මහින්දගෙන් ටියුෂන් ගතයුතු සජිත්……………………….!!

 2015 වසරේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයකට පත් වූ මහින්ද රාජපක්ෂ පසුදිනම තමා අරලියගහමන්දිරයට ආයුබෝවන් කියා එක්වරම පියාඹා ගියේ මැදමුලන වලව්වට,  මහින්ද රාජපක්ෂ ඒ වන විටත් සියල්ල සූදානම් කොට තිබුණි.  පැමිණ සිටි අති විශාල ජනතාවකට මහින්ද තමන්ගෙ නිවසේ ජනෙල් කම්බියක එල්ලී ජනතාව ඇමතුවේ ජනතාවගේ හද කම්පාවන ආකාරයටය.ඒත් සජිත් කලේ ඡන්දය දුන් ජනතාව බිල්ලට දී දුරකථන සියල්ලම නිවාදමා ඔහුආරියාව සමඟ වනගතවීමය. 

 ජනතාවගේ හදවතට කතා කළේ වසර පහකින් ඒ ජනතාව හදවතින්ම තමාට ඇදබැඳ තබා ගැනීමේ අටියෙන් බව දන්නේ දේශපාලනයේ නියැලුණු කපටි දේශපාලඥයෝ පමණි , 2019 නොවැම්බර් 16 වන දින පැවති ඡන්දයෙන් පසු පරාජයට පත්වූ සජිත් ප්‍රේමදාස තමාගේ පරාජයේ වගකීම බාර නොගෙන ඔහු වනගත විය.  මෙය පක්ෂ නායකයකුට තබා සාමාන්‍ය  පන්ති නායකයෙකු වත් නොකළ යුතු දෙයකි.

තරගයකට ගොස් තමා ජය හෝ පරාජය ලබාගත යුතු බව සාමාන්‍ය සංසිද්ධියකි . අය ගේ නිවාසවලට පහර දෙද්දී සජිත් හෝ කිසිදු නායකයෙක් නොවීය පාකෂිකයා අතහැර වනගතව යාල වනයේ ලැග්ගේය මෙම ලියුම්කරු සජිත්ව ඇමතීමට උත්සහාකල නමුත් දුරකතන් සියල්ලම විසන්දි කර තිබුණි.

තමාට ඡන්දෙ දුන් ගෙවල් වලට පහර දෙද්දී නිවාස ගිනි තබද්දී තම නායකයා වනගතව සැඳෑ සමයේ හුලං විඳිමින් සති දෙකකට ආසන්න කාලයක් ගත කළේ තමාට සිදු පරාජයේ වේදනාව දරාගත නොහැකිවය.  සිදුවිය යුත්තේ එය නොවන බව පැහැදිලිය ඒ ගැන ඉතා හොඳින් දන්නේ අපට වඩා සජිත් ප්‍රේමදාස ය  වනගත වූයේ තමා ලද පරාජයේ වේදනාව තමාට දරාගත නොහැකි නිසා බව හොඳාකාරවම දනී.

ඒත් ඊට වඩා දේශපාලන කියවීමක් තිබූ මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි ඡ්න්දෙන් පරාජය වීමෙන් පසු ගියේ ජනතා අනුකම්පාව ලබාගැනීමටය. පසු එක් වරම දිව ගේ මැදමූලන ජනේලේ බලාය.  එදිනම සියල්ල එකින් එක පෙළගස්වා 2019 නොවැම්බර් 17වන දින තම සොහොයුරා ජනාධිපති බවට පත් කිරීමට වලිකෑවේ මහින්දය මහින්ද නොයන්නට ගෝඨාට සිදුවන්නේ අනත පරාජයකි.

 අද කුලල් කාගන්නා එක්සත් ජාතික පක්ෂ නායක කාරකාදීන් වහාම . අධ්‍යයනය කර බැලිය යුතුය එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය එක් අවස්ථාවක් වූයේ ලලිත් ගාමිණී සිද්ධියයි.  රාජාලියා පක්ෂය පක්ෂය තුළින් ගාමිණී ලලිත් දෙදෙනාම එක්ව ගමනක් යාමට සූදානම් වුවත් , ඒ ගමන් සියල්ලම එක්සත් ජාතික පාක්ෂිකයා ප්‍රතික්ෂේප කළේය .

ඔවුන් කිසි දවසක සුපුරුදු අලියා දමා යාමට ඇති අකමැත්ත නිසාය,  එනිසාම සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ සිහිතබා ගත යුත්තේ අලියකු දමාඉබ්බෙකු මත යනවාද ….?   නොඑසේනම් තමා සුදුසු අවස්ථාව එනතුරු සියල්ලම පියවරෙන් පියවර එක් කොට තමාගේ සියල්ල බලමුළු ගන්වා එක්වරම සතුරාට පහර දෙනවාද…..? යන්න සජිත් සිතාගත යුතුය.  එසේ නොමැතිව පක්ෂය දෙකඩ කරමින්    රාජපක්ෂලාට තවදුරටත් තවත් වසර ගණනාවක් රට ගෙන යෑමට ඉඩ ප්‍රස්තාර හදනවා දැයි   , යන්න පිළිබඳව මේ අවස්ථාවේ සජිත් සහ පිරිවර සිහි තබාගත යුතුය. 

නොඑසේනම් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනත් පක්ෂයක් ගොඩ නැගුවත් කිසි දවසක පාක්ෂිකයා ඔබ මත නොවන බව සක්සුදක් සේ පැහැදිලිය  සජිත්ට වඩා ගාමිණී ලලිත් යන දෙදෙනා මුළු රටක් පිළිගත් වීරෝධාර නායකයින් දෙදෙනෙක් බව කිවයුතු නොවේ.  එවන් ශක්තිසම්පන්න දෙදෙනෙක් එක්ව හැදූ රාජලියා පිටිපස්ස පියාඹන්නට අකමැති වූ එක්සත් ජාතික පාක්ෂිකයා කිසිදවසක අලියා අතහැර ඉබ්බෙකු මත පියාඹන්න තරන් මෝඩ නැති  බව කවුරු කවුරුත් සිහිතබා  යුතුය. 

දැන් කලයුත්තේ මහින්දව හමුවී 2015 ජනවාරි 15 ආගමන ගැන මහින්ද හමුවී ටියුෂන් ගැනීමය . ඒත් තවත්යමක් කිවයුතුමය ඒ මහින්දත් ,රනිලුත්, සජිතුත් මේ සියල්ලගෙම්ම හෙම්බත්ව සිටින නුතන පරපුර දැන් සොයන්නේ ඊට එහාගිය පාලන තන්ත්‍රයක් බවද අපේ රටේ නුතන පරපුරේ හදගැස්ම බව නම අපිට වැටහේ.

අජිත්…..

Be the first to comment on "මහින්දගෙන් ටියුෂන් ගතයුතු සජිත්……………………….!!"

Leave a comment

Your email address will not be published.


*