රුපියල් කෝටි 131 රජයට වංචා කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරිය සුවසේ විශ්‍රාම යද්දී රුපියල් 10,000 ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් වසර විසි අටක් සිරගෙට

ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා තුළ ක්‍රියාත්මක නීතිය මකුළු දැල ානය යනුවෙන් වරක ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හිටපු නායක විජේවීර මහතා කියා ඇත්තේ ඇත්තෙන්ම කියමන සත්‍ය කරමින් කුඩා සතුන් මකුළු දැලේ පැටලී මිය යන්නා සේම විශාල සතුන් මකුළුදැල්  නීතිය කඩා යමින් යහමින් ජීවත්වෙන බව සමාජයට අද පසක් කරවා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය ඕස්ට්‍රේලියාවේ සමාගමකින් කිරි දෙනුන්  5000  මිලට ගෙන එම කිරි දෙනුන්ගෙන් මේ වෙන විට 2000ට ආසන්න ගණනක් මිය ගොස් සිටියදී තවත් කිරි දෙනුන් පන්දහසක් මිලට ගැනීමට කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව රුපියල් කෝටි 131  මුදලක් රජයෙන් ලබාගෙන මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත් එම මුදල ඕස්ට්‍රේලියානු සමාගමට ගෙවා යැයි පවසා කිරි දෙනුන් තබා ගොම් බෙට්ටක්වත්   මෙරටට ආනයන නොකර  රුපියල් 70 ලක්ෂයක් වටිනා රජයේ ආනයනබදු සහණ මෝටර් රථයද  සමග සුවසේ විශ්‍රාම ගැන්වීම ශ්‍රී ලංකාවේ නීතිය නමැතිමකුළු දැල කඩාගෙන ගොස් ඇති බව තව තවත් පසක් කරවන්නකි.

ඒත් රුපියල් 10,000 ක අල්ලසක් ලබාගත් පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 28 ක සිරදඬුවමක් නියම කිරීම කොපමණ නීතියේ සර්ව සාධාරණත්වයක් සිදුව තිබේදැයි යන්න ප්‍රශ්නාර්ථ ලකුණකි………..?   අල්ලස හා දූෂණය මෙරටින් තුරන් කළ යුතු යැයි යන්න පිළිබඳව අපට කිසිදු තර්කයක් නොමැත. 

එසේම පොලිස් නිලධාරීන් අල්ලස් ගැනීම පිළිබඳව එය සාධාරණීකරණය කිරීමට කිසිසේත් අප මෙයින් බලාපොරොත්තු නොවෙමු . ඒත් රුපියල් 10,000 ක මුදලක් පුද්ගලයෙක්ගෙන් අල්ලසක් ගත් කෙනෙකුට වසර විසි අටක් සිර දඬුවම් දෙන්නේ නම් අමාත්‍යාංශයක ලේකම්වරියක් වශයෙන් සිටිය ඇය රුපියල් කෝටි  131 එකක  මහජනතාවගේ බදු මුදල්  රජයේ දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් තිබියදීත් එවැනි චෝදනාවකට කිසිදු  විමර්ශනයකින් තොරව  ඇයට හිමි ලක්ෂ 70ක මොවුන්ටද ලබාගෙන ඇය පසුගිය දිනක විශ්‍රාමගියාය.

මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මකුලුදැල් න්‍යාය තවත් එක් අවස්ථාවක් නොවේ දැයි අපිට නීතිය පිළිබඳව සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතු අවස්ථාවකි. එහෙත් රුපියල් දහදාහක මුදලක් අල්ලස් ලබා ගත් පොලිස් නිලධාරීන් ගේ වසර 28ක ජීවිතේ සිර දඬුවම පිළිබඳව මෙහිදී ප්‍රශ්න කළ යුතු නොවේද……?

ඕස්ට්‍රේලියාවෙන් කිරි හරකුන් තබා  මෙරටට ගොම බෙට්ටක් වත් නො ගෙනාව ඇය ේ සිටියදී රුපියල් 10,000  මුදලක් අල්ලස් ලබා ගත්තා යැයි වසර 28ක දඬුවම් දෙන්නේ නම් අධිකරණයේ ඇත්තටම සිදුව ඇත්තේ මකුලුදැල් න්‍යාය නොවේ දැයි  අපට අධිකරණය පිළිබඳව ප්‍රශ්නයක් පැනනගී .

කෙසේ හෝ වේවා මේ පිළිබඳව දැන්වත් විමර්ශනය කොට රජයේ දේපල සාපරාධි පරිහරණය සහ රජයට රුපියල් කෝටියක සිත් sap-1 මුදලක් වංචා කිරීමේ චෝදනා මත විමර්ශනයක් සිදු කොට වහාම ඇයව නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසට අපි අදාළ බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

02/1996/00

Be the first to comment on "රුපියල් කෝටි 131 රජයට වංචා කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරිය සුවසේ විශ්‍රාම යද්දී රුපියල් 10,000 ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් වසර විසි අටක් සිරගෙට"

Leave a comment

Your email address will not be published.


*