ඓතිහාසික සෙංකඩගල පුරවරයටත් කුණු නමක් ඉතුරු වේයිද ? ගොහාගොඩ කුණු කන්ද කඩන් වැටෙනකන් මධ්‍යම පලාත් සභාව මර නින්දේ

ඓතිහාසික සෙංකඩගල පුරවරයේ මහනුවර ජනතාවගේ එදිනෙදා එකතුවන කසල වසර 12 කට වඩා කාලයක් බැහැර කරන්නේ කටුගස්තොට නගරයට ආසන්නව පිහිටි ගොහාගොඩ තෙක්ක වත්තටය. මධ්‍යම පලාත් සභාවේ මහ ඇමති ප්‍රධාන මංත්‍රිවරු මේ ගැන මෙතෙක් කිසිදු විකල්ප ක්‍රම වේදයකට පැමිණ නැත.

ජනතාව මෙසේ දුක් විදිද්දි මධ්‍යම පලාත් සභා මහ ඇමති සරත් එකනායක තවත් ඇමතිවරු නඩයක් පිරිවරා ගෙන එංගලන්තයට පැමිණ මහනුවර ජනතාවගේම බදු සල්ලි වලින් තම සරුවාංගයටම දින 6 ක් තිස්සේම හොද සැපක් ලබාදී ජනතාවගෙම සල්ලි වලින් යලිත් ඓතිහාසික පුරවරයට ගියෝය.

ලෝකයේ කැලි කසල ප්‍රතිජීවිහරණය කිරිම අතින් එංගලන්තය සුවිශේෂි තැනක් ගෙන තිබෙන රටකට පැමිණි මහඇමතිවරයා ජනතාවට දැඩි හිසේරදයක් වි ඇති කුණු පිලිබදව සොයා බලා ඊට මෙවනි රටවල විශාල සහයක් ලබාගැනිමට තිබු අවස්ථාව නැතිකොට තම සරුවාංගය සතුටු කොට පිටව ගියේ ජනතා සල්ලි ලක්ෂ ගානක් කා දමාය.
මේ වන විටත් ගොහාගොඩ තේක්ක වත්තේ ජනතාව දැඩි දුකක් විදිමින් ජිවිතයත් මරණත් අතර සටනකට පත්ව ඇත. මෙම ජනතාවත් කුණු කන්දට බිලිදිමට පාලකයන් බලාසිටිනවාදැයි බොහොදෙනෙක් විමසයි.
වහාම මිට මැදිහත්ව ප්‍රථමයෙන්ම ඒ ජනතාව ඉන් ඉවත්කොට ඊළග පියවරට යායුතුය.

පුබුදු මහනුවර සිට

 

Be the first to comment on "ඓතිහාසික සෙංකඩගල පුරවරයටත් කුණු නමක් ඉතුරු වේයිද ? ගොහාගොඩ කුණු කන්ද කඩන් වැටෙනකන් මධ්‍යම පලාත් සභාව මර නින්දේ"

Leave a comment

Your email address will not be published.


*