පොලිසිය ජනතාවගේ මිතුරෙක් වන්නේ මහමගදි මිලේඡ්ච ලෙස ජනතාවට පහර දීමෙන්ද….. ?

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා මුල්ම මාධ්‍ය හමුවක් පවත්වා මහාපම්පොරි ගැසුවේ පොලිසිය ජනතාවගේ මිතුරෙක් මිස හතුරෙක් නොවන බවයි.
නමුත් පොලිස්පති වරයාගේ ඒ කතාව මහා පම්පෝරියක් පමණි. මුළු ලෝකයෙන්ම මිලේඡත්වය පලවා හරිද්දි ලංකාවේ ජනතාව ඒ මිලේඡත්වය වැලදගනී . නිතිය ක්‍රියාවේ යොදවන නිලධාරින් නිතිය ක්‍රියාවේ යොදවන්නේ මහජනයාට අමානුෂික ලෙස පහර දි මෙනි.
මෙම නිලධාරින් දෙදෙනා පිලිබදව සිරස මාධ්‍ය ලෝකයටම එය විකාශණය කිරිම ගැන පොලිස්පතිවරයා ස්තුති කලයුතුය. අදවන විට ලංකාවේ ජනතාවගේ අප්‍රසාදයට මෙන්ම ගැරහුමට ලක්වඇති ප්‍රධානම ආයතනය පොලිසියයි.
ඒ පහර දෙන පොලිස් නිලධාරින් දෙදෙනාට විරුද්ධව නිතිය ක්‍රියාවේ යෙදවිමට ප්‍රථම ඒ නිලධාරින් අනුයුක්ත පොලිස් ස්ථානාධිපති වරයා වහාම ස්ථාන මාරු කලයුතුය. පොලිස් ස්ථානාධිපතිට තම නිලධාරින් මෙහෙය විමට නොහැකි බව ලොවටම හෙලිවිය.
වරද කුමක් වුවත් මහජනයාට පහර දිමට කිසිදු බලයක්,අයිතියක් නිතියෙන් කිසිදාක පොලිසියට දි නැත. මෙම පහර දුන් නිලධාරින් දෙදෙනාම රථ වාහන අංශයේ නිලධාරින්ය. මෙම නිලධාරින් අඩුම තරමින් රථ වාහන වැරැදි යනු අපරාධයක් නොවන බවවත් නොදනි.
මෙම යතුරු පැදිකරුට බිමදා ගෙන පහර දෙන එම නිලධාරින් වහාම අත්වඩංගුවට ගෙන “මහජනතාවට කෲර වධහිංසා හා අවමන් සහගත ලෙස සැලකිමේ ” චෝදනාවට අනුව අධිකරණයට වහාම ඉදිරිපත් කලයුතුයී.
පොලිස්පතිවරයා කලයුත්තේ මෙවනි නිලධාරින්ට නැවත කිසිදාක පොලිස් සේවාවට පැමිණීමට නොහැකි වන ලෙස පොලිස්දෙපාර්තමේන්තු විනය සංග්‍රහය යටතේ ක්‍රියාකොට මෙවනි තිරිසන් සත්තු පන්නාදමා මෙම ආයතනය දැන්වත් සුද්ද කලයුතුය.

Be the first to comment on "පොලිසිය ජනතාවගේ මිතුරෙක් වන්නේ මහමගදි මිලේඡ්ච ලෙස ජනතාවට පහර දීමෙන්ද….. ?"

Leave a comment

Your email address will not be published.


*