පෙර නොවු තරම්ය.අද
වනවිට යහපාලනයේ පෙර ගමන් කරුවන් වු විශ්ව විද්‍යාල ආචාර්‍ය්ය වරුන්ගේ සංගමයේ නිර්මාල් දේවසිරි, මහාචාර්‍ය්ය සරත් විජේසුරිය වැනි උගතුන් ගේ කීම අද ආණ්ඩුව පයිසෙකටවත් මායිම් නොකරන ගානය.
මහජනයා අදවනවිට මෛත්‍රිපාලගේ හා රනිල්ගේ කියුම් කෙරුම් ගැන කතාකරන්නේ දැඩි කේන්තියෙනි. රාජපක්ෂලාගෙන් රට ගලවාගෙන මෛත්‍රිපාලට රටේ ජනාධිපති කම දුන්නේ ඔහුගේ පවුලවත් ඔහුගේ පක්ෂයවවත්, දිනවීමට නොවේ. එ බලය ලබා ගන්නට මෛත්‍රිපාල දහාතේ දිවුරා කීවේ …..” මම තවත් වරක් මේ රටේ ජනාධිපති වරයෙක් නොවීමටත් මම කිසිම පක්ෂයක් මෙහෙයවන්නකු නොවිමටත් වගබලා ගනිමි …මම නිර්පාක්ෂික ජනාධිපතිවරයකු වෙමී…….”
මෙහෙම කිවුව මෛත්‍රිපාල ජනාධිපති අද තටමන්නේ කුමකට දැයි ඔහු නොදන්නවාට මහජනයානම් ඔනවටත් වඩා දන්නවාය. මෛත්‍රිපාල ජනාධිපති අද වනවිට …..රෑ දැනියල් දවල් මිගෙල්… ගේ චරිතය රඟපාමින් තමාට අපහාස උපහාස කල උන්ට , ජනතාවට වතුර ඉල්ලනකොට උණ්ඩ ලබාදුන් පාහරයන්ව තෝරා විදේශ රටවලට යවමින් අද ජනාධිපති ජනතාව ගොනාට අන්දවා ඇත.
රනිල් වික්‍රමසිංහ 2001 දි කෙරුව කෙරිල නතර වුනෙ චන්ද්‍රිකාට දෝත පිටින් ජනතාව දුන්නු ආණ්ඩුව පිදිමෙනය. ඒවගේම සන්තෑසියක පෙර නිමිති කාට නොපෙනුනත අපිට නම් පෙනේ.
රනිල් ගේ මේ යාළු මාළු නාඩය රටට මහා පිලලයකි ඒ මොවුන් සියලුම දෙනා පාහේ රට කන ව්‍යාපාරිකයන් වීමය. මහබැංකු ගනුදෙනුව නිසා කෝටි ගානක් රටේ සල්ලි එකෙකුට පිදුවේය.
දැන් දෙවන ඉනුම ඩී. පී ජයසිංහලාගේ වසා දමා තිබෙන ගොඩනැගිල්ලකට මාසෙක කුලිය පමණක් කෝටි 6 කි මෙය ලබාගෙන ඇත්තේ දුමින්ද දිසානායකගේ අමාත්‍යංශයට වු නමුත් ඇත්තටම සිදුව ඇත්තේ කෝටි ප්‍රකෝටි ගානකින් දුප්පත් විශාල වත්කම් ප්‍රමානයකට හිමිකම් කියන තම දුප්පත් ජයසිංහව නගාසිටවී මට අගමැති මිතුරා පෙරට ඒම ජනතාවගේ දැඩි පිලිකුලට පත්ව ඇත.
එක්සත් ජාතික පාක්ෂිකයා දැන් ඉන්නේ මෛත්‍රි රනිල් දෙන්න එක්කම වෛරයෙනි. ඒ අනිකක් නිසා නොව දහසකුත් බලාපොරොත්තු තබා ගෙන ආණ්ඩුවක් හදා රට පෙරට ගැනිමට තිබු උවමනාව පසෙක ලා මෛත්‍රි තම පක්ෂය පෙරට ගැනිමටත් රනිල් තම මිතුරන් පෙරට ගැනිමත නිසාය.
අදවන විට මුන් දෙගොල්ලෝම කරන්නේ යහපාලනය නැමති ජනතාව දුන්න පිරුවටය ඇද ගෙන ජනතා ප්‍රශ්න වලදි පිරුවටය උස්සා උන්ගේ හෙළුව ජනතාවට පෙන්වීමය. මේ නිසාම ජනතාතාව ගේ ප්‍රශ්නවලට හෙළුව පෙන්නන මෛත්‍රිටයි රනිලටයි දෙන්නාටම ඉතාම ළගදීම ජනතාවගේ හෙළුවත දැක බලා ගැනීමේ වාසනාව වුදාවනු ඇත.

අජිත්

Be the first to comment on "දවසේ සිකුරාදා…….යහපාලනය නැමති පිරිවටයට මුවාවී ජනතාවට හෙලුව පෙන්නන ආණ්ඩුව………."

Leave a comment

Your email address will not be published.


*