අන්තර්ජාල අවභාවිතාව පිලිබදව ඔබ දැනුවත්ද ………….?

රටක දියුණුව කරා හා සංවර්ධන ඉලක්ක කරා ලඟා වීමේදි තාක්ෂණය යන මූළධර්මය වැදගත් සාධකයකි.21 වන සියවස වන විට බොහෝ රටවල් තම සංවර්ධන ඉලක්ක කරා ලඟා වීමට තාක්ෂණය යොදා ගනී.මෙම තාක්ෂණය විද්‍යුත් ආකාරයෙන් යොදාගන්නා එක් අංගයක් වන්නේ අන්තර්ජාලයයි.අන්තර්ජාලය ලෝකයාට  හදුන්වා දීමත් සමග මිනිසුන්ගේ විශ්වීය දැනුම පහසුවෙන් තමාට ලගා කර ගැනීමට යොදාගනී.වර්තමානය වන විට අන්තර්ජාලය නැතුවම බැරි සාධකයක් බවට බොහෝ රටවල පත්වී ඇත.

අන්තර්ජාලය හැඳින්වීම.

Internet හෙවත් අන්තර්ජාලය යන වචනය සෑදී ඇත්තේ Inter connect Network යන්න කෙටි වීමෙනි.ඒ අනුව මෙහි සිංහල අර්ථය අන්තර්ජාලය නම් වේ.1970 දශකයේදි පමණ නවීන පරිගණක බිහිවන්නට විය.එම කාලයේදි ඇමෙරිකානු බුද්ධි අංශ විසින්  පරිගණකය විවිධ කාර්යන් සඳහා යොදා ගැනීමට පර්යේෂණ ආරම්භ කරන ලදී. එම පර්යේෂණ කරන අතරතුරදී  පරිගණක ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමේ උත්සාහයක යෙදෙන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස  පරිගණක ජාලයක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකිවිය.එහිදී පැන නැගුණු දුෂ්කරතා මග හරවා ගැනීමට හැකිනම් පරිගණක අතර පණිවිඩ හුවමාරැව මගින් ඉහල ප්‍රතිඵළ ලැබීමේ හැකියාව අවබෝධ කර ගත් ඇමෙරිකානු ආරක්ෂක ‍දෙපාර්තමේන්තුව පසු කාලීනව LAN (LOCAL AREA NETWORK)  ජාලය ඉක්මවූ WAN          ( WIDE AREA NETWORK) නම් ඉතා විශාල ප්‍රදේශයක ව්‍යාප්ත කල හැකි ජාලය නිර්මාණය කරන ලදී. මෙය කෙටියෙන්  අපානෙට් (APARNET) නමින් හැඳින්වේ.      1980 දශකයේ අග භාගය වන විට අපානෙට් ජාලය කුඩා හා විශාල සංඛ්‍යාවකින් සමන්විත විය.එය Internet ලෙස හදුන්වන ලදී.අන්තර්ජාලයේ පියා ලෙස හැඳින්වෙන බ්‍රිතාන්‍යය ජාතික ටිම් බර්නස් වෙබ් පිටු සාදමින් අන්තර්ජාලය දියුණු කරන ලදී.ඔහු විසින් පහත දෑ සොයා ගන්නා ලදී.
HTML- Hypor Text Markup Language.
                                                                      http-  Hypor Text Transfer Protocol.
                                                                    URL- Universal Resource Location
අන්තර්ජාල අවභාවිතාව.
අන්තර්ජාලය ලොවට හදුන්වාදුන් පසු බොහෝ රටවල අධ්‍යාපන අංශ/බුද්ධි අංශ/තොරතුරැ තාක්ෂණ අංශ ආදී බොහෝ අංශ වල වැඩි දියුණුවීමට ලක්විණි.එහෙත් මෙම අන්තර්ජාලය තුල මුල් කාලයේදී  නිසි ආරක්ෂණ යාන්ත්‍රණයක් නොතිබූ හෙයින් එය භාවිතය අවභාවිතයට ඇතැමුන් යොදා ගන්නට විය.වර්තමානයේදී අන්තර්ජාලය තුල ක්‍රමවත් ආරක්ෂණ යාන්ත්‍රණයක් පැවතියද ඒවාට හසුනොවී අපරාධ සඳහා යොදාගැනීමට හැකර්වරැ සමත් වී ඇත.අන්තර්ජාලය යනු එක් ඒකකයක් නොව විසීරි පැතිරී පවතින ඒකකයකි.එමෙන්ම වර්තමානයේදී අන්තර්ජාලය යොදාගනිමින් යුධ අපරාධ සිදු කිරීම,මත් ද්‍රව්‍යය වෙළඳාම,ජාතික අසමගිය ඇති කිරීම්,පුද්ගල තර්ජන එල්ල කිරීම,බෝම්බ ප්‍රහාර සිදු කිරීම,ගෝළීය ආර්ථිකය අඩපණ කිරීම ආදී ක්‍රියාවන් සිදු කරයි. අන්තර්ජාලය යොදාගනිමින් සිදු කරන අවභාවිතාවන් කීපයකි.
සයිබර් ප්‍රහාර(Syber Attack)
  අන්තර්ජාලය භාවිතා කරමින් පරිගණකයක් තුල පවතින අන්තර්ජාලය තුලට අවසරයකින් තොරව ඇතුල් වී එම පරිගණකය වෙත එල්ල කරන ප්‍රහාර සයිබර් ප්‍රහාර නම් වේ. මෙහිදී සිදුවන්නේ පරිගණකයකට අනවසරයෙන් ඇතුල් වන (Computer Hack) පුද්ගලයෙකු (Hacker) එහි ඇති දත්ත සොරකම් කිරීමයි.
HACK AND HACKER
පුද්ගලයෙකු අවසරයකින් තොරව පරිගණකයකට ඇතුළුවී එහි අඩංගු වන පෞද්ගලික තොරතුරැ ලබා ගැනීම,එම දත්ත වෙනස් කිරීම,විකෘති කිරීම, පරිගණක පද්ධතයේ ක්‍රියාව අඩපණ කිරීම හැක් කිරීමේදී සිදු කරයි.එලෙස පරිගණක ජාලයක් තුලට ඇතුළුවන පුද්ගලයා හැකර් වරයෙකු ලෙස හදුන්වයි.මෙමගින් පුද්ගලයෙකුගේ පෞර්ෂ්‍යත්වය බිඳ දැමීමට, ආයතන ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම, වැනි ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාව ඇත.තවද පරිගණකයක මතකයට (Heard Disk) දරාගත නොහැකි ප්‍රමාණයට පණිවිඩ එවීමද සිදුකර එම පරිගණකයේ හෝ පරිගණක ජාලයේ යාන්ත්‍රණය බිඳ වැටීම සිදු කරයි. උදාහරණ වශයෙන් 2018 වර්ශයේදී ඇමෙරිකානු බුද්ධි  අංශ පරිගණක ජාලයට ඇතුල් වී එහි තොරතුරැ වෙනස්කිරීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට පත් විය.එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිළ වෙබ් පිටුවට  ඇතුල් වූ පුද්ගලයෙකු එයට පණිවිඩ එවීම හා එහි ඇති ඇතැම් දත්ත වෙනස්  කිරීම සිදු කරන ලදී.
අන්තර්ජාල අවභාවිතාවෙන් ආරක්ෂා වීම.
තොරතුරැ තාක්ෂණ ආරක්ෂණයට ඇති තර්ජනයක් වර්තමානය වන විට විවිධ  ස්වරෑපයෙන් පරිගණක කරා ළඟා වී ඇත.මේවා අතුරින් ප්‍රචලිතම අවභාවීත මාධ්‍යය වනුයේ මෘදුකාංග වලට සිදු කරනු ලබන තර්ජනයයි.එමෙන්ම තොරතුරැ තාක්ෂණයේ හා බැඳී පවතින බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය, අනන්‍යතාවය හොරකම් කිරීම (Identy Theft) උපකරණ හෝ තොරතුරැ එලෙසින්ම හොරකම් කිරීම යන දෑ ප්‍රමුඛ වේ.
පරිගණක වෛරස
මෙහිදී තොරතුරැ පද්ධතියට හෝ පරිගණකයක් වෙත තමන්ට අවසරයක් නැතිව ඇතුල් වන අතර අවසරයක් හෝ අනුමැතියක් නොමැතිව එම පද්ධතියේ හෝ පරිගණකයේ තොරතුරැ විකෘති කිරීම හෝ වෙනස් කිරීම සිදු කරයි.මෙය පරිගණක නීතිය තුලද තහනමට ලක්වූ ක්‍රියාවකි.
අනන්‍යතා හොරකම. 
යම් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් ඔහු සතුව පවතින පෞද්ගලික දත්ත හෝ තොරතුරැ ලබා ගැනීමට උත්සහ කිරීම මෙහිදී සිදුවේ.පුද්ගලයෙකු අපරාධයක් සිදු කල විට එහි සියලු වගකීම් පැටවෙන්නේ අනන්‍යතාවය අයිති පුද්ගලයාට වේ.
බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය/සොරකම
සියලුම තොරතුරැ තාක්ෂණ මෙවලම් මූලිකවම පදනම් වන්නේ මෘදුකාංග  මතවේ.මෙම මෘදුකාංග වල අයිතිය සුරැකීමට බොහෝ මෘදුකාංග වල අයිතිය සුරැකීම සඳහා බොහෝ ආරක්ෂණ නීති ක්‍රියාත්මක වේ.එලෙස ගෙන ඇති ආරක්ෂණයන්ට එරෙහිව අයිතිකරැගේ අවසරයකින් තොරව  මෘදුකාංගයක් ලබා ගැනීමට මෙහිදී සිදුවේ.උදාහරණයක් ලෙස ගත් කල Microsoft Office 2010 එය මුදල් නොගෙවා එහි පිටපතකින් ලබා ගත් පිටපතක් ඇසුරින් ලබාගත්තේ නම් එය Microsoft සමාගමේ බුද්ධිමය දේපොළ සොරාගෙන ඇති බව ඉන් ගම්‍යයවේ
පිෂින්ග් ප්‍රහාර (Pishing Attack)
මෙහිදී පුද්ගලයෙකුගේ සාමාන්‍යය තොරතුරැ/ රහස්‍ය තොරතුරැ හෝ ණය කාඩ් පත් පිළිබඳ තොරතුරැ සොරකම් කිරීම අදහස් කෙරේ.මෙහිදී බොහෝ විට  Emails මඟින් හෝ Instant Messages ක්ෂණික පණිවිඩ (SMS) මඟින් මෙම පරිගණක අපරාධය සිදු විය හැක.පුද්ගලයෙකුට එවනු ලබන සෙවීමකින් තොරව විවෘත කිරීම නිසා එම පුද්ගලයා නොදැනුවත්වම ඔහුගේ තොරතුරැ වෙනත් කෙනෙකුට විවෘත වේ.
Cyber Squating
මෙහිදී වෙනත් කෙනෙකුගේ ව්‍යාපාරික කීර්තිනාමවක් උපයෝගි කොටගෙන වෙනත් කෙනෙකු අන්තර්ජාලය තුළ ඔහුගේ නමින් වෙනත් වෙබ් අඩවියක් විවෘත කිරීම අදහස් වේ.එම වෙබ් අඩවිය හරහා සත්‍යය පුද්ගලයා සතු වෙළඳ කීර්තිනාමය භාවිතා කිරීම සිදුවේ.අවසාන ලෙස ව්‍යාජ වශයෙන්  අන්තර්ජාලය තුල වෙබ් අඩවිය සත්‍යය පුද්ගලයාටම විශාල මුදලකට  විකිණීමට ඉදිරිපත් විය හැක.මෙයද පරිගණක අපරාධ ගනයට වැටේ.
Emails Hacking
අවසරයකින් තොරව ඊමේල් ගිණුමකට ඇතුල් වී එහි අඩංගු තොරතුරැ විකෘති කිරීම විනාශ කිරීම සිදු කරයි.මෙහිදී මෙම අවභාවිතාකරැ (Hacker) එම ඊමේල් ගිණුමෙහිම අඩංගු විස්තර යොදාගෙන එම ගිණුම් හිමියාගේ ගිණුමෙහි සිටින වෙනත් පුද්ගලයන් හට එම ගිණුම හරහාම ව්‍යාජ තොරතුරැ එවීම සිදු කරයි.
Spam
මෙහිදී අන්‍යතාවය දැක්වීමත් සමග හෝ බොහෝ විට අසාමාන්‍යය සංඛ්‍යාවක් ඊ පණිවිඩ (E Messages)යැවීම සිදු කරයි.මෙය බොහෝ විට පරිගණක වෛරස පැතිරවීමට යොදාගනී.මෙම ඊ පණිවිඩ යවන පණිවිඩකරැ නැවත පිළිතුරැ එවීමේදි තවත් ව්‍යාජ ඊ මේල් ලිපිණයක් යොදා ගනී.
අන්තර්ජාල ආරක්ෂණය.
තොරතුරැ තාක්ෂණයට මෙන්ම තවත් බොහෝ සේවාවන් වල වැඩි දියුණුව පහසුව සඳහා උපයෝගි වන මෙම අන්තර්ජාලය අවභාවිතාවට ලක්වූ හෙයින් ඒ සඳහා නීතිමය යාන්ත්‍රණයක් යොදන ලදී.ඒ සඳහා සරල නීති මෙන්ම සංකීර්ණ නීති සංග්‍රහයක්ද පවතී.සරල තාක්ෂණික ක්‍රම ලෙස Password, Encription, FireWall, IPMS වැනි ක්‍රම හඳුන්වා දී ඇති අතර මෙම සරල නීති වලින් පාලනය කල නොහැකි පරිගණක අපරාධ සඳහා බුද්ධිමය දේපොළ පණත ගෙන එන ලදී.අන්තර්ජාලය යනු විසිරී පවතින ජාලයක් වන බැවින් ඒ සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර නීතිද  අද වන විට පවතී.
උදා-:WIPO- World Interllectural Property Organization
        NIPO- National Interllectural Property Organization
2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පණත (Interllectural Property Act)
මෙමගින් ප්‍රධාන ලෙසම බුද්ධිමය දේපල ලියාපදිංචිය,පාලනය හෝ පරිපාලනය පිලිබඳ කාර්යක්ෂම යාන්ත්‍රණයක් ලබාදේ.මෙමගින් කතෘ අයිතිය මෙන්ම ඒ හා බැඳුනු අයිතිවාසිකම් පිළිබඳ ආරක්ෂා කෙරේ.අනුමැතියකින් තොරව පරිගණක මෘදුකාංගයක් පිටපත් කරගන්නා පුද්ගලයෙකුගේ ක්‍රියාව මෙම පණතට අයත් වේ.
  තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණික පණත-Information And Communication Technology Act. NO 27 (2003)
      ශ්‍රී ලංකාව තුල තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ජාතික කමිටුව පිහිටු වීම මෙම පණතේ ප්‍රධාන අරමුණයි.තවද ශ්‍රී ලංකාවේ තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍යය පරිසරය නිර්මාණය කරනු ලබන්නේද මෙම පණත මගිනි.රටක සංකල්පයක් වේගවත්ව හා තිරසාරවත්ව මෙන්ම ස්ථිරසාර ලෙස ක්‍රියාත්මක වීමට නම් ජාතික ප්‍රතිපත්තියක් තිබීම අත්‍යවශ්‍යය වන අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) පැවතීමද එම සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා කාර්ය සාධක බලකායක් (Task Force) පැවතීමද අත්‍යවශ්‍යය වේ.සියළු කරැණු කාරණා සඳහා නෛතික බලය සපයනු ලබන උපකරණය වන්නේ මෙම පණතයි.මෙම පණත තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය(Information And Communication Technology Agency) පිහිටුවීම හා පවත්වා‍ගෙන යාම කරනු  ලැබේ.සමස්ථයක් වශයෙන් ගත් කල මෙම පණත මගින් ශ්‍රී ලංකාවේ තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණයේ කොඳුනාරටිය බවට අද වන විට පත්වී ඇත.
1995 අංක 14 දරණ සාක්ෂි පණත (වි‍ශේෂ විධිවිධාන) පනත
මෙම පණත 1995 වර්ෂයේදි ගෙන එන තෙක්ම ශ්‍රී ලංකාව තුල ඉලෙක්ට්‍රොනික් සාක්ෂි පිළිගැනීමක් නොතිබිණි.එනම් CCTV කැමරාවක සටහන් වූවක් සාක්ෂියක් ලෙස යොදාගැනීමේ හැකියාවක් නොතිබූ අතර කිසියම් අපරාධයක් විසඳීමට අවශ්‍යය වැදගත්ම සාධකය සාක්ෂි වේ.එම නිසා වර්තමානය වන විට CCTV කැමරා දර්ශණ සාක්ෂි උපයෝගි කර ගනිමින් බොහෝ අපරාධ වල සුලමුල සොයා ගැනීමට හැකිවී ඇත.මෙම පණත මගින් පරිගණක ඇසුරින් ඒවායේ අන්තර්ගතය භාවිතයෙන් ඉදිරිපත් කරනු ලබන සාක්ෂිවල පිළිගැනීම ලබාදෙන ලදී.
පනතේ ක්‍රියාකාරීත්වය නිසා අද දවසේ සුලභව පවතින ඕනෑම තාක්ෂණික මෙවළමක් හරහා ලබාගන්නා, රඳවාගන්නා හා ගබඩා කරගනු ලබන දෑ නීතියේ ඉදිරියේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.සාක්ෂියක් ලෙස ඉදිරිපත් කල හැකි පමණින් එය නඩුවක තීරණාත්මක සාධකයක් බවටද පත් නොවේ.සාක්ෂි නීතියට අදාල අනෙකුත් පොදු මූළධර්මයන් හා පොදු විරෝධතාවයන් හා ඔප්පු කිරීමේ කාර්යයන්ට යටත්ව ඉලෙක්ට්‍රොනික සාක්ෂිවල ප්‍රවේශ්‍යතාවය තීරණය වේ.
පරිගණක, අපරාධකරැ, පරිගණක පද්ධතිය ලංකාවේ හෝ ඉන් පිටත ඕනෑම තැනක තිබිය හැක. ඒවා සම්බන්ධයෙන් ක්‍රියාකාරීමට නම් ජාත්‍යන්තර අධිකරණ  බල ක්ෂේත්‍රයක් පැවතීම අත්‍යවශ්‍යය වේ.ඉහත කී පණත මගින් මෙම අවශ්‍යයතාවයද සම්පාදනය කරනු ලබයි. (02 වගන්තිය-පරිගණක අපරාධ පණත) එහෙත් මෙම වගන්තිය ජාත්‍යන්තරව පිළිගනු ලබන උදර්පණ නිතිය සමග (Law Of Extradition) එනම් අපරාධකරැවන් රටවල් අතර හුවමාරැ කරගන්නනේ කෙසේද යන්න පිළිබඳ විමසන නීතිය සමග කියවීම අත්‍යවශ්‍යය වේ.
අන්තර්ජාල අවභාවිතාවය මෙලෙස පිටු කීපයකින් පමණක් සාකච්ඡා කර නිම කල නොහැකි තරම් වේ.
පරිගණක අපරාධයන්ට හසු නොවීමට නම් නවීන තාක්ෂණය පිළිබඳ තමා තුල මෙන්ම සමාජය තුලද අවබෝධයක් හා දැනුමක් පැවතීම අත්‍යවශ්‍යය වේ.යම් පරිගණක අපරාධයක් එය අපරාධයක්  බව තමන් නොදැනීම නිසාම තමන් තුලින්ම විය හැක. උදාහරණයක් වශයෙන්අනුමැතියකින් තොරව ප්‍රවේශය (unauthorized Acess) දැක්වීය හැක.ඔබ ජංගම දුරකථන හෝ පරිගණක භාවිතා කරන්නනෙකු විය හැක. වර්තමානය වනවිට පරිගණකය තුලින් සිදු කල හැකි බොහෝ කෘත්‍යයන් මෙම ස්මාර්ට්  දුරකථන ඔස්සේද සිදු කල හැක.
එම නිසා පරිගණක වෙත එල්ල වෙන මෙම අපරාධ ජංගම දුරකථනයටද එල්ල විය හැක . එවැනි අපරාධයන්ට හසු නොවීමට නම් සමාජීය අවබෝධය තිබිය යුතුය.එවිට අවබෝධය  අවධානම වළක්වයි.
රවිසර ධර්මපාල

Be the first to comment on "අන්තර්ජාල අවභාවිතාව පිලිබදව ඔබ දැනුවත්ද ………….?"

Leave a comment

Your email address will not be published.


*