රාජපක්ෂලාට ,රනිල්ලාට හිසරදයක් වී ඇති රන්ජන් නිහඩ කිරීමට ගෝඨාභය සැරසෙයි………….?

අපරාධකරුවන්ට හිසරදයක්වී ඇති රන්ජන් රාමනායක  අද මාදිවෙල ඔහු ගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත. සුදු රෙද්දට මුවාවී සිදුකරන අපරාධ පිලිබදව නොබියව ජනතාවට හෙලිකරන ලාංකීය දේශපාලනයේ සිටින ඒකම සුවිශේෂි පුද්ගලයාත් අද සිරගතකිරීමෙන් ගෝඨා රටට දෙන පණිවිඩය අපරාධකරුවන හෙලි නොකරන ලෙසයි.

කීර්තිමත් නළුවෙක් වූ රන්ජන් රාමනායකයි ඔහු ප්‍රවීණ නළුවෙකු මෙන්ම  චිත්‍රපට අධ්‍යකෂකවරයෙකු ද වන  බව ශ්‍රී ලාංකික ජනතාවට අමුතුවෙන් කිවයුත්තක් නොවේ,  එහෙත් මොහු දේශපාලනයට පැමිණීම පිළිබඳව ජනතාවගේ ඇත්තෙන්ම බොහෝ සෙයින් තිබුණේ නොකැමැත්ත එහෙත් ඔහුගේ දේශපාලන ක්‍රියාවන් පිළිබඳව ජනතාව අවදියෙන් සිටීම නිසාම  සියලුම ලාංකීය දේශපාලනයට වඩා ඔවුන් අභිබවා ඉදිරියට ගිය ඉතාමත්ම අවංක වූ සහ නිහතමානී පුද්ගලයෙක් මහත්මා දේශපාලනඥයෙකු ලෙසට හැඳින්විය හැකිය.

රංජන් රාමනායකට විරුද්ධව අනෙක් දේශපාලනයෙන් සමඟ සන්සන්දනය කිරීමේදී කිසිදු චෝදනාවක් නැති තරම් රන්ජන් රාමනායක පක්ෂ-විපක්ෂ සියලුම දේශපාලකයින්ට මහා හිසරදයක් වූ බව රටේ ජනතාව නොදන්නවා නොවෙයි

මෙයින් රාජපක්ෂ පරම්පරාවට එක එල්ලේම චෝදනා පිට චෝදනා කරමින් ඔවුන් පිළිබඳව එකිනෙක ගෙන හැර දැක්වීමට රාජපක්ෂ පරම්පරාවට සොයාගෙන ඇති දේපළ සහ මුදල් පිළිබඳව කලින් නම් ගම් කියමින් චෝදනා කිරීම රන්ජන් රාමනායකගේ එක්තරා ආකාරයක විනෝදාංශයක් වී තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉතාමත්ම සෙමින් සෙමින් අපරාධ පිළිබඳව සොයන ලබන පුද්ගලයින් සහ අපරාධකරුවන් පිළිබඳව දිගින් දිගටම ජනතාවට අනාවරණය කරන ලද මන්ත්‍රීවරුන් විවිධ චෝදනා මත  අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කරනවා යැයි ව්‍යංගාර්ථයෙන් දැඩි බලපෑමක් කරමින්  ඔවුන් නිහඬ කරවීමේ පිළිවෙතක් ගෝඨාභය රාජපක්ෂ දියත් කර ඇති බව මෙයින් ගම්‍ය වේ,

රන්ජන් රාමනායක එක් පසෙකින් ආණ්ඩු පක්ෂයට තව කාරයකින් විපක්ෂයේ සිටින නින්දිත දේශපාලකයින්ට හිසරදයක් වූ දේශපාලනයකි  කිසිවිටෙකත් දූෂිතයෙකු සමග යහන් වැඳීමට අකමැතියි වගේම දූෂිත නම් කිරීමට යුහුසුළු වන දේශපාලනේ නිසා ජනතාව ඔහු වෙනුවෙන් පෙළගැසෙන බව අවංකවම කිවයුතුය.

පුවත්පතක් වශයෙන් අප ද රන්ජන් රාමනායක වෙත දිගින් දිගටම අපගේ සහයෝගය පළ කර සිටින්නේ ඔහු  ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සුදු රෙදි පොරවා ගන්නා ලද නින්දිත දේශපාලකයින්ට වඩා ඉතාමත්ම පිරිසිදු චරිතයක් ලෙසට දේශපාලනයේ යෙදෙන පුද්ගලයකු නිසාය.

යහපාලනයේ සිටි රනිල්ලා, සාගලලා,වජිරලා අපරාධකරුවන් මිනිමරුවන් සමඟ යහන් ගතවෙද්දී රන්ජන් රාමනායක රටේ ජනතාව සමඟ උන්ට ගල් ගැසු වීරයෙක් බව පක්ෂ විපක්ෂ නිතිගරුක ජනතාව ඉතා හොදින් දනී.

ගෝඨාභය රන්ජන්වැනි නිර්දෝෂි පුද්ගලයන් මෙල්ල කිරීමට දරන වෑයම තුලි සිදුවන්නේ 69 ලක්ෂයම නැවත දවසක ගෝඨාට එරෙහිවී නැගිටීමෙන් බව නම් අපිට ඉදුරාම කිව හැකිය.

0725

Be the first to comment on "රාජපක්ෂලාට ,රනිල්ලාට හිසරදයක් වී ඇති රන්ජන් නිහඩ කිරීමට ගෝඨාභය සැරසෙයි………….?"

Leave a comment

Your email address will not be published.


*