රටේ ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට සුරේෂ් සලේ පත් කරයි.පත් වු දිනම වරායේ කන්ටේනර් පරික්ෂණ යන්ත්‍ර අක්‍රිය කිරීමට වහාම නියෝග………………?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධි ප්‍රධානියා වශයෙන් හිටපු යුද හමුදා නිලධාරියෙකු වන සුරේෂ් සලේ පත් කර ඇත.

අරුම පුදුම සිද්ධිය නම් සුරේෂ් සලේ පත්වූ වහාම ඔහුගේ පළමු රාජකාරිය වී ඇත්තේ කොළඹ ප්‍රධාන බලු පරියන්ති ඇති කන්ටේනර් රථ පරීක්ෂණ ස්කෑන් යන්ත්‍රය සියල්ලම අක්‍රිය කිරීමට නියෝග කිරීමයි.  මෙය වරාය සේවකයින් අන්දමන්ද කරවන මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වී ඇත .

සුරේෂ්  සලේ හා ගෝඨාභය රාජපක්ෂ සමග එකම රෙජිමේන්තුවේ සේවය කරන ලද නිලධාරියෙකු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙවැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ කුමක් අරභයා දැයි කීමට තරම් අපි හදිසි නොවෙමු . එහෙත් මෙය රටක කිසිසේත් නොවිය යුතු දෙයකි .රටකට කුමන හෝ උපද්‍රවයක් එසේත් නොමැතිනම් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය මාෆියාවේ ත්‍රිකෝණයට අසූ රටක් ලෙසට ලෝකෙ මේ වන විට නම කියවෙන ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය  ප්‍රවාහනයට ඇතුළුව තිබෙනවානම් සුරේෂ් සලේ කළ යුතු වන්නේ වහාම රේගුවට තවත්    ස්කෑන් යන්ත්‍ර සවිකිරිම මිස  තිබෙන  කන්ටේනර් පරීක්ෂණයට යොදවා ඒවා අක්‍රිය කිරීම නොවන බව අපි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමු .

කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ සහ සුරේෂ් සලේ නමැති රාජ්‍ය ප්‍රධානීන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඉතා වගකීමෙන් සහ අවදියෙන් සිටින බව රටේ ජනතාව වෙනුවෙන් මතක් කරමු

Be the first to comment on "රටේ ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට සුරේෂ් සලේ පත් කරයි.පත් වු දිනම වරායේ කන්ටේනර් පරික්ෂණ යන්ත්‍ර අක්‍රිය කිරීමට වහාම නියෝග………………?"

Leave a comment

Your email address will not be published.


*