අද දහවල් සිට Imo, Skype, Whatsapp ,Vibar………..සියල්ලම ගෝඨා ගේ නියෝගයෙන් පටිගත කිරීමට විදේශිය රටකින් ගෙන්වන ලද උපකරනයක් සවි කරයි. මෙය ශ්‍රි ලාංකීය ජනතාව ගේ කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංගනය කිරීමක්………..?

ශ්‍රී ලාංකීය ජනතාවගේ කතා කිරීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීම මුළුමනින්ම ගෝඨාභය අද දින දහවල් සිට Whatsapp, vibar ,imo,Skype   තාක්ෂණය හරහා සියළුම සමාජ මාධ්‍යන් වලින් ප්‍රචාරය කරනු ලබන සියල්ලම  TRC ආයතනය හරහා ඒවාට රහසින් ඇහුන් කන්දීමටත් ඒවා ගේ දත්ත ලබාගැනීමටත් අද දහවල් සිට ක්‍රියාකරමින් සිටී. වනවිට ගෝඨාභය ජනාදිපතිවරයා විසින් විශේෂයෙන් ම ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පුද්ගලයින් කණ්ඩායමක් වෙතින් විශේෂ සේවාවක් ලබා ගෙන ඇත.

එම සේවාව සමස්ත රට වැසියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ප්‍රධානවම ක්‍රියා කරන ලද මෙවලමකි. තුළින් ලංකාවාසී ජනතාව විදේශගත පුද්ගලයින් සමඟ කරනු ලබන සියළුම ගණුදෙනු සහ සියලුම කතාබහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සියල්ලම පටිගත කොට එය කියා ආයතනයේ පිට කිරීමට ලක්කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහුගේ ආණ්ඩුවට කිසියම් තර්ජනයක් වන්නේ නම්බියගැන්වීමට පැහැ ගැණෙනු පැහැරගෙන යෑමට හෝ වෙනත් තාඩන පීඩනයට ලක් කිරීමට කටයුතු යොදමින් ඇත.

මේ සඳහා යෙදවීමට ඔහු පසුගිය දිනක හදිසි රෙගුලාසි මත අති විශේෂ ගැසට් පත් අංක 2154 / 54 2019 දෙසැම්බර් 21 වන දින නිකුත් කරන ලද ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල පවරන ලද ගැසට් පත්‍රය ඔස්සේ මේ මේ සියල්ලම කිරීමට මොහු මේ වනවිට කටයුතු කර සමස්ත ජාතියම විදේශගත තම ශ්‍රමිකයන් සහ නෑ හිතවතුන් සමග රට පිළිබඳව කරනු ලබන සියලු කතා මේ අනුව පටිගත කොට ගෝඨාභය රාජපක්ෂගේ වන්දිභට්ටයින් වෙත ලබාදීමට ක්‍රියා කරමින් ඇත.

TRC ආයතනය  එසේත් නොමැතිනම්  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුළින් පටිගත කරන මෙම සියලු කටයුතු විදේශයෙන් ගෙන්වන ලද මෙවලමකි එය පටිගත කිරීමට සැලසුම් සකස් කොට ඒ අනුව whats app , viber සහIMO මේ සියල්ලම ප්‍රසිද්ධ මාධ්‍ය සියල්ලම ඒ අනුව ශ්‍රී ලංකාව තුළ filter කොට ඒවා රැකගත කොට ඒවාගෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ රජයේ පැවැත්මට කිසියම්දොස් කීමක් හෝ ගෝඨාභයව විවේචනය කරයි නම්  ඒ පිළිබඳව ක්‍රියා කිරීමට කටයුතු කර ඇත මේ නිසා  අපගේ පාඨකයින්ට සහ සමස්ත ජනතාවට ම කියා සිටින්නේ ඉතාමත්ම භයානක කාලපරිච්ඡේදයක් ඉදිරියේදී ඔබට විදගැනීමට සිදුවන බවයි .

ගෝඨාභය රාජපක්ෂගේ මෙම මිලිටරිවාදී හමුදා ජුන්ටාවට එරෙහිව කිසිසේත් අපි  දණ නොනමන අතර ඉදිරියටත් ගෝඨාභය රාජපක්ෂගේ මෙවැනි සහ මූලික අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳව දිගින් දිගටම ජාත්‍යන්තර සමඟ ක්‍රියාකිරීමට අපි එකහෙලාම කටයුතු කරමු. එසේම ශ්‍රී ලාංකීය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අපි දිවිහිමියෙන්ම ක්‍රියා කරන බවද සමස්ත ජාතිය අපට කරමු

මේ පිළිබඳව විශේෂ දැනුමක් ඇති කලක් ඩයලොග් ආයතනයේ  මේ උපකරන පිලිබදව ඉතාම විශිෂ්ඨ දැනුමක් ඇති ඔහු ද කියා සිටියේ ශ්‍රි ලංකාවට එන හා ශ්‍රි ලංකාවෙන් යන සියලුම සමාජ මාධ්‍ය මේ වනවිට එම TRC උපකරණ හරහා ආණ්ඩුව ඒවා ගේ රහස්තොරතුරු ලබාගන්න බවකි.  ඕනෑම දත්ත සහ ඡායාරූප ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි ඒ අනුව එසේ මේ වනවිට සිදුවන බව ඔහු වැඩිදුරටත් තහවුරු කරන ලදි.

 

0725

Be the first to comment on "අද දහවල් සිට Imo, Skype, Whatsapp ,Vibar………..සියල්ලම ගෝඨා ගේ නියෝගයෙන් පටිගත කිරීමට විදේශිය රටකින් ගෙන්වන ලද උපකරනයක් සවි කරයි. මෙය ශ්‍රි ලාංකීය ජනතාව ගේ කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංගනය කිරීමක්………..?"

Leave a comment

Your email address will not be published.


*