මේ වන විට රජයේ ඇමතිවරුන්ට හා නිලධාරින්ට විරුද්ධව අධිකරණයේ විභාග වන නඩු නතර කරන්න ………….පොලිස්පති නිතිපති ගෙන් ඉල්ලයි……?

මෙම රජයේ ඇමතිවරුන්ට හා මේ වනවිට ගෝඨාභය ආණ්ඩුවේ ඇතැම් නිලධාරින්ට විරුද්ධව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හා අනෙකුත් අධිකරණ වල ඇති නඩු සියල්ලම විභාගයට නොගෙන වසාදැමීමට ක්‍රියාකර දෙන ලෙසට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න 2020/02/02 දින නිතිපති ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 

මෙය ඉතාම හාස්‍යජනක සහ ලෝකේ සමස්ත ් ප්‍රජාවම මවිතයට පත් කරන ලබන සිදුවීමකි ලංකාවේ පොලිස්පතිවරයෙකු ප්‍රථම වතාවට   අපරාධකරුවන් වෙනුවෙන් නීතිපති ගේ සහාය ඉල්ලා ඇති බව මෙයින් වක්‍රාකාරව කියා ඇත.  මේ වන විට වැඩ බලන පොලිස්පති වරයා වශයෙන් පත්කොට ඇත.ඔහුගේ අවශ්‍යතාවය පවත්නා ගෝඨාභය රාජපක්ෂ රජය තුළින් ඔහුගේ වැඩබලන පොලිස්පති තනතුර ස්ථිර කර ගැනීමය.  ඒ වෙනුවෙන් මේ වන විට වික්‍රමරත්න දේශපාලකයින්ගේ කියන  ඕනෑම අසුජි ගොඩක් කරපින්නා ගෙන ගොස් තමා ගේ තනතුර ස්ථිර කරගැනීමට මාන බැලීම ඉතාම නින්දිතය.

පෙබරවාරි 02  දින පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත යවන ලද ඉල්ලීමක් ඇති ලිපියේ සඳහන්ව ඇත්තේ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා යන දෙදෙනා පොලිස්පතිවරයාගේ දැනුම්දීමක් නොමැතිව අපරාධ නඩු විභාග කර ඇති බවයි.  එසේම මෙහි හාස්‍ය ජනක සිදුවීම නම් පොලිස්පතිවරයෙකු වශයෙන් අපරාධයක් පිළිබඳව විභාග කරන්නට ංකාවේ කිසිදු නීතියකින් අවසර දීමක් හෝ දැනුම්දීමක් කළ යුතු යැයි කිසිම නිතිපොතක සදහන්ව නොතිබීමයි.  එයවත් නොදන්නා වික්‍රමරත්න පොලිස්පති වුයේ කුමක් කිරීමටදැයි පොලි කොස්තාපල්වරුන් ඇසීම හරිම ලැජ්ජහ සහගතය.

පරිපානමය හේතුන් මත අපරාධ වර්ග කොට ඒවා එක් එක් වෙන්කරන ලද ඒකක  වලින් විභාග කිරීමට පොලිස්පතිවරයෙකුට හැකියාව ඇතත් රටක සිදු වු අපරාධයක් විභාග නොකර නතර කිරීමට බලය ඇත්තේ අ.න.වි.ස. ( අපරාධ නඩුවිධාන සංග්‍රහය )කුමණ වගන්තියකින්දැයි වැඩ බලන පොලිස්පති ගෙන් අපිද දැන ගැනීමට කැමැත්තෙමු.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර පිළිබඳව පසුගිය කාලයේ දිගින් දිගටම විවාදාත්මක තොරතුරු පැවැතියේ ශානි අබේසේකර ඉදිරියේ වූ ගෝඨාභය රාජපක්ෂ මේ  රටේ සේනාධිනායකයා ජනාධිපති වීම හරහා ගෝඨාභය රාජපක්ෂ පුද්ගලිකවම ශානි අබේසේකර ගෙන්  පළිගැනීමක් බව අපි මීට පෙර ලිපි ගණනාවකදී පෙන්වා දී තිබුණි .

පොලිස්පති වික්‍රමරත්න ගෝඨාභය රාජපක්ෂගේ හිත දිනා ගැනීම සඳහා මෙවැනි සුදුකරපටි අපරාධ කරුවන් නීතියේ රැහැනින් බේරා දීමට නීතිපතිවරයාගේ උදව් ඉල්ලා තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව තුළින් ම උසස් නිළධාරියෙකු අප වෙත කියා සිටින ලදී . CID , FCID, SIU  විශේෂ අපරාධ විමර්ශන ඒකක වලින් සිදුකරන ලද සියලුම විමර්ශනය ගොනු නැවත දැනුම් දෙනතුරු වසා තැබීමටත් මේ වන විට නඩු පවරා අධිකරණය විභාග වන සියලුම නඩු නතර කිරීමට නීතිපතිවරයාගෙන් වෙත දැනුම්දීම කර ඇත . පොලිස්පති නිළිය ගණිකා වෘත්තියේ යෙදවීමක් බවත්,

තමාට කිසිසේත් කල නොහැකි දෙයක් පිලිබදව නිතිපති ගෙන් කරන ල්ද ඉල්ලීමක් බැවි අපවෙත වැඩිදුරටත් වාර්තාවේ.මෙය රටක පොලිස්පති වරයෙකු කිසිම දවසක නොකරන හෝ නොහිතන සිද්ධියකි.

මෙයින් පෙනියන්නේ දිවාරාත්‍රි වෙහෙසෙන පරීක්ෂක ශ්‍රේණියේ හෝ කොස්තාපල්වරුන් නොව රටේ පොලිස්පති දේශපාලකයා ගේ අසුජි කැමට කිසිදු හිරිකිතයක් නැති බවකි. 

මේ පිලිබදව පිලිතුරු ලබාදෙමින් නිතිපති දප්පුලු ලිවේරා කියා ඇත්තේ අපරාධයක් පිලිබදව අධිකරණයක් ඉදිරියේ විභාග වෙන කුමන හෝ නඩුවක් විභාග කිරීම නතර කිරීමට තමාට බලයක් නොමති බවත් ,2018 අංක 16 දරණ කොමිෂන් සභා පනතේ යම් කොමිසමකට එවනි නියෝගයක් නිතිපතිට ලබාදීමට බලයක් නොමති බවත් දප්පුලු ලිවේරා නිතිපති වැඩිදුරටත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට දැනුම් දී ඇත.

අජිත්…

Be the first to comment on "මේ වන විට රජයේ ඇමතිවරුන්ට හා නිලධාරින්ට විරුද්ධව අධිකරණයේ විභාග වන නඩු නතර කරන්න ………….පොලිස්පති නිතිපති ගෙන් ඉල්ලයි……?"

Leave a comment

Your email address will not be published.


*