දවසේ සිකුරාදා……..මහින්ද මෛත්‍රිව ගෙන්නලා දුන්න කාල බෝම්බය

මහින්ද රාජපක්ෂ කියන්නේ එසේ මෙසේ චරිතයක් නොවේ. එදා චද්‍රිකාගේ කාලයේ කිසිම වැඩක් නැති ඇමතිකමක් දි මහින්දව පැත්තට කරේ මහින්ද ගැන චන්ද්‍රකාට අනතුරු දායක ඉවක් වැටුන නිසා කියලා තමා සමහර ඇමතිවරු කියන්නේ.
මේ වෙනකොට යහපාලනය මිනිසුන්ට තිත්ත කදුරු වෙලාය. ඊට මිනිස්සු නොයෙකුත් කතා කිවත් ඇහැට පෙන්නම තිය න දේ නම් ඇත්තය. අනේ මහත්තයෝ පාරක තොටක යන්න පුලුවන් යැයි….. හැමතැනකම පාරවල් බ්ලොක් මොකද වෙන කෙහෙම්මලක් නෙමේ පිකටිං, වැඩ වර්ජන ….ආණ්ඩුව බුදි……
ඒ කතාවනන් සහතිකම ඇත්තයි. දැන් මේ වැඩවර්ජනය කොරන උන් මහින්දගේ කාලේ කොහෙද හිටියේ දන්නෑ නේ. යහපාලනයත් දැන් ප්‍රමානය ඉක්මවා ගිහින්ය
ඒ කොහොම උනත් අද වෙන කොට. මහින්ද මෛත්‍රිව පබගාලක පටලවාලා හමාරයි.මෛත්‍රි දිනපු ගමන් මහින්ද මෛත්‍රිට කතානායක නිල නිවසට ගෙන්නලා හෙටම මෛත්‍රි පක්ෂය භාර ගන්න…. කිවේ ඔන්න ඔකටය. අද මෛත්‍රිට එක තේරුම් යනකොට වෙන්න ඔන විනාශය කරගෙන හමාරය. ජනාධිපති කමට මෛත්‍රිව තොරගත්ත චන්ද්‍රිකාටත් නොකියම පක්ෂ සභාපතිකම තමාම තියා ගත්තේ ඇයි කියලා අද වෙන්කොට හිතනවා ඇති. මෛත්‍රි ඡන්දෙට එන්කොට කිවේ …තමා නිර්පාක්ෂික වෙන බවයි. හොරු, තක්කඩියන් ,එලවා දමා ශ්‍රිලංකා නිදහස් ප්ක්ෂය පිරිසිදු කරන් වැඩේ කරන් එකයි. මිනිස්සු ප්‍රතිෂේප කරන අය පාර්ලිමෙන්තුවට නොගන්නා බවයි… මෛත්‍රි චන්ද්‍රිකාට පක්ෂ සභාපති කම පැවරිමට යනබවක් මෙතෙක් කල් දැන්ගන්න නම් නැත.
මොනවද අද මේ වෙන්නෙ බලන් යනකොට මහින්ද පිට ඉදන් මෛත්‍රිව නුල් බෝලෙක පටලවාලය. මහින්ද බලාපොරොත්තු වෙන ජනතා අප්‍රසාදය දැන් මෛත්‍රිට ඔනෑවටත් වඩා ලැබිලා.මොකද මහින්ද දන්නවා කවදාවත් 2020 වෙනකන් ආණ්ඩුව පෙරලන්න බැරිබව. එත් මහින්දට ඔන දැම්මම පිටිය සක කරගන්නයි.
මේ වැඩෙට මහින්ද ඔනවාටත් වඩා හොදට කරනවා එත් ඒක තේරුම් අරන් ඉන්නෙ මෛත්‍රිගේ ඇමතිවරුන්ගෙන් එස්.බි, රාජිතයි,,දෙන්න විතරයි මේ දෙන්නත් එසේ මෙසේ බඩු දෙකක් නොවන් නිසා දෙන්නම ආණ්ඩු කඩපු ආණ්ඩු හදපු දෙන්නෙක් නිසා.
මහින්දගේ ඊළග ගේමත් අති සාර්ථකයි. ඒකට මහින්ද තොරාගත්තේ ජනතාව අප්‍රසාදය තිබුණත්. මෛත්‍රිගේ ළගම ගෝලයෙක්ය. ඩිලාන් මහින්ද්ටත් බැන්ලාතිබුණත් ඩිලාන් ඒ වැඩේට මහින්ද දැම්මේ යු.ඇන්.පි කාරයන් මෛත්‍රිගෙන් කඩා දමන්නයි ඒ විතරක් නෙමේ අද යු.ඇන්.පි කාරයන් හිතන්නේ යු.ඇන්.පි ඡන්දවලින් ඇවිත් දැන් අපිව හලලා ශ්‍රිලංකාරයන් එක්ක මෛත්‍රි අණ්ඩු ගහන්න යනබවයි.
මෙන්න මේ මහින්දගේ ගේම දැන් ජනගත වෙලා ඉවරය.මිනිස්සු දැන් දන්නවා මහින්ද වගේම මෛත්‍රිත් කියන දේ නොකරන පට්ටපල් බොරුකාරයෙක් කියලා.මහින්ද ට ඔනි විදිහටම මෛත්‍රි කරගෙන යනවා.
දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ යු.ඇන්.පි කරයන් හිතන් ඉන්නේ මේ සේ රටම වග කියන්න ඔනි රනිල් කියලා . මිනිස්සු බලාගෙන ඉන්නේ ඊළග ඡන්දෙ එනකන් රනිල්ට හොඳ පාඩමක් උගන්නන්න. මෙන්න මේ දේ තමයි මහින්දට කරගන්න ඔනි උනෙ. අන්න ඒ නිසා තමයි මහින්ද ලෝභ නැතිව පක්ෂ සභහපති කම මෛත්‍රිට බලෙන්ම දුන්නේ. එදා මහින්ද ගේ ආණ්ඩුව කරන හැම දේකටම එහෙයි කියලා හිටපු හැමෝම දැන් මෛත්‍රි ගේආණ්ඩුව කරන හැම දේටම මාධ්‍ය හමු තිය තියා යහපාලනය පතුරු ගහන්නේ මහින්ද නෙමේ මෛත්‍රිගේ ගොලයන්මය. මහින්ද ඔන්න ඔය දේ කරවන්න තමා පක්ෂ සභහපති කම මෛත්‍රිගේ ඇගේ ගැහුවේ. මහින්ද අද ආණ්ඩුව වට්ටන්ට දින දෙන්නෙ නිකන්නන් නෙමේ . මෛත්‍රිට දැන් වෙලාතියෙන්නේ රජකාලේ වෙළෙන්දාට උනු නස්පැත්තියමයි……මඟ හිටියොත් තෝ නහී…..ගෙදර ගියොත් අබුව නහී…………දැන් රටම බලන් ඉන්නේ මෛත්‍රි මඟ ඉදිද ගෙදර යයිද කියලයි……..

අජිත්

Be the first to comment on "දවසේ සිකුරාදා……..මහින්ද මෛත්‍රිව ගෙන්නලා දුන්න කාල බෝම්බය"

Leave a comment

Your email address will not be published.


*