ලංකා මාතාවට සිදුවු සෑම ව්‍යසනයක්ම රාජපක්ෂලා ගේ දේශපාලන වාසියට යොදා ගත්තා සේ කොරෝනා වෛරසයත් තම පවුලේ බලය වෙනුවෙන් යොදා ගැනීට ගෝඨාභය සුදානම්………….!

රටවල නායකයන් තම රටේ ජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ කැපකිරීම් කරන විට ලාංකීය අමන ජනයා ගේ නායකයා දිවාරාත්‍රි වෙහෙසෙන්නේ තම 2/3 බලය ලබාගැනීම වෙනුවෙන් වීම නින්දිතය. මේ වනවිට කොරෝනා වෛරසය ලංකාවේ විවිධ පලාත්වලට ව්‍යාපතවීම ඉතාම කනගාටු දායකය. එවනි මොහොතක ජාතිය ඇමතු ගෝථාභය රාජපක්ෂ සිනහා මුසු මුහුණින් ඉල්ල සිටියේ ” අපිට 2/3 ලබා නොදෙනවානම් උඹලා ගේ කොරෝනා පිලිබදව කටයුතු කිරීමට පිලිවලක් නොමති බවයි ……” රටක් නායෙකුට තබා මෙවනි ප්‍රකාශයක් කිරීමට සාමාන්‍ය සිහිකල්පනාවක් ඇති කිසිවකුත් නොකරන බව නම් සහතිකය.

එසේම කුමණ වැරදි තිබුණත් මහින්ද රාජපක්ෂ මෙවනි අවස්ථාවක මවාගත් දුක් මුසු බවින් ජනතාව ගේ 2/3 ඉල්ලුවත් මේ ආකාරයේ අමනුෂ ලෙසට නොකියන බව සහතිකය. මෙය ගෝඨාභය ගේ මැතිවරණයට පෙර තත්වයනම් මැතිවරණයෙන් පසුව තත්වය එදා රතුපස්වල අහින්සක මිනිසුන් වතුර පොදක් ඉල්ලු විට වෙඩිතබා අහිංසක දරුවන් මැරුවාට නොදෙවෙනි වනවා නොවනු මානය.

දැන්වත් රටේ ජනතාව බුද්ධිමත්ව සිතිය යුත්තේ පරිප්පු ටිකට ,සැමන් ටින් එකට තම දරුවන් ගේ අනාගතය භාරදෙනවද කියා මිස වෙනත් කිසිවක් නොව. රාජපක්ෂලා හා උන ගේ වරඉගයට හෝ යන්තමින් ගෑවුන් උන්ට සැල්කීම ඉතාම හොදට පෙන්නුම් කලේ පසු ගිය දා එංගලන්ත යේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන්වා ගත් දරුවන් සුපිරි නිරෝධායනයට  A C  කාමර ඇති අධි සුඛෝප භෝගි යුධ හමුදා නිවස්නයන්ට යැවීමම මෙරට ජනතාවට රාජපක්ෂ් ලා දුන් කම්මුල් පහරකි.

ඒබවවත් තේරුන් ගැනීමට ලාංකීය ජනතාවට මොලේ පෑ දේවායි අපි ප්‍රර්ථනාකරමු. කෙසේ වෙතත් රජපක්ෂලා වටින්නේ ජනතාව කෝරෝන වසන්ගතයට දිනෙන් දින බිලිවීම පිලිබදව නොව රාජප්ක්ෂලා දිනෙන් දින ගනන් බලන්නේ සජිත්ලා ,රනිල්ලා එකම ලැයිස්තුවකින් නොයවා දෙකඩ කඩා නාමයෝජනා ලැයිස්තු දෙකක් දම්මවා ඊළඟ පාර්ලිමේන්තුවේ 2/3 පිලිබදව ගනන් බැලීමය.

සහතිකවම ගෝථාභය විසින් නාමයෝජනා භාර ගැනීම අවසන් වු වහාම මැතිවරණය කල්දානව ය.

මේ නිසාම රටේ ජනතාව වසර 71 පුව්‍රාවටම විශ්වාස තැබු කාලකන්නි පාලකයන් කෙරෙහි අබමල් රේණුවක් වත් විශ්වාස නොකල යුතුය.

ඊට විකලපයක් වෙනුවෙන් ජන්තාව ගේ ජන් බලයක් ගොඩනගා තම දරුවන් ගේ හා නුපන් දරුවන් ගේ අනාගතයවත් වහල් භාවයෙන් මුදවා නොදමන්නේ නම් තවත් වසර 71 ක් පුරාවටම රට වහළුන් ගෙන් පිරි භූමියක් වී විනාශවෙනු ඇත.

අජිත්….

Be the first to comment on "ලංකා මාතාවට සිදුවු සෑම ව්‍යසනයක්ම රාජපක්ෂලා ගේ දේශපාලන වාසියට යොදා ගත්තා සේ කොරෝනා වෛරසයත් තම පවුලේ බලය වෙනුවෙන් යොදා ගැනීට ගෝඨාභය සුදානම්………….!"

Leave a comment

Your email address will not be published.


*