මින් පසු අධිකරණ තීන්දු ලියන්නේ මැදමුලනින් ……….ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය ගෙනැවිත් සියලුම විනිශ්චකාරවරුන් පත් කිරීමේ බලය ගෝඨාභය අතට………..?

  කලක් ශ්‍රී ලංකා අධිකරණයේ ඕනෑම තීන්දුවක් මැදමුලන සිට දීමේ රාජපක්ෂ පාලන බලයේ බිඳ වැටීමත් සමඟ සියල්ල කණපිට හරවමින් මෛත්‍රිපාල රනිල් යහපාලන ආණ්ඩුව විසින් කළ සුවිශේෂ වූ හොඳම දෙය නම් ජනතාව අපේක්ෂා කළ පරිදි ස්වාධීන අධිකරණයක් යම් පමණකට ස්ථාපිත කිරීමය.

.එයට මූලිකව ම අඩිතාලම වැටුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19  සංශෝධනය  යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණයට  විනිශ්චයකාරවරුන්පත්   පත් කිරීමේ බලය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරීමයි.

ඊට පෙර රාජපක්ෂ පාලනයේ දී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම විනිශ්චයකාරවරුන්පත් කිරීමේ සම්පූර්ණ බලය පැවතියේ රාජපක්ෂ පාලනයේ ජනාධිපතිවරයා යටතටය.  එහිදී ජනාධිපතිවරයාට පැවරුණු සුවිශේෂිත වූ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය යටතේ මුළුමනින්ම ඉවත් කොට ව්‍යවස්ථාදායක සභාවක් යටතට පත් කිරීම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය  සියලුම විනිශ්චකාරවරුන්  එමගින් සිදු වීම සුවිශේෂ වූ සිද්ධියකි .

ගෝඨාභය ජනාධිපති වීමෙන් පසුව  අවශ්‍ය තීන්දු ලබා ගැනීමේ අටියෙන් මුළුමනින්ම ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය සහ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පත්කිරීමේ පූර්ණ බලය ජනාධිපති ගෝඨාභය අතට ගැනීමට මෙවැනි සියලු පිඹුරුපත් සකසමින් ඇත .

මේ සඳහා ඉතාමත් ම නින්දිත  දේශපාලකයෙකු වන ශ්‍රී ලංකාවේ නීතිඥයෙකු වශයෙන් කලක් නම් දරා සිටියත් පසුව මුළු ශ්‍රී ලංකාවාසී ජනතාව දන්නා ඩීල් දාස  හෙවත් විජේදාස රාජපක්ෂ විසින් තමාගේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් 19 වන වන ව්‍යවස්ථා සංශෝධනයට 22  ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙන් ඔහු යෝජනාවක් මේ වෙනවිට ගෙනැවිත් ඇත.

එම යෝජනාව වන්නේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීමේ මූලික බලය පවරා දීම ය  මේ වන විට හමුදා ජුන්ටාවක් රට තුළ ස්ථාපනය කරමින්  ජනතාව  සුවිශේෂ වූ සිද්ධියක් වන්නේ මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනිශ්චයකාරවරුන්පත්පත්කිරීමය යම් විදිහකින් මෙම ශ්‍රේෂ්ඨාධිකරණයවිනිශ්චයකාරවරුන්පත් පත්කිරීමේ බලය රාජපක්ෂ ජුන්ටාව ලබාගතහොත්  ශ්‍රී ලංකා ජනතාවට මැදමූලන සිත දෙන සියලුම අධිකරණ තීන්දුවට හිස නමා තමාට එරෙහි වන්නන් සියලු දෙනාම වැලිකඩ ගාල්කොට හෝ එල්ලා මරා හෝ එසේත් නොමැතිනම් වෙඩි තබා මරා දමා රාජපක්ෂ පාලනය වසර ගණනාවක් දිගින් දිගටම ගෙන යෑමේ මූලික අඩිතාලම ගෝඨාභය හමුදා ජුන්ටාව විසින් සිදුකිරීමට අවශ්‍ය පිඹුරුපත් සකසන්නේ සකස් කොට ඇත. 

අපි සියලුම දේශපාලන පක්ෂ වලට ඉතාමත්ම ගෞරවයෙන් මතක් කර සිටින්නේ තමාගේ දේශපාලන මතිමතාන්තර පසෙක දමා ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය බිඳහෙළීමට ගෝඨාභය රාජපක්ෂ ජුන්ටාවට කිසිසේත් ඉඩ නොදීමට එක්සත්ව  මේ අවස්ථාවේදී ඉදිරියට පැමිණි ලෙසයි

එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකා ජනතාවට මේ වන තෙක් ස්වාධීන අධිකරණය අහිමි වෙනවා නොවනුමානයි ගෝඨාභය රාජපක්ෂගේ මෙම නින්දිත ක්‍රියාව මල් පණ ගන්වා ගැනීමට රාජපක්ෂගේ ප්‍රධානඩීක් කරුවෙකු   වන විජේදාස රාජපක්ෂ මේ වන විට සියල්ල කෙටුම්පත් කරමින් පවතී . 

රාජපක්ෂලාට එරෙහිව කිසිදු තීන්දුවක් තීරණයක් ලබාදීමට අධිකරණය කිසිසේත් කටයුතු නොකරන බවයි මෙය හුදෙක් මැදමුලන අධිකරණයක් බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය සිට සියලුම අධිකරණ පත්වන බව අපි ඉතා වගකීමෙන් කියා සිටින්නේ මේ නිසාය.

සමස්ත ජනතාවට ම කියා සිටින්නේ මෙවැනි කුමන හෝ රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් කිසිවකුට ශ්‍රී ලංකා අධිකරණයට අත  තැබීමට ඉඩ නොදීම ලංකා පුරවැසියන්ගේ ප්‍රධාන යුතුකමකි.

ඔබ ස්වාධීන අධිකරණයක් අපේක්ෂා කරන්නේ නම් අප ක්‍රියා කළ යුත්තේ ජාත්‍යන්තර ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට කිසිසේත් මැලි නොවන බවත්,  එය ශ්‍රී ලංකා ජනතාවගේ නිදාගෙන සිටින ජනතාව ඇහැරවා මේ කටයුත්ත වෙනුවෙන් පෙළගැස්වීමට කිසිසේත් අප පසුබට නොවන බවද ඉතා වගකීමෙන් මතක් කරමු.

0725

Be the first to comment on "මින් පසු අධිකරණ තීන්දු ලියන්නේ මැදමුලනින් ……….ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය ගෙනැවිත් සියලුම විනිශ්චකාරවරුන් පත් කිරීමේ බලය ගෝඨාභය අතට………..?"

Leave a comment

Your email address will not be published.


*