දවසේ සිකුරාදා ….හැන්ගි.. හැන්ගි.. වෙස් බැන්ද මහින්දට ගෝල්ෆේස් වේදිකාව නටන්න දුන්නේ රනිල්ය.

ඇත්තටම මෛත්‍රිලාලට ඔනි උනේ මහින්දව තමන්ගේ මැයි පෙලපාලියට ගෙන්නා ගැනීමටයි. එත් එවැඩේ බාරගත්ත මහින්ද අමරවීරට මහින්දව හමු වෙන්න වෙලාවක්වත් අඩුම තරමින් ගන්න බැරිඋනා.

එකට මහින්ද අමරවීරට මල පැනලා හිටියේ. ඔන්න ඔය තරේදි තමයි අමවවීර දැන ගත්තේ මහින්ද ස්ථිරවම ගැට්බේට නොයන බව. මාස දෙකකටත් කල්තියා ඒකාබද්ද විපක්ෂය සද්ද නැතුව පිටනි හොයන බව ජනාධිපතිට ආරංචි උනා ඒත් මෛත්‍රි කියටවත් හිතුවේ නෑ මහින්ද වේදිකාවට නගි කියලා.
කොහොමටත් ඩලස් පිට්ටනියක් ඉල්ලලා ලියුම දානකොටම හිතාගන්න බැරි ඉක්මනටම අගමැතිගේ නියෝගයෙන් ගෝල්ෆේස් එක දෙන්න තිරනයකලා. එත් රනිල් එත් එක්කම ජනාධිපතිවත් දැනුවත් කලා

. ඒ වෙන්කොට අගමැති මහින්දට පිට්ටනිය වෙන්කරපු බව දැනුම් දිලත් ඉවරයි. මේක රනිල් ගේ ගැටයක් බව දන්නේ මහින්ද මහින්ද දන්නවා මේක රනිල්ගේ දේශපාලන ඇමක් බව ඒත් මොනව කරන්නද මහින්දට වෙන කරන්නම දේකුත් නෑනේ.

මෛත්‍රිපාල ජනාධිපතිතුමා මෙක දැනගත්ත ගමන් ටිකක් කලබල උනා. ඒත් අගමැතිතුමා ගේ මේ ගැටයම මෛත්‍රිපාල ජනාධිපතිත් පාවිච්චි කරන්න තිරණය කලා.
මෛත්‍රිපාල ජනාධිපති හිතුවෙනෑ මහින්දට මෙච්චර සෙනගක් ගේන්න පුලුවන් වෙයි කියලා. හැමොගේම ඇස් උඩගියා ගොල්ෆෙස් ඉන්න සෙනග දැකලා.

ගැටබේ හිටපු සේරමලා බලබල හිටියේ ගොල්ෆ්ස් වෙන්නේ මොකද කියලා. ඒ විතරක් නෙමේ මහින්දත් වෙන්නේ මොකද කියලා ගොල්ෆ්ස් හෝටලයට වෙලා බලන් හිටියේ මහින්ද දන්නවා ගොල්ෆේස් පිට්ටනිය රනිල් දුන්නේ ඇම්කට කියලා රනිල්ට කිසිම වැඩක් නෑ පිට්ටනියට එන සෙනග ගැන මහින්දට කොච්චර ආවත් මෛත්‍රිට වඩා වැඩිඋනත් අඩු උනත් දිනන්නේ රනිල් බව ඔහු දන්න නිසා.
හැබැයි ගමේ ඉන්න යු.ඇන්.පී කාරයන්ට මේ වැඩේට රනිල් එක්ක මල පැන්ලා සමහරු රනිල්ට කිවේ මහින්දට නැගිටින්න රනිල අත් දෙන බවයි. දැන හෝ නොදැන මිනිස්සු එක කිව්වත් ඇත්තම කතාවත් නම් ඒකමයි මොකද මහින්දයි මෛත්‍රියි වෙන්වුනොත් රනිල් දන්නව ඊට පස්සේ ගේම ගහන්න.

දැන් දැන් ඒකේ ඉව වැටිලා තියෙන්නෙ සජිත්ටය. දැන් සජිත් බොක්කෙන්ම රනිල්ටයි. රනිලුත් දැන් සජිත්ව නියම පාරේ ගෙනියනවා. එත් රනිල් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගමේ යු.ඇන්.පී කාරයන්ට කතාකරන්ට ඔවුන්ගේ දේවල් හොයන්න බලන්න කෙනෙක් නෑනේ මහලේකම් කවුදකියලා ජාතික සංවිධායක කවුද කියලා යු.ඇන්.පි මන්ත්‍රිලා දන්නෙත් නැතිකොට කොහොමද යකෝ පාක්ෂිකයා දන්නේ. ඒ දැන් යු.ඇන්.පීයයි.

” යකෝ අපිට කියලා හිටියේ යු.ඇන්.පි එකේ එක මිනිහයි ඒ මනුස්සයාටත් පක්ෂේන් යන්න පාර කැපුවා. මුන්මේව කෙරුවේ ගමේ අපිට යන එන මං නැතිකරන්නයි.”

යු.ඇන්.පි. මැයි පෙලපාලියට ආව ගමේ මිනිස්සු හැමෝම කතා උනේ ඒ විදිහටයි. එදා මහලේකම් තිස්ස අත්තනායක ගමෙන් ආව මිනිස්සු ළගට ගිහින් නමකියලා කතාකෙරිල්ලම මිනිස්සුන්ට ඇති. තිස්ස අත්තනායක රටවටෙම ඉන්න යු.ඇන්.පි කාරයන්ට කතා කරන්නේ ඔවුන්ගේ නම් කියලා පුදුම හැකියාවක් තියන පුංචිම මිනිහව අල්ලලා තියාගන්න ඔනි විදිහ උප්පත්තියෙන්ම පිහිටලා තිබුණෙ.

මේ පාර මැයි පෙලපාලියේදි තිස්ස ත්තනායකගේ අඩුවනම් යු. ඇන්.පි කාරයාගේ බොක්කටම වැදුන හින්දා යු.ඇන්.කාරයෝ හැමෝම දැන් දුක කියන්නේ තිස්ස අත්තනායකටය. ඉතාම ළඟදි පාක්ෂිකයෝ සිරිකොත වලටලා තිස්ස අත්තනායක යු.ඇන්.පියට ගේන්න බලකරනවාය.

ඉතිං එකට දැන් රනිල් මොන දේශපාලන දාන් ඇන්දත් රනිල්ගේ පක්ෂේ දාන් අත නම් පරාදයි. අන්න ඒක දන්න නිසා තමයි රනිල් අනුන්ගේ පහනෙන් එලිය බලන්නෙ.

කොහොම උනත් හැන්ගි හැගි වෙස් බැන්ද මහින්දට දැන් නටන්න උනේ එලිපිටමයි. රනිල්ට ඔනි උනේ අන්න ඒ ක මහින්ද ලවා මෛත්‍රිට පෙන්නීමටයි
රටම දැන් බලන් ඉන්නේ මහින්දගේ පදේට මෛත්‍රි නටයිද නැත්තන් මහින්දගේ වෙස්ගලවයිද කියායි.

අජිත්

Be the first to comment on "දවසේ සිකුරාදා ….හැන්ගි.. හැන්ගි.. වෙස් බැන්ද මහින්දට ගෝල්ෆේස් වේදිකාව නටන්න දුන්නේ රනිල්ය."

Leave a comment

Your email address will not be published.


*