“කණ්ගැට්ටා යන අනුවර්ත නාමයෙන් පිදුන් ලැබු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කියන වගනම්………!!.

ඔබ කියූ නීතිවිරෝධීව ඉතාලියට ගිය අය තමා දැන් ඇවිත් සැගවී සිටින්නේ යැයි කරන ලද ප්‍රකාශය සම්පූර්ණ බොරුවක්.
අජිත් රෝහණ කිව්ව නිසාම ඒ බොරුවම ගිරව් වගේ කියවන මිනිසුන් කොටසකුත් සිටින නිසා මෙසේ ලියන්නට විය.
බෝටටුවෙන් හරි වෙන හොර ක්‍රමයකට හරි හොරෙන් ඉතාලියට ආව කාටවත් නැවත ඉතාලියෙන් නිතියානුකූලව  ගුවන් මගින් කිසිසේත් යාමට නොහැකිය . එහෙම යන්න පුලුවන් ඉතාලියේ ආරක්ෂක අංශ අත්තඩංගුවට ගෙන පිටුවහල් කරන අවස්ථාවකදී පමණයි.
අජිත් රෝහණ කියන දේවල් එක්ක ඔහුට කියන්නට තිබෙන්නේ ඔහු ඉතාලියේ නීතිය නොදන්න සියල්ල දන්නවා යැයි තප්පුලන අජිත් රෝහණ නොදන්නා බව ඔහු නොදනීම අවාසනාවකි. 
කලින් කිව්ව විදිහට නීත්‍යානුකූල නොවන කෙනෙක් ඉතාලියේදී ඉතාලි ආරක්ෂක අංශ  අත්වඩංගුවට පත්ව ගුවන් මගින් පිටුවහල් කිරීමකදී, එක ලංකාවට බැස්සෙව්ව ගමන් ලංකාවේ Immigration එක ගුවන් යානය තුලටම  පැමිණ අත්වඩංගුවට ගන්නා බවවත් නොදන්නා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බව කීමටත් ලැජ්ජහය..එසේ නොමතිව ගුවන් යානයකින් පැමිණි අයෙකුට යානය නතර කලවිට ජනේලයෙන් පැන යා නොහැකිය. එහෙත් බලධාරින් ප්‍රකාශ කරන ආකාරයට එවැන්නක් සිදුව ඇත්නම් වහාම ගුවන් තොටුපල වගකිව යුතු පුද්ගලයන් අත්වඩංගුවට ගතයුතුය. එහෙම ගිහින් නම් ඔය සැගවී ඉන්නවායැයි කියන්නේ මුලින්මඒ ගුවන් තොටපල බලධාරීන්ව අත්වඩංගුවට ගත යුතුයි.
ඉතාලියට හොර ක්‍රම වලින් බෝට්ටු වලින් ලංකාවේ මිනිසුන් එන්නේ නැද්ද?
පිලිතුර අදටත් එහෙම එනවා. හැබැයි දැන් ලංකාවෙන් බෝට්ටු වලින් එන්න බෑ.
බෝට්ටු වලින් ලංකාවේ ඉතාලි ආවේ මම හිතන්නේ 2000-2003 අතර. ඊට පස්සේ එහෙම එන්න තිබ්බ ඉඩ සම්පූර්ණයෙන්ම වැලකුණා ලංකා රජයත් ඉතාලි රජයත් අතර ඒ කාලේ අත්සන් කරපු ගිවිසුමකට අනුව. ඒ අනුව ලංකාවේ නාවික හමුදාවත්, වෙරළ ආරක්ෂක බලකායත්, කයිරෝ නුවර වෙරළ ආරක්ෂක බලකායත්, ඉතාලි නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක බලකායත් ඒ අයව අත්වඩංගුවට අරන් නැවත ලංකාවට පිටුවහල් කරනවා. එතකොට ඒඅයව ලංකාවේ ගුවන් තොටුපලෙන්ම අත්තඩංගුවට අරං බන්ධනාගාර ගත කරනවා.
එහෙම ඉතාලියට හොරෙන් ආව අයව උනත් ඉතාලියෙන් නීත්‍යානුකල කරලා තියෙනවානම් ඒ අයව ලංකාවේ Immigration එකෙන් ප්‍රශ්න කිරීම්වලට ලක් කරන්නත් බෑ.
එහෙම නීත්‍යානුකූල කරන නීති ඉතාලිය 2003, 2004 වසරවල් වල වගේම අන්තිමට ඉතාලියේ 2011 දීත් ලබා දීලා නීති විරෝධී සංක්‍රමනිකයන්ව නීත්‍යානුකූල කරා. එහෙම නීත්‍යානුකූල වෙච්ච මම දන්න අය මේ වෙද්දි 4ර 5ස් පාරක් ලංකාවට ඇවිත් ගිහල්ලත් ඇති. ඒ අයට විරුද්ධව ලංකාවේ Immigration එකට නීතිවිරෝධී සංක්‍රමනයකට ලක් උනාය කියලා කටයුතු කරන්නට බැහැ.
එහෙම හොරෙන් ඇවිත් තාම නීත්‍යානුකූල වෙන්න බැරි උන අය ඉතාලියේ 40000 ක් විතර මට හැගෙන පරිදි ඉන්නවා මේ වෙද්දි. ඒ කියන්නේ 2011 ඉදලා මේ වෙනකන් ආව අය. ඒ අය එක්කෝ වෙනත් යුරෝපීය රටකට ඇවිත් ඉතාලියට ආව අය හෝ ටුවරිස් වීසා මත ඇවිත් මෙහෙ නැවතන අය.
ඒ අයට ලංකාවට යන්නත් බෑ. නීත්‍යානුකූල විදිහට මෙහේ රෝහල් වලට යන්නත් බෑ. ඒඅය මේ වගේ මොහොතක ගොඩක් අසරණ වෙලා. අපිට හැකි විදිහට ඒ අයට මෙවෙලේ පිහිට වෙන්න අපි මොනාද කරන්න පුලුවන් කියලා සොයා බලමින් ඉන්නවා.
පොලිස් නිල ඇදුම ඇන්ද පලියට තමා නොදන්නා දේවල අසා දැන ප්‍රකාශ කිරීම වගකිව යුතු පුද්ගලයන් ගේ වග කීමකි.. අපි දන්නවා ලංකාවේ කොරෝනා තත්වය මර්ධනය කරන්න පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විශාල පරිශ්‍රමයක් දරනවා. එහෙම තියෙද්දි මොනයම් හේතුවකට හෝ නිරෝධායනයට ඉදිරිපත් නොවී බැහැරව ගොස් සිටින අයව සොයා ගන්නට අපිටත් දිය හැකි සහයෝගය දෙනවා.
ඒ අයගේ තොරතුරු ප්‍රසිද්ධ කරන්නට පුලුවන් නම් ඒ අය ගැන නිවැරදි තොරතුරක් දෙන්න මෙහෙ ඉන්න ලාංකිකයන්ටත් හැකිවේවි.කලින් කලට පොලිස් මාධ්‍ය ගිරවුන් පියාබා ඒම අපිට හුරුපුරුදුය. කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශව සිට ඔබ කලකී දෑ පිලිබදව අපි නොදන්නවා නොවේ .
කලින් කලට පොලිස් මාධ්‍ය ගිරවුන් පියාබා ඒම අපිට හුරුපුරුදුය. කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශව සිට ඔබ කලකී දෑ පිලිබදව අපි නොදන්නවා නොවේ .මේ රටේ කෞතුකාගාරය කඩා ඉතාම මිල කල නොහැකි රජ කඩුවක් සොරා ගැනීම නතර වුයේ ඔබට ” කණ් ගැට්ටා ” යන අනුවර්ත නාමයකුත් පට බැදඟනය.
ඒ නිසා මෙවනි වගකීම් විරහිත ප්‍රකාශ කිරීමට පෙරදෙවරක් සිතා බලන ලෙසට ඔබට මතක් කරනු කැමැත්තෙමි.
ස්තූතියි
මම ලකිත් ශ්‍යාමන්.
ඉතාලියේ මිලානෝ නුවර සිට.
කතෘ සටහන :
අප ගේ පාඨකයෙකු එවන ලද ලිපිය සංස්කරණයෙන් තොරව පලකරන්නෙමු.

Be the first to comment on "“කණ්ගැට්ටා යන අනුවර්ත නාමයෙන් පිදුන් ලැබු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කියන වගනම්………!!."

Leave a comment

Your email address will not be published.


*