කෝවිඩ්19  (covid 19) සහ අපේ මාධ්‍ය වගකීම ඉටුවනවාද……………….???

covid 19  කණට ඇසී ඇති වාර ගණනත් ඇසට පෙනුන රූප රාමුත් ගණනින් මෙපමණක් යැකි කිව නොහැකි තරම්ය..
එමෙන්ම විෂය දැනුමෙහි ප්‍රවීණ වූ වෛද්‍යවරුන් හා නිරෝධායන ක්‍රියාවලියේ නියුතු පිරිස් මෙන්ම සජීවීව එම අත් දැකීම් විදිමින් ඒ පීඩාකාරී භයානක වයිරසයේ ප්‍රතිවිපාකයන්ට මුහුණ දෙන්නන් විසින් සමාජ මාධ්‍ය භාවිතයද ඇතුලුව ප්‍රධාන මාධ්‍ය නාලිකාවලින් විවිධ ආකාරයේ ප්‍රචාරණ  කටයුතු සිදුකලද ඉන් සාධනීය ප්‍රතිඵල අත්වී ඇත්ද යන ගැටලුවට පිළිතුර නම් එය එසේ,මේවන තෙක් නොවූ බවය..
උදාහරණයක් ලෙස ඕනෑම බාල තත්වයේ පාරිභෝගික භාණ්ඩයක් රසාස්වාදයක් එනම් අර්ථවත් පද පෙලක් තනුවක් හා කුසලතාවකින් තොර හඩක් සහිත ගීතයක් ජන මනස තුල,සමාජය තුල බලහත්කාරයෙන් පටවා එයට ඇබ්බැහි කරවීම වර්ථමාන මාධ්‍ය ව්‍යාපාරයේ (ගරිල්ල මාකටිං ) ඉතා සුළභව දක්නට මෙන්ම උපන් හපන් කම් ඇත්තන්ගෙන් පිරී ඉතිරී ගොස්ය,
එනිසාවෙන් ගෝලීය වසංගත තත්වයක් ලොවට ප්‍රකාශ කර ඇති මොහොතක එසේම ලොව දියුණුම  වෛද්‍ය විද්‍යා දැනමෙන් පරිපූර්ණ වූ රාජ්‍යන් තුලත් දස දහස් ගණනින් මිහිකතෙන් සමුගැන්මට ජීවිතයෙන් වන්දි ගෙවනා මෙවන් මොහොතක ශ්‍රී ලාංකේය ජාතියක් මේ උවදුරෙන් වලකාගැනීමේ දී සන්නිවේදනයට ඇති ප්‍රභල වගකීම අප මාධ්‍ය මගින් ඉටු නොවනු ඇත.
මක්නිසාදයත් අප මේ මොහොත වන විටත්  ජන මනසට එක කර ඇති කසිකබල් වැඩ ගැම්මකට නැති ටෙලිනාට්‍යයත් විලම්බීත විකට ජවනිකාත් වෛරය,වර්ගවාදය, ජාතිවාදය,නොමිනිස්කම දේශපාලණික ගැති බවම පසක් වන දසුන් වලින් රූප පෙට්ටිය තුල එකිනෙකා පරයා කරණ තරගයයි.
එක් නාලිකාවක් මෙම දරුණු වයිරසයේ ආධීනවය පසක් කරමින් හරයාත්මක විග්‍රහයක යෙදුනද තවත්
නාලිකාවක් සිහිනෙන් හෝ විශ්වස කල නොහැකි සිද්ධි දාමයන්ගෙන් පිරුණු හින්දි චිත්‍රපටයක් විකාශනය කල හොත් අතිමහත් ප්‍රේක්ෂක බහුතරය විකාර විගඩන් හා ඇදහිය නොහැකි අරුත් සුන් ජවනිකා සහිත චිත්‍රපටය නැරඹීම සත්‍යකි.
එසේනම් වගකිව යුතු සදාචාරාත්මක නාලිකා ලෙස මෙම ගෝලීය වසංගත තත්වය ඉතා වේගයෙන් පැතිරෙමින් අහිංසක ජීවිත බිලි ගන්නා මොහොතක සිහලු මාධ්‍ය නාලිකා ඒකාබද්ධ වෙමින් පටු අරමුණු පසෙකලා ( දේශපාලුවන්ගේ උත්සව ජනහමු ඒකාබද්ධව ඇතිතරම් විකාශනය කරනවා ඇත ) එක් වෙමින් එකම මොහොතේ මෙම ලොවක් භීතියට පත් කල  කොරෝනා වයිරසයේ බලපෑම හා රෞද්‍ර බව වඩවඩාත් ජනතාව අතරට ගෙන ගොස් ඔවුන්ගෙ කලගෙඩි වන් ඔලුගෙඩි තුල අබ ඇට වන් මොළගෙඩි තුල ගරිල්ලා මාකටිං කරන සේ පැලකල යුතුව ඇත..
අවාසනාවකට මෙවන් මාහා ව්‍යස්නයකදී හෝ එක්ව ජයගමු යන සංකල්පයන් ජනගත කරනවා විනා ඔවුන් පටු දේශපාලණික බීජ රෝපණයද ලහි ලහියේ සිදු කරමින් සිටී..
සැබවින්ම මාධ්‍ය වගකීම එසේ ඒකාබද්ධව එක හඩක් එක දසුනක් ලෙස ක්‍රියාත්මක කල හැකි නම් එය නිරෝධායන ක්‍රියාවලියටත් එහි නියැලෙන සියල්ලන්ටමත් අවසානයේ රටත් එහි වැසියාත් අනතුරෙන් බේරාගත හැකි ප්‍රායෝගික ක්‍රියාවලියක් වනු නියතය..
එක්ව ජයගමු..
කොරොනා පරදවමු…
විනය ගරුකව නීතිගරුකව  මිනිසුන් ලෙස කැපවීමෙන් එක් වී කෝවිඩ් 19 උපදෙස් පිලිපදිමින් ජයගමු….
මා හිතාදර,ජපානයේ සේවය කරන නලින් දමින්ද සොයුරා සමග කල සංවාදයකදී පල වූ අදහසක් මත ලියන ලදී
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ
ඉතාලිය

 

Be the first to comment on "කෝවිඩ්19  (covid 19) සහ අපේ මාධ්‍ය වගකීම ඉටුවනවාද……………….???"

Leave a comment

Your email address will not be published.


*