පොලිස් නාකොටික් යනු ශ්‍රි ලංකාවේ කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයයි. එය වැසුදාට ලංකාවේ කුඩු නවතිවි.

.මෙම ලිපිය ලිවීමට පෙර ඉතාම ගවේශණාතමක් විමර්ෂණයක් කර ලබාගත් දත්ත තහවුරු කරගත් බැව් ඉතාම වගකීමෙන් මතක් කරමු.පොලිස් නාකොටික් ඒකකය පිලිබදව කොපමණ අපවෙතට ලිපි ඊමේල් පණිවුඩ ආවත් ඒ සියල්ල පිලිබදව සොයාබැලීමට තීරණය කලේ ශ්‍රි ලංකාවේ අනාගතය මුළු මනින්ම විනාශයට පත්වෙමින් තිබෙන නිසාවෙනි.

පොලිස් නාකොටික් අංශය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත ඉතාම හොද නිලධාරියෙකු වුවත් මේ වනවිට ඔහු වෙලේ හිටවපු පබයකුටවඩා අන්තවී ඇත්තේ ඔහුව පොලිස් නාකොටික් කුඩු මුදලාලිලා ගේ ග්‍රහණයට හසුව ඇති නිසාවෙනි. නාකොටික් අධ්‍යක්ෂක ගේ හා නියෝජ්‍ය පොලිස්පති ගේ ඉතාම හොදම නිල්ධාරින් දෙදෙනෙකු ඉතාම කඩිසරව කුඩු වැටලීම කරත් ඒ අසුවෙන් කුඩු වලින් බොහෝමයක් ඇත්තේ අයිතිකරුවෙකු නොමතිවය ඒවාට සැකකරුවෙකු නැතුව අසු වෙන බඩුය.

පොලිස් පරික්ෂක සුබෝධ හා උප පොලිස් පරික්ෂක උදාර යනු ගහයි පොත්තයි සේ නාකොටික් අංශය තුල සිටින්නේ ගතමනාව හරියට බෙදා ගැනීම වෙනුවෙනි. නාකොටික් අධ්‍යක්ෂකව සිටි හා එහි නියෝජ්‍ය පොලිස්පති වු කමල් , රංගනයෙන්ම කෝටි පතියන් වී සිටින රංගජීවලා ,අජිත්ලා මේ සියල්ලම ඇල්ලු
කුඩු කිලෝගනන්ය ඒ සියල්ලම හසුව ඇත්තේ කොහේ හෝ මුදුද මැදදීය ඒ සමඟ සැකකරුවන් ලෙසට හසුව ඇත්තේ රාත්‍ය්තර කුඩු ජාලය මෙහෙය වන ඉරානජාතිකයන්ය ඔවුන් ඉරාන කුලී හේවායන් සමාන කුලියට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන්ය.

ඒ නැව් වකින් හසුවන් කුඩු කිසිවකට ලංකාවේ නියෝජිතයා හසු නොවන්නේ ඇදැයි කියා පොලිස්පති හෝ රටේ ජනාධිපතිවත් නොවිමසන් නේ ඒ අයත් කුඩු වලින් පිනා ගොස් ඇති නිසාවෙනි. මේ සෑමවිටම සිදුවන්නේ ජාත්‍යන්තර ජාවාරම් කරු ගෙන් කුඩු ලබාගන්න ලංකාවේ නියෝජිතයා තමා ගේ කිලෝගනන නැවෙන් ලබා ගෙන මුහුදේ සිට ඒන් අතර තුරම රංගජිවට , සුබෝධට හෝඋදාරට ඔත්තුව දී සුබෝධලා ,උදාරලා ලවා නැවේ තිබෙන කුඩු ලංකාවේ තවත් කෙනෙකුට විකිනිමට නොදී පොලිස් නාකොටික් එකෙන් ගොස් ඉතාම සුවිශේෂ ලෙසට වැටලීමාක් සිදු වේ.

ඒත්සමගම හසුවන් කුඩුවලින් කිලෝ 4 ක් හෝ 5 සුබෝදත් උදාරත් අතරේන් නැවතත් වෙලද පොලට යයි. ඊට අමතරව ලංකාවේ මහා පරිමාන වෙලෙන්දා ගෙන් ලක්ෂ 10 ක් අඩුම මසකට ලැබෙන ආකාරයට සියල්ලම සකස්කර ගෙන ඇත. පොලිස්නාකොටික් අංශයේ සිටින් නිලධාරින් ගේ වත්කම්පිලිබදව සොයා බලන ලෙසට අපි අවස්ථා ගනනාවකදී කීවත් රටේ මහවුන්ට කුඩු නැති රටක් නොව උන්ගේ අවශ්‍යතාවත් කුඩු ඇති මොඩයන් ඇති සමාජය උන්ට ආශිර්වාදයකි. ඒ නිසාම මේවා ගේ අගමුල සෙවීමට කිසිවකුත් ඉදිරිපත් නොවෙනු ඇත.

 ඒවෙලද පොල කොපමන දුරට කුඩු වෙලදාමට සක්‍රියවම දායක වන්නේද යන්නට හොදම් උදාහරණය පසුගිය දිනයක පොලිස් නාකොටික් නිලධාරින් වැටලීමට ගොස් සිටියදී එක් ස්ථානයකදී වැටලීම කලවිට ඒ කුඩු ලබාදී තිබී ඇත්තේ සුබෝද පොලිස් පරික්ෂකයාවිසිනි ඒත් සුබෝධ හා උදාර නියෝජ්‍ය පොලිස්පති ගේ අගස්වු වරු නිසාම නිලධාරින් ඒ වැටලීමේ හසුවු සියල්ලම කුඩු රැගෙන පැමිණ ඉන් ඔබ්බට විමරෂණයක් නොකර ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කා‍යංශය නිලධාරි සියල්ල ගේම ප්‍රධානම ආදායම වී ඇත්තේ හෙරොයින් ප්‍රති විකුණුම් කරණයයි මින් රටක් නැව් ගනන් කුඩු ඇල්ලුවාට වැඩක් නොවන් බව අපි සාක්ෂි ඇතුව මීට පෙරද කියා ඇත.

නාකොටික් අංශයේ පරිපාලනය භාරව සිටින පොලිස් අධිකාරි ඊටම නොදෙවනි ආකාරයට මුදල් උපයන්නේ ඉතාම සංවිධාතමකවය 2019/10/17 වන් දින් මහර අධිකරණයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ගේ දුරකතනයේ විශ්ලේෂණ වාර්ථාවක් අංක 4161 නඩුවට අදාලව ලබා ගැනීමේ දි ඒ මත් ද්‍රව්‍ය ජාවාරම් කරු සමඟ වැඩිපුරම පැය ගනන කතා කොට ඇත්තේ නාකොටික් නිලධාරින් රාජකාරි යොදවන පරිපාලන භාර පොලිස් අධිකාරි ජගත් රොහණ නිලධාරියාය.මෙයින් පෙනීයන්නේ ඉහල සිට පහළටත් පහල සිට ඉහලටත් ඉතාම තද වෙලද මාෆියාවක් පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍ය්නශය තුල ගොඩනැගී ඇති බවය.

මේ සියල්ලටම විරුද්ධ බොහෝ නිලධාරින් නාකොටික් අංශයෙන් ඉල්ල අස්වී වෙනත් ස්ථානවලට යාම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. පොලිස් නාකොටික් අංශයේ සේවය කරණ පොලිස් සැරයන් වරයකු සතුව මේ වන්විට ඇල්පිටිය ,පිටිගල ,මාතර ප්‍රදේශවල අක්කර 50 ක් පමණ ඉඩම ඇත.

මත්ද්‍රව්‍ය වලට දිනෙන් දින් ශ්‍රි ලංකාවේ තරුණයන් බිලිදෙන්නේ    පොලිස් මත්ද්‍රවාඅ කාර්‍ය්‍යංශය බැවින් ජාති යේ උන්නතිය වෙනුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය අංශය වහාම වසා දැමීම රටේ අනාගතයට යහපත් බව අපගේ විශ්වාසයයි.

( මීළඟ ලිපියෙන් පොලිස් නාකොටික් අංශ යේ හිටපු හා ඉන්න නිලධාරින් ගේ වත්කම් ඡායාරූප සමඟ බලා පොරොත්තු වන්න ).

07/25

Be the first to comment on "පොලිස් නාකොටික් යනු ශ්‍රි ලංකාවේ කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයයි. එය වැසුදාට ලංකාවේ කුඩු නවතිවි."

Leave a comment

Your email address will not be published.


*