කොරෝනා වලින් පසු අපි කුමක් කරමුද……………….?

මිහිකතම සලිත කරමින් ඇසට නොපෙනෙන තරම් වූ covid 19 පවුලේ “කොරෝනා” නම් වයිරසය මානව ජීවන චක්‍රයට දරාගත නොහැකි පරිදි ඔච්චම් කරමින් ලෝක 🌎 වාසී සියලු මනුෂ්‍යන්ගේ ජීවිත වලට මරණයේ වරෙන්තුව ලභා දී ඇත..
ගිය දේ ගිය මුත් අතීත ආවර්ජනය නොකලම බැරි එකකි.. මේ ගෝලීය ව්‍යසනය තුළ අප නිසි අවාතාවේ ඍජු නිවැරැදි තීන්දු තීරණ ක්‍රියාත්මක කලාද යන්න අප පසු විපරම් කල යුතුව ඇත ඒ මක්නිසාදයත් අපට උගත් පාඩම් බොහොමයක්  අනාගත අභිලාෂයන් වලට එක් කරගත හැකි බැවිනි.
    අප අපේ ජීවිත ඉතා යාන්ත්‍රික ලෙස අජීවව් පව්ත්වාගනිමින් මුදල් 💰 මතම යැපෙමින්, චාම් සරල ජීව්න රටාව ස්ව්භාව දර්මයට අනුග්තව ක්‍රියාත්මක නොකොට කිසිදු  හරයාත්මක ගුණාත්මක බවකින් තොර කෘතිම ජීවිත ගත කල බව අපට ඉතා මැනවින් අවබෝධ කර දුන් කොරෝනා විටක ඇදහීමට තරම් වටිනා පාඩ්ම් අපට අවබෝධ කලහ….
කෙසේ වෙතත් අපට නිවරදිව මෙම.වසංගත තත්වය කෙදිනක.පාලණය කොට පරාජය කල හැකි දැයි කිව නොහැක. නමුත් අපට ස්වයං නිරෝධායනට ලක් වෙමින් නිවෙස් වලම රැදෙමින් එයට සහාය දැක්වීම මේ මොහොතේ  ඉතා වටිනා කැපවීමකි.
නමුත් මේ මොහොතේ උද්ගතව ඇති ගෝලීය වසංගත තත්වය සමග ඉදිරියේදී ගෝලීය ආර්ථික අර්බුදයක් ලෙස මේ මොහොතේ සිටම වර්ධනය වන මේ තත්වය ලෝකවාසී සියල්ලන්ටම විශාල තර්ජනයක් වීම කිසිසේත් වැලකිය නොහැක…
තවද අප රටට කොරෝනා වසංගතය ඇතුලු නොවුනද අප ඉතා අවධානම් ණය බරිත ආර්ථිකයක් හිමිව තිබීම නිසා ඉදිරිය පැහැදිලිවම ඉතා භයංකර කර්කෂ එකක් වනු ඇත.
එනමුත් අපද මේ තත්වයට මුහුණ දෙමින් සිටින මොහොතක අප රටේ ආර්තික අනාගතය ඉතා අවධානම් කාරී වන බව වගකීමෙන් ප්‍රකාශ කල හැක
 අප රට තුළ ඇති විදෙස් සංචිත රට තුලම රදවා ගැනීමට කටයුතු කලයුතුවම ඇත.
ඒ වෙනුවෙන් අප භාණ්ඩ පරිහරණයේ දී සහ පරිභෝජනයේදී දේශීය දේ වෙත නැඹුරු වීම කලහැකි ඉතා කාලෝචිත ක්‍රියවක් වනු ඇත.අපේ අහාර රටාවන් යම් වෙනසක් කරමින් ආනයනික පරිභෝජනය තුළින් ඉවත් වී දේශීය පරිභෝජන ද්‍රව්‍ය ආදේශ කරගත යුතුව ඇත..
උදාහරණ ලෙස÷
1) දේශීය කිරි ගවයන් ගේ දියර කිරි. (ආනයනි කිරි පිටි  භාවිතයෙන් සහමුලින්ම ඉවත් වීම)
2)උදෑසන දියර කිරි වෙනුවට කොලකැද පලතුරු යුෂ වැනි ස්වාභාවික පාණයන්ට අනුගත වීම.
3)ඔබ හුරු පුරුදුව සිටින කෘතිම බීම වර්ග පානය වෙනුවට ස්වාවික ගුණ දෙන පොල් වතුර,තැඹිලි,කුරුම්බා,තල් වනි පානයන් භාවිතා කිරීම
4)එමෙන්ම ඉතා ශක්තිජනක ආහාරයක් මෙන්ම ස්වාභාවික සංඝටක බහුල කොස් ආදේශකයක් ලෙස භාවිතය. ( කොස් පොලොස් පැහි වංකොස් අවස්තා කීපයක්ම ඇත
එමෙන්ම වලි කොස් ඇට කොස් ඇට අටුකොස් )
5) තවද ශරීර අභ්‍යන්තරය තුල යහපත් ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීමට කෙසෙල් බඩ හා ගස්ලබු ( පැපොල් )එකට මිශ්‍ර කර පිස ගන්නා “නියඹලාව” වැනි දේශීය ආහාර
ඉහත දක්වූ සියල්ල වෙනුවෙන් ඔබ මේ දිනවල නිරෝධායනට ලක් වෙමින් නිවෙස් වල ගතකරන කාලය අනාගත ආයෝජනයක් ලෙස සාර්ථක ලෙස යොදාගත හැක.
ඒ සදහා මේ කාලය ඔබ කළමනාකරණය ගත යුතුය.
වහාම ඔබේ ගෙවත්තේ ඇති භූමි ප්‍රමාණය අනුව ඔබට වගාකල හැකි භෝග තීරණය කලහැක. එමෙන්ම ඉතා අඩු ඉඩක උවද සාමන්‍ය සිව් දෙනෙක් ගෙන් යුතු පවුලක් සදහා (අඩුම ඉඩක් සතු භූමි භාගය පුරා විහිදුන නිවසක්  සහිත පර්චස් 10ක බිම් කඩක වුවත්) එදිනෙදා අවශ්‍ය එළවලු ප්‍රමාණය අපට ලභා ගත හැක.
ඒ සදහා වගාකල හැකි ක්‍රම හා අවම ඉඩ කළකගැනීම ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරීම්ට බලාපොරොත්තු වෙමු.
එසේ වගාකල හැකි. .
ගෙවතු භෝග කීපයක්………….
(මාළු මිරිස්,🍅 තක්කාලි ,පදුරු බෝංචි,මෑ වර්ග පොලොන්/හවරි, බණ්ඩක්කා,වම්බටු,දඹල,අවර,වැටකොලු,කරවිල,කතුරුමුරුංගා,නිවිති,ගොටුකොල,කංකුං,සාරණ,පෝච්ච් ගෝවා,මිරිස්,රාබු වැනි භෝග මෙන්ම තවත් මෙවැනි භෝග රාශියක් ඇත.
එමෙන්ම ඉතා කුඩා කල පූදින තැඹිලි පොල් මෙන්ම පලතුරු භෝගද මේ වනවිට උසස් ලෙස අභිජනනය කල ප්‍රභේද ඇත.
එනිසාවෙන් ඉදියේදී රටක් ලෙස අපි මුහුණ දිය යුතු ගැටළුකාරී ආර්තික අර්බුදය ජයගැනීමට නම් මේ මොහොතේ සිටම දූරදර්ශීව ක්‍රියාත්මක විය යුතුය.  ඔබට පුරවැසියකු  ලෙස ක්‍රියාත්මක වියහැකි වීම තුල රටත් ඔබේ පවුල් සංස්ථාවත් ඉතා සුරක්ෂිත මෙන්ම නීරෝගී සෞභාග්‍යයමත් අනාගතයක්ට පියවරක් තබනු නියතය…
එක්ව නැගිටිමු
අභියෝග ජයගමු.
මිනිස්කම් මතින් විනය ගරුක යුක්ති ගරුක
පුරවැසියන් වෙමු.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය.

Be the first to comment on "කොරෝනා වලින් පසු අපි කුමක් කරමුද……………….?"

Leave a comment

Your email address will not be published.


*