සුදු රෙද්දෙන් වසා ගෙන සිටි දේශපාලකයාගේ නිරුවත එක මොහොතින් කඩාදැමූ රන්ජන් ඔබ ජාතියේ වීරයෙකි

වසර හැත්තෑ එකක් තිස්සේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ල කමින් තම පවුල් පාලනය දිගින් දිගටම ගෙන යමින් ජනතාවට අනේකවිධ බොරු කියමින් එක් පැත්තකින් එක්සත් ජාතික පක්ෂය ද තවත් පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විටින් විට ශ්‍රී ලංකා දේශපාලනයේ බල හුවමාරුවවේ.   අවසන් ප්‍රතිඵලය වසර හැත්තෑ එකක් සේම පාසැල් දරුවා ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවත්නා රටක් බවට එදත්,  අදත්  , හෙටත් හඳුන්වන බව නොඅනුමානය.

අද දේශපාලනයේ සිටින්න වුන් ගණිකා මඩම් පවත්වාගෙන යන්නන් සහපස් ජාවාරම් කරුවන් ,කප්පන් කරුවන් ලන්සලා වැනි කුඩු වෙලෙන්දන් ,අරක්කු තැබෑරුම්කරුවන් , අයිතිකරුවන්  පිළිබඳව ඔවුන්  ඇඳ සිටි සුදු රෙද්ද ඔලුවෙන් ගලවා සියලුදෙනාම නිරුවත් කිරීම පිළිබඳව ජාතියේ ප්‍රණාමය අසහාය නළු රන්ජන් රාමනායක නිරන්තරයෙන්ම පුද කළ යුතුය.

රංජන් රාමනායකගේ පුද්ගලික ජීවිතය තුළ සිදුවන සියලු දේවල් ඔහු පටිගත කිරීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කරුණකි  .සභ්‍යත්වය සංස්කෘතිය ට මුවාවි ශ්‍රී ලංකා දේශපාලකයින් කරනු ලබන සියලුම තුප්පහි වැඩ සියල්ලම එක මොහොතින් පාර්ලිමේන්තුව තුළ එළියට දාපු අසහාය පුද්ගලයා වශයෙන් නම් දරන්නේ රන්ජන් රාමනායක පමණි  .විජය කුමාරතුංග ඒ වගේම  මහාචාර්ය කාලෝ ද ෆොන්සේකා වැනි අයගේ ලෙයට නෑකම් කියන  රංජන් රාමනායක අහිංසක ජනතාවගේ හදගැස්ම ඉතාම හොඳින් හඳුනාගෙන ඒ ජනතාව මුලා කරමින් එක් අවස්ථාවක වේදිකාවේ දී බොරු කියන දේශපාලකයා තවත් අවස්ථාවකදී නිලධාරීන්ට තවත් ේ  ජනතාව මුලා කරමින් පට්ටපල් බොරු කියමින් දේශපාලනයේ යෙදුණු පක්ෂ භේදයකින් තොරව සියලුම දෙනා අද නිරුවත් කිරීම පිළිබඳව රංජන් රාමනායක ඔබට පුවත්පතක් වශයෙන් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු .

ඒ වෙනකක් නිසා නොව අප මාධ්‍යයක් වශයෙන් ද බොහෝ විට උත්සාහ ගන්නේ මේ නින්දිත තුච්ඡ දේශපාලකයින්ගේ නිරුවත හෙළි කිරීම ප්‍රධාන අරමුණ කොටගෙනය.  ඔබ අප යන ගමන් මගෙම ඔබත් ගමන් කිරීම නිසාම  ඔබ කල දේ පිලිබදව දන්නේ ජනතාවයි , ඔබට සදාචාරය පිලිබදව කතාකරන්නේත් ඒ නින්දිත පාලක්යන්ම බව කිසිසේත් අමතක නොකල යුතුය . සදාචාරය බල්ලට දමා උන්ගේ බලුකම එලියට ගැනීම ඔබ ගේ උත්සාය බව උන් නොදන්නවාට ජනතාව ඉතාම හොදින් දනී.

 අද සමස්ත ජාතියම රන්ජන් රාමනායක යන පුද්ගලයා කවරෙක්ද යන්න ඔබ පිළිබඳව හොඳින් අවබෝධ කරගත් බව ලංකාවාසි සියලු දෙනා ම පසක් කළ හමාරය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය නැවතුණු ශ්‍රී ලංකා දේශපාලකයින් සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් මිනී මරාගෙන දේශපාලනය නැමැති මඩ වගුරට පනින්නේ  ජනතාවගේ ජීවන බර අඩු කිරීමට හෝ රටේ සමස්ත නීති හා සාමය ඇති කිරීමට නොව තම තමාගේ පුද්ගලික ඕනෑකම් පිරිමැසීමටබව අදවත් ජනතාව තේරුම් ගනීවිදැයි අපි නොදනිමු.

  දේශපාලකයින්ගේ  නිරුවත තුළින් අප දුටුකුඩු සල්ලිවලින් දුවන මාධ්‍ය සහ  සල්ලිවලින් දුවන  රූපවාහිනියක් වන දෙරණ සහ හිරු මාධ්‍ය සදාචාරය පසෙක දමා හිරු නාලිකාවේ අයිතිකරු ගේ සොහොයුරා දුමින්ද සිල්වා බේරාගැනීමට එක් පැත්තකින් රටේ නොමැති දේවල් මවාපාමින් ජනතාවගේ ජනතාව තුළ අනේක බියක් ඇති කරපු කලක් තිබුණි . එසේම මීගමුව පළාත තුළම මුළුමනින්ම කුඩු දහනක් බවට පත් කිරීමට තරම් එක් ඇමතිවරයෙකු කටයුතු කිරීම පිළිබඳව මීට කලකට පෙර විශේෂ කාර්ය බලකාය ඒ පිළිබඳ ලද තොරතුරකට නිවස පරික්ෂා කිරීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සැනෙකින් හෙලිකොප්ටරයක් මගින්  නිමල් ලන්සා ගේ නිවසට   ගොස් ඔහු බදා ගැනීම කුඩු මුලක් බදාගත් හා සමාන බව එදත් අප ඔබට කියා තිබෙනවා.

නිමල් ලන්සාකුඩු ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට ඔවුන්ගේ නිවස පරීක්ෂා කිරීමට ඉඩ නොදීමෙන් ම පෙනී යන්නේ ඔවුන් කුමන හෝ නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ බව නොවේද  ? මේ සියලුම දෙනාගේ නිරුවතද හොඳින්ම හෙළිදරව් කෙරේ   ඔබ ගහපු වන්ෂොට් පහරින්ම සමස්ත පාර්ලිමේන්තුවම අද නිරුවත් විය.

දැන් ජනතාවට ඇත්තේ නිරුවතින් සිටින දේශපාලකයා කවුද හැඳි වතින් සිටින දේශපාලකයා කවුද යන්න තෝරාගැනීම  භාර වන්නේ  ජනතාවට ය.  රංජන්ට කළ හැකි සියල්ල දැන් හමාරයි දැන් ඇත්තේ නිරුවත් දේශපාලනඥයා දෙස බලා තව තවත් ඔහු දේශපාලන තියෙනව ද………?  නොඑසේනම් නිරුවත් දේශපාලකයින් එළවා දමා සදාචාර දේශපාලකයින් පමණක් රට ගෙන යාමට තබනවාද……..?  යන්න දැන් ජනතාවට භාර ය එසේ ම ඒ හා සමානවම රන්ජන් වැනි තවත් පුද්ගලයින් මෙරට බිහිවිය යුතුය  .රන්ජන්ලා තවතවත් බිහිවන තාක්කල් දේශපාලකයින්ගේ සුදුව ඔවුන් නතර නොකරන බවත්  අපි පුවත්පතක් වශයෙන් ඔබට මතක් කරමු.

 සභ්‍යත්වය හා සංස්කෘතිය සංස්කෘතික  පිළිබඳව අතොරක් නැතුව කතන්දර කියමින් ජනතාවගේ මුදලින් සිය පවුලම යැපෙමින් පවුල් ගස් බෝ කරමින් ජනතාව දිනෙන් දින හාමතේ ට යවමින් කියන දේ නොකරන නොකරන දේ කියන මිනිස් වෙස්ගත්  සුනඛයන් රැලක්පාර්ලිමේන්තුවේ සිටින බව අද රන්ජන් රාමනායක නමැති අසහාය නළුවා සමස්ත ජාතියටම පෙන්නුම් කිරීම ඉතාමත්ම නිර්භීත ක්‍රියාවකි.

 ශ්‍රී ලංකා මාතාවගේ අභිමානවත් ලංකා පුත්‍රයෙකි , අප පුවත්පතක් වශයෙන් ඔබට එසේ පවසන්නේ ඔබද    ශ්‍රී ලංකා දේශපාලඥයෙකු වන නිසා ඔබ දේශපාලකයින් නැමති බලු රෑනට නොවැටී ඔබ මනුෂ්‍යත්වය වෙනුවෙන් ජනතාවගේ මුදල් කොල්ල කා යහතින් වැජබෙන සියලු දෙනාම එකිනෙක ගෙන රටේ ජනතාවට හෙළි කිරීම නිසා සමස්ත ජාතියම ඔබට සදා ණය ගැතිය. 

දැන් ජනතාවට  ඇත්තේ නිරුවතින් සිට ඡන්දෙට යන උන්ව නැවතත් පාර්ලිමේන්තු යවනවද නොඑසේනම්  ඇදිවත ඇති මිනිසුන් වශයෙන් ජීවත්වන පුද්ගලයින් තමා වෙනුවෙන් පාර්ලිමේන්තුවට යවනවාද යන්න තෝරා ගැනීම ජනතාවට දැන් භාරය.

අජිත්

විඩියො වෙනුවෙන් විශේෂ ස්තුතිය සිරස මාධ්‍යට.

Be the first to comment on "සුදු රෙද්දෙන් වසා ගෙන සිටි දේශපාලකයාගේ නිරුවත එක මොහොතින් කඩාදැමූ රන්ජන් ඔබ ජාතියේ වීරයෙකි"

Leave a comment

Your email address will not be published.


*