ලෙබනන් ආර්ථිකය කඩා වැටී ශ්‍රී ලාංකිකයින් 15000ක් පමණ ජීවිත අනතුරේ…….තානාපතියා නිදියහනේ (තානාපති කාර්‍යාලයේ කිසිවෙක් ඒවෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.) විඩියෝ සහිතයි.

මේ වනවිට ලෙබනන් රටේ ආර්ථීකය මුළුමනින්ම කඩා වැටී ඇති බව   වසර 25කට  වැඩි කලක් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් ඉටු කළ පුද්ගලයෙකු අප හා පැවසීය.   රටේ කිසිදු  ආණ්ඩුවක් මේ වනවිට නොමැත පසුගිය දින ආර්ථිකය කඩා වැටීමත් සමගම මහජනයාගේ දැඩි උද්ඝෝෂණ හමුවේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය.

ඔහු සමග කැබිනට් මණ්ඩලයම ඉවත් වී ඇත.  මේ නිසා මේ වන විට හිස් ලූ ලූ අත යමින් මහජන දේපල අලාභානි කරමින් රජයේ දේපළවලට ගිනි තබමින් දැඩි කලකෝලාහල සිදු කරන අවස්ථාවක් දැකගැනීමට හැකිවිය. මේ නිසා ශ්‍රී ලාංකිකයින්  15000 පමණ පිරිසක්  රට තුළ දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇත.

වසර ගණනාවක පටන් විදේශ විනිමය උපයා ගෙන ඇති ලාංකිකයින් හට අද කුඩම්මාගේ සැලකිල්ල ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් මට්ටමකට හෝ ක්‍රියා කරන්නේ විදේශ රැකියාවලින් උත්පාදනය කරන මුදල්වලින් බව ශ්‍රී ලාංකිකයෝ සියලුදෙනාම අමතක නොකළ යුතු කරුණකි.

වසර ගණනාවක පටන් විශාල මැති ඇමතිවරුන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශ වැනි ී නොකී සියළුම දේවල් ලංකාව තුළ පිහිටා තිබූ නමුත් ලෙබනන් රටේ ජීවත් වන අහිංසක ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ කම්කරු සම්බන්ධතා පිළිබඳව කිසිඳු ගිවිසුමකට පැමිණ නොමැති, නිසා අද ශ්‍රී ලාංකිකයින්ට සිදුව ඇත්තේ හිස් අතින් ඇඳි වත පමණක් රැගෙන ජීවිත බේරාගෙන ලංකාවට යාමට ය.  එහෙත් මේ වන විට  ලෙබනන් රැකියා කරන ලද කිසිවෙකුට ඔවුන්  ලද වැටුප ගෙවා නැත.

   කිසිදු බැංකුවක මේ වනවිට මුදල් නොමැති බැවින් රැකියාවෙන් වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට හාම්පුතුන් ක්‍රියා කර ඇති බව අප වෙත අප වෙත වැඩිදුරටත් කියා සිටින ලදී . මේ නිසා දැන් ඇත්තේ  ශ්‍රී ලාංකිකයින් ගේ ජීවිත ආරක්ෂා කොට ඔවුන් සුරක්ෂිතව  මව්බිමට ගෙන්වා ගැනීම පමණි . ඒත් කිසිදු පුද්ගලයෙකු මේ අහිංසක ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිරිපත් නොවී ඇති බව සමස්ත ජාතියටම පවසන්නේ ඉතාමත්ම කනගාටුවෙනි .

ඒත් මේ වන විට බංග්ලාදේශය , නේපාලය  , පිලිපීනය  ,භූතානය , වැනි රටවල් තම රට වැසියන් එරට ඒ රටවලට රැගෙන යාමට ඔවුන්ගේ කාර්ය මණ්ඩල සහ තානාපති කාර්යාලවලින් පැමිණ යුහුසුළුව තිබෙන තත්ත්වයත් සමඟ ඔවුන් ඉතා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කරන නමුත් ඉතා අවාසනාවන්ත තත්වය නම් කිසිදු ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ අඩු තරමින් මේ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීමට පැමිණෙන නොතිබීම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි.

මේ නිසා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් දැනට  බේරුට් ,ලෙබනන් තත්ත්වය දිනෙන් දින උත්සන්න   වී ඇති බැවින් හැකි ඉක්මනින් ශ්‍රී ලංකා බලධාරීන් මීට මැදිහත් ව අපගේ ශ්‍රී ලාංකික පුරවැසියන් වහාම රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සැලසීම කරන  ලෙස ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ඔවුන් දිවයිනට ගෙන්වා ගන්න ලෙසය.

මේ වෙනුවෙන් මැදිහත් වීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වහාම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී.  පුද්ගලයන් මරාදමමින් ,දේපල අලාභ කරමින් වීදි බැසීම නිසාම විදේශිය ශ්‍රමිකයන් ගේ ජිවිත දැඩි අනතුරේ ඇති බව අපි පාලකයන්ට දැඩි වගකීමෙන් හා ඔවුන් ගේ පවුල් වලට දැනුම් දෙමු.

හැකි පමන ඔබ මැදිහත්ව තම ස්වාමියා, බිරිද හෝ සොහොයුරාව මෙරටට රැගෙන ඒමට බලධාරින්ට බලකිරීමට කටයුතු කලයුතුය. 

අජිත්………..විශේෂ ස්තුතිය  BBC  රුපවාහිනි සේවයට

Related image

Be the first to comment on "ලෙබනන් ආර්ථිකය කඩා වැටී ශ්‍රී ලාංකිකයින් 15000ක් පමණ ජීවිත අනතුරේ…….තානාපතියා නිදියහනේ (තානාපති කාර්‍යාලයේ කිසිවෙක් ඒවෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.) විඩියෝ සහිතයි."

Leave a comment

Your email address will not be published.


*