කොරෝනා සිහිකල අනිත්‍ය…………………!!

  • චීනයේ වූහාන් නගරයෙන් උපන් ඔබ.………………
    මිහිකත සිසාරා සාමාන්‍යය වයිරසයක් ලෙසින් සංචාරයේ යෙදෙමින් සමස්ත මානවයා  සංහාරයට ලක් කරමින් මිහිකතේ අයිතිය ඇයට ලභා දෙන බව දනිමු..
    එහෙත් එමබල වයිරසය තී  එයා බෝර්න් බව අපෙන් සැගවූයේ වඩ වඩාත් මහා රැවටීමකට ලක් කරමින්ය……..
    මෙසේ මානවයාට දැරිය නොහැකි අසානුකම්පිත වෛරීය දඩුවමක් දායාද කලද අපට ඇගිල්ලක් දිගුකොට චෝදනා කිරීමට නොහැක…
    සොභාදහමේ ධර්මතාවන්ට  “දෛලෙක්තික භෞතික වාදී  ” සංකල්පයන් වඩවඩාත් පසක් කරන්නේ සියල්ලෝම සොභාදහමේ ධර්මතාවන්ට නතු බවය..
    අපි එය දැන්වත් පිළිගත යුතු සත්‍යකි………….
    එහෙත් එම්බල කොරෝනාවනි.……………,
    මේ තරමට අකාරුණික නොවන්නැයි ආයාචනය කරමු.. මක්නිසාදයත් දිනෙන් දින ගතවන තත්පරෙන් තත්පරයට මරණයේ භයංකර බව මොනවට පැහැදිලි කරමින් පෙන්වාදෙන්නෙ මිහිකතට ද්‍රෝහී වීමේ ප්‍රතිඵල  බව දනිමු..
    අදත් ලොව පුරා   දසසහස් ගණනින් මිහිකතේ සුව වින්දන්
    වින්දිතයන් කරමින් අවසන්  ගමන් ගොසින් හමාරය………..
    මරණය කෙතරම් බිය්කරු වුවද අවසන් සුසුම් හෙලන මොහොතේ හෝ තම සමීපතමයන් දැකීම දොඩමලු වීම පෘතක්ජන අපේ ආශාව වෙන්නෙමු……………..
    එය මව,පියා,බිරිද,ස්වාමියා,දුව,පුතා,මුණුපුරන්,මිණිබිරියන්  ,මිත්තණියන් හෝ මුත්තණුවන් දැකීම විය හැක..එහෙත් මොනයම්.ආකාරයේ අසම්මත වරදක් කලද ඒ ඒ මිනිසා අදහන ආගමානුකූලව තම නිරුද්ධ වූ ප්‍රාණයට යම් අස්වැසිල්ලක් සාධාරණයක්  ඉටුකිරීමට යම් ඉඩහසරක් වෙන්ව තිබුනද  මේ කුරිරු වයිරසයේ ගොදුරු වන අපට ඔබ එම අයිතිද උදුරාගෙන ඇත්තේ අකාරුණික ආකාරයෙණි..
    ගතවූ පැය විසිහතරක කාලය තුල එවකට මිහිකතේ පාරාදීසය නම් ඉතාලියයෙන් ජීවිත හයසිය විසි හතක් (627) බිලිගත්තද  අසානුකම්පිතව අවසන් ගෞරවයට ඉඩ නොතැබූ කොරෝනාවට කෙසේ අවධාරය කරමුද??
    කිසිවක් නොලියමු කිසිවක් නොකියමු…
    මේ අපට සමුදෙන්නේ මිනිස් ජීවත බව පමණක් නැවත නැවත ලියන්නෙමු කියන්නෙමු ඉන් එහාට කිසිවක් නොකල හැකි බව දණිමු…අසරණව බලා හිදිමු….
    යලිත් පිඹිදෙමු පණ ගනිමු…………..
    ඉතාලිය කියමින් සමුගමු……………
    Image result for italy coronavirus
    සුමුදු මද්දුමආරච්චි……
    ලෝකයේ වැඩිම මිනිසුන් මියයන ඉතාලියේ සිට ලියයි…………..

Be the first to comment on "කොරෝනා සිහිකල අනිත්‍ය…………………!!"

Leave a comment

Your email address will not be published.


*