පොලිස්පති වික්‍රමරත්න පොලිස් නිල ඇඳුම දේශපාලකයාගේ පාවඩයට එළයි..

 මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය  ඉතාමත්ම අවාසනාවන්ත සහගත තත්ත්වයකට මුහුණදී ඇත. ඊට වගකිව යුතු මූලිකම පුද්ගලයා වන්නේ  වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මේ වන විට මුළුමනින්ම පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් සාමාජිකයෙක් බවට පත්ව ඇති බව ඉතාමත්ම කණගාටුදායකය.

වර්තමාන පොලිස්පති පත් වන තෙක් සිටි කිසිදු පොලිස්පති වරයෙක් වික්‍රමරත්න පොලිස්පතිවරයා සේ පතෝල කරලක් මෙන්නොසිටි බව  බව පොලිස් නිලධාරීන් මේ වන විට පසක් කරගෙන හමාරය.

ඉතාමත්ම අවාසනාවන්ත තත්වයන් වලට මුහුණ දුන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් කතා කිරීමට මේ වනවිට කිසිදු පුද්ගලයෙකුනොසිටීම ඉතාමත්ම අභාග්‍ය සම්පන්නය .

ශ්‍රී ලංකා පොලිසිය එදත් අදත් දේශපාලකයින්ගේ පාවඩයක් බවට පත්කළේ අහිංසක පොලිස් කොස්තාපල්වරයා හෝ පොලිස් සැරයන්වරයෙකු එසේත් නොමැතිනම් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් නොවේ.

ඉන් ඔබ්බට ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගෙන ඉහල සියලුම නිලධාරීන් මේ වෙනුවෙන් පිළිවෙලින් වගකීම වර්තමාන පොලිස්පතිවරයා පෙර සිටි පොලිස්පතිවරුන් ට වඩා ඉතාමත්ම කොන්දක් ඇතිව දෙපාර්තමේන්තුව ඉතාමත්ම හොඳින් නීතිය හා සාමය අපක්ෂපාතීව කරගෙන යා හැකි අයෙකු බවට පොලිස් නිලධාරීන් මෙන්ම මහජනයාද දනී .ඒ පොලිස්පති පූජිත ජයසුන්දර ගෙන් පසු පත්වූ දහනමවැනි ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත්කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවක් නිසා කිසිදු හේතුවක් මුල් කරගෙන පොලිස්පතිවරයෙකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට පවා  නොහැක.

එසේ තිබියදීත් පොලිස්පතිවරයා අද පොහොට්ටු දේශපාලකයින්ගේ කුණු ජරාවල් පිසීමට පොලිස් නිල ඇඳුම යොදා ගැනීම ඉතාමත්ම කණගාටුදායක.

මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරුන් සහකාර පොලිස් අධිකාරිවරුන් පමණක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පවා කිසිදු දැනුම් දීමකින් සහ විනය පරීක්ෂණයකින් තොරව ඔවුන් හිටිඅඩියේ හිස් ලූණු තැන මාරු කර ගැනීමට එරෙහිව වික්‍රමරත්න පොලිස්පතිවරයා කියා නැත.

එසේම මේ වන විට පොලිස් කොමිෂන් සභාවක් පිහිටුවා ඇති නමුත් පොලිස් කොමිෂන් සභාව අපි මීට පෙර කිවූ පරිදිම  පැන්ෂන් කාරයින්ගේ නවාතැන්පොළක් වී ඇති බව කිවයුතුය.

ඊට පැන්ෂන් ගිය පොලිස් නිලධාරිනුත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පත්කරමින් නියමාකාරයෙන්ම නවාතැන් පොළක් බවට පත්කරගෙන ඇත .පොලිස් නිලධාරීන් පත්වන සෑම  ආණ්ඩුවකින්ම රට තුළ ක්‍රියාත්මක කිරීමට යන නීතිය ඉටුකරනු ලබන්නේ පොලිස් නිලධාරියා වන විට සමහර පුද්ගලයින් ඊට කැමති වීමටත් තවත් පුද්ගලයින් අකමැති වීම සාමාන්‍ය දෙයකි .

පොලිස් නිලධාරියා සිදුකරනු ලබන්නේ ඔහුටපැවරෙන නීත්‍යානුකූල රාජකාරිය එම රාජකාරිය ඉටු කිරීමේදී අපරාධකරුවන් වශයෙන් හඳුනාගන්නා පුද්ගලයින් කුමන හෝ දේශපාලනයක නිරත ව සිට  එම දේශපාලනඥයින් බලයට පත්වූ වහාම ඔවුන්ගෙන් පලි ගන්නා ස්වභාවය ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල් වල ඉතාමත්ම  ඉහළම කටයුත්තක් බවට මේ වන විට පත්ව ඇත .

එහෙත් ඒ තත්ත්වය යම් හෙයකින් හෝ මගහැරී මගහැරවීමට යැයි සිතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රකාරව පිහිට  පොලිස් කොමිෂන් සභාවෙන් ඒ කාර්යය අද වන විට සම්පූර්ණයෙන්ම ඉවත් ව ගොස් ඇත .

මේ වන විට ගෝඨාභය  භීතිකාවට ලක්ව ඇති සමස්ත පොලිස් ප්‍රජාවම ඉතාමත් මන්දගාමී රාජකාරියේ නිරතව ඇති බව කිවයුතුය. පොලිස් නිලධාරීන්ට තවදුරටත්  දිගින් දිගටම හිරිහැර සිදු වුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට මේ වන විට සියලුම දෙනා පෙළ ගැසෙන බව ඉතාමත්ම සතුටින් කිවයුතුය .

පොලිස්පතිවරයෙකු අද සිටිනවද දන්නේ වික්‍රම පොලිස්පතිවරයාව පමණි එහෙත් මේ වන විට ආණ්ඩුවේ පොහොට්ටු මැති ඇමතිවරුන් පොලිස්පතිවරයා පඹයෙක් වට පත්ව ඇති බව නොදන්නවා නොවෙයි.

එනිසාම පොලිස්පතිවරයා කිසිවක් නොකියා කියන ඕනෑම දෙයක් කිරීමට තරම් පහළ මට්ටමකට පත්ව ඇත. මේ තත්ත්වය ඉතාමත්ම හොඳින් දැකගත හැකි වන්නේ චම්පික රණවක ඇමතිවරයා ගේ රිය අනතුරක් සම්බන්දයෙන් එම රියදුරු අත්අඩංගුවට ගැනීමට නැවත සැරයක් අවශ්‍යයැයි දේශපාලන දැනුනු වහාම පොලිස් නිලධාරියකු වෙනුවෙන් පිටත් කර හැර ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමට යාම මෙහිදී සිදුව ඇත්තේ   මෙහිදී සිදුව ඇත්තේ කිරිබොන අත දරුවෙකු සහ කාන්තාවක් සහ කාන්තාවගේ මවක් කිසිදු දැනුම් දීමකින් තොරව අත්අඩංගුවට ගෙන  රැගෙන ඒමය.

මෙය ඉතාමත්ම නින්දිත ක්‍රියාවකි කිසිදු හේතුවකට පොලිස් නිලධාරියකුට අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි නම් ඔහු හෝ ඔහුගේ පවුලේ කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවට මේ වන විට සරත් එන් ද සිල්වා අගවිනිසුරු වරයා සහ ශ්‍රී පවර් අගවිනිසුරු වරයා ලබාදිය හැකි නඩු තීන්දු කීපයකදී ම මැනවින් පෙන්වා දී ඇත.

මෙම පොලිස් නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් නොසිටින්නේ විශේෂයෙන්ම එම නිලධාරීන් නීතිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති වීමයි මේ මෙයින් සිදුවන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම මහජනතාවගේ දැඩි පිළිකුලට සහ ප්‍රසාදයට පමණක් නොව ජනතාවගේ  වෛරයට පත්වීමයි.

මේ පිළිබඳව වහාම වගකිව යුත්තේ පොලිස්පති වික්‍රමරත්න එපමණක් නොව අද පොලිස් කොමිෂන් සභාව  පැන්ෂන් කාරයින්ගේ නවාතැන්පොළක් නිසා මේ පිළිබඳව කිසිදු තැකීමක් නොකර ඔවුන් ගෝඨාභය භීතිකාවෙන් පෙළඹෙමින් සිටින බව අප නොදන්නවා නොවේ.

මේ වනවිට මේ පිළිබඳව අපි ඉතාමත්ම හෙමින් අධ්‍යනය කරමින් සහ අවශ්‍ය පියවර ගනිමින් සිටින්නේ ඉදිරියේදී හෝ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ නීතිය ඉටුකරනු ලබන නිලධාරීන් නීතිය ඉක්මවා ගිය කිසිවක් ඉටු වීමට ඉඩ නොතැබීමට

ලංකා ජනතාවට පක්ෂ ජාති ආගම් කුල මල කිසිදු භේදයකින් තොරව නීතිය සර්ව සාධාරණව ඉටු කිරීමට නම් ඇත්තේ එකම විසඳුමකි ඒ විදේශ රටකින් පොලිස්පතිවරයෙකු ආනයනය කිරීමේ නොඑසේනම් හැමදාම මේ ආකාරයට පවතින ආණ්ඩුවට පක්ෂග්‍රාහීව නිල ඇඳුම ඔවුන්ගේ පාවඩයක්  කරන හැර වෙන කිසිවක් පොලිස් නිලධාරීන්ට කළ නොහැකි බව මෙයින් මනාව පෙනී යයි.

 

0725

2 Comments on "පොලිස්පති වික්‍රමරත්න පොලිස් නිල ඇඳුම දේශපාලකයාගේ පාවඩයට එළයි.."

  1. Hello, I thnk your site might be havig browser compatibility
    issues. Wheen I look att your blog ssite in Firefox, it looks fine
    but when opening in Internet Explorer, it has some overlapping.
    I just wanted to give you a quick heads up! Other then that, very good blog!

Leave a comment

Your email address will not be published.


*