මහනුවර නගරයේ ජිවත්වෙන ජනතාවගේ ජිවිත දැඩි අනතුරක. ඒත් නගර සභාව හා පාලකයන් තාම බුදි.මුන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද?

ශ්‍රි ලංකාවේ සුන්දරතම, ලස්සනම නගරය යන විරුදාවලිය ලත් සෙංකඩගල පුරවරය අද ජනතාවගේ ජිවිත මරු කපොල්ලක් වි ඇත.මෙයට ප්‍රධාන හේතු වි ඇත්තේ මහනුවර නගර සභාවේ හා පාලකයන්ගේ නොසැලකිල්ලය.
වසර ගනනාවක් තිස්සේම මහනුවර ජනතාව තම ජිවිතයේ වැඩිම කාලයක් කාලය කාදමා ඇත්තේ මහපාරේය. ඒ බවක් නොදන්නා ගානට සිටින වල් බුරු රැලක් මහනුවර නගර සභාවේද ඒ වගේම මධ්‍යම පලාත් මහ ඇමති සරත් ඒකනායක හා වර්තමාන ආණ්ඩුකාර වරියද මිට වග කිව යුතුය. ඇත්තටම රථ වාහන තදබදයක් තිබෙනවා කියා එදා සිටම මුන් නොදන්නේ උන් යන යන හැම අහු මුල්ලක් අස්සේම මහනුවර රථ වාහන අංශයේ පොලිස් යතුරු පැදියක් යන නිසාය.
වසර ගනනාවකට පෙරදිම මේ අවධානම අදුනාගෙන ඊට පිලියම් යෙදිමට මහනුවර මහ නගර සභාව මෙන්ම දේශපාලන අධිකාරිය දැනුවත් කලත් ඉන් කිසිදු පලක් නොවිය. එදා ඊට ප්‍රධානම හේතුව වුයේ ටිකිරි කොබ්බෑකඩුව ආණ්ඩුකාරයා ගේ හා මහ ඇමති සරත් ඒකනායක කාලකණ්නීන්ගේ කබ ඇදිල්ල බව ජනතාව නොදන්නවා නොවේ.
මේ වෙන කොට මහනුවර නගරයට දිනකට වාහන ලක්ෂ එකහමාරක් පමණ පැමිණෙනු ඇත. උදේ පටන් නගරයට එන පාසැල් දරුවන් හා වැඩිහිටියන් දැඩි පෙනහලු රෝගින් බවට පත් වෙන බව නැවතත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්‍ය් ඕ.ඩි.ඉලේපෙරුම මහතා පවසයි.
ඔහු මේබව පැහැදිලි කරනුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුව කරන ලද පරික්ෂනයකදි හෙලිවි ඇත්තේ ඉතාම අධික වායු දුෂණයක් සිදුව තිබෙන බවයි. මෙය කොළඔ නගරයට වඩාත් වැඩි අගයක් ගන්නෙ විශාල කදු වලල්ලකින් නගරය වටවි ඇති නිසාය.
පාලකයන් ජනතාවගේ ජිවිත ගැන දැඩි අවධානය යොමුකර වහාම නගරයට ඒන වාහන සිමාකලයුතුය එසේම දුර ගමන් සේවා බස් හා ලොරි සියල්ලම විකල්ප මර්ග වලින් යැවිය යුතුය. පාලකයන් තව තවත් ඊට පිලියම් නොයදා සිටියහොත් ජනතාව නිතිය තම අතට ගෙන පාලකයන්ගෙන් ඉටු කර ගැනීමට නොහැකිවු දේවල් බලහත්කාරයෙන් හෝ ඉටු කරගන්නවා නොවනුමානය. එදාට මහඇමතිලාට පොලිස් බලඇණියක් යොදවා ආරක්ෂිතව තනතුරු හැරදා පලායාමට සිදු වෙනු ඇත.

Be the first to comment on "මහනුවර නගරයේ ජිවත්වෙන ජනතාවගේ ජිවිත දැඩි අනතුරක. ඒත් නගර සභාව හා පාලකයන් තාම බුදි.මුන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද?"

Leave a comment

Your email address will not be published.


*