පොලීසියේ ඉහළ ඇවරිය සතුටින් ඉපිල යයි………… පහල ඇවරිය එකතැන පල් වෙවී ගඳ ගසයි.

මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි තනතුරින්ඉහළ නිලධාරීන් වසර තුනකින් පසු තමාගේ නියමිත උසස්වීම් ලැබීම පිළිබඳව ඉතාමත්ම සතුටින් මනදොල සපුරමින් සිටින අයුරු Facebook  සැරිසැරීමේදී දැකගත හැකිවේ.

එහෙත් සේවයටබැදුන  කොස්තාපල්වරයා විශ්‍රාම යන්නේ කොස්තාපල් වශයෙන් යම් පොලිස් දෙපාර්තමේන්තුවේ පහල නිලධාරීන්ට අත්ව ඇති ඉරණමට හොඳම සාක්ෂිය එහෙත් අවාසනාවන්ත දේ නම් එදා මෙදා තුර සිටි කිසිදු පාලකයෙක් කොස්තාපල්වරයාගේ සිට උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක යනතනතුරු පිළිබඳව කිසිදු බැලීමක් නොකර සිටීම ඉතාමත්ම ඛේදජනකය.

උපපොලිස් පරීක්ෂක වරයෙක් වශයෙන් සිටි ඉතාමත්ම  දක්ෂ සහ උප්පත්තියෙන්ම සහජ හැකියාවක් ඇති එක් නිලධාරියෙක් කුඩු   මාෆියාවට එරෙහිව දැඩි වෙහෙසක් ගෙන කුඩු මාෆියාව නතර කිරීමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීමෙන් ඔහු ගේ තරුණ ජීවිතයම ඇදක් මත නිසොල්මන් විය.   ඉතාමත්ම ශෝචනීය පුවතක් ශ්‍රී ලංකා පොලිසියේ ඉතිහාසගතව ඇත.

එහෙත් ඒ නිලධාරියාට අද හිමිව ඇත්තේ තමාගේ ආදරණීය බිරිඳ සහ දෙමාපිය නෑ හිතවතුන්ගෙන් වාරුවෙන් රෝද පුටුවෙන් ජීවිතය ගැට ගසා ගෙන යාමයි එම නිලධාරියාගේ මස් ලේ මහ පොළොව තුළට කිඳා බසිද්දී  ඔහු වෙනුවෙන් අඩුම තරමින් වැසිකිලි පෝච්චියක්වත් ලබානොදෙන දෙපාර්තමේතුවක් වීම හරිම කණගාටුදායකය.

ඒත් ඒ අනතුර සිදු වුයේ උසස් නිලධාරියෙකුටනම් කුඹින්ට යාහැකි  “හිලක්  ” හොයා  ” අලියෙක් ” යවා මැරෙන්කම්ම පොලිසියෙන් රැකබලා ගන්නා බව නම සහතිකය .

පොලිස් දෙපාර්තමේන්තුව අඩුම තරමෙන් වැසිකිළියක්වත් ලබා දීමට තරම් කාරුණික නොවීම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ගේ තියෙන නිඳි තත්ත්වය මොනවට කියාපානවා ද  ?

එම නිලධාරියා  වෙනුවෙන් අඩුම තරමින් වැසිකිලි පෝච්චියක්වත් ලබානොදෙන  දෙපාර්තමේතුවක් වීම හරිම කණගාටුදායකය. ඒත් ඒ අනතුර සිදු වුයේ උසස් නිලධාරියෙකුටනම් කුඹින්ට යාහැකි හිලක් හොයා අලියෙක් යවා උමැරෙන්කම්ම පොලිසියෙන් රැකබලා ගන්නා බව නම සහතිකය . නිලධාරීන් 100ක් පමණ පිරිසක් සේවය ඉටු කිරීමට යාමේදී ලද තුවාල වලින් පසුව ඔවුන් ගත කරන්නේ ඉතාමත්ම අවාසනාවන්ත ජීවිතය   අද උප පොලිස් පරීක්ෂක නිලයේ  වසර 29 ක් ගත කරමින් සිටියත් ඔහුට කිසිදු උසස් වීමක් හෝ දෙපාර්තමේන්තුවේ පඩි වැඩි වීමක් නො ලැබීම ඉතාමත් කණගාටුදායකය අද වාසනාවේ දොරටු විවර වී ඇත්තේ   සහකාර පොලිස් නිලධාරින් හා නිලධාරිනියන්ටය ඉන් එහා සියල්ලටම පොලිසිය අනගි කප් රුකක්ය.

සෑම රජයක්ම ොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්ට හොඳින් වැජඹීමට සහ තමන්ගේ ඉහළ නිලධාරීන් ලවා පහල නිලධාරීන්ට නියෝග නිකුත්කර වීමට සුදුසු වටපිටාවක් ලබාදීමට තරම් පාලකයින් කපටි වී ඇත,  ඔහු එක්තරා කාලයකදී ශ්‍රී ලංකාවේ නමගිය කුඩු මාෆියාවට සම්බන්ධ පුද්ගලයෙකු මේ වන විට මිනීමැරුම් චෝදනා ලැබ සිටින දුමින්ද සිල්වාට හැරෙන හැරෙන අතේ ආචාර සමාචාර කරපු දේශයට බඳු නොවන ඔහු උසස්වීම් ලැබ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පිදුම් ලැබීමට තරම් වාසනාව ලබා ඇත. එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම පහළ නිලධාරීන් කොස්තාපල් තනතුරට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා අද ඇත්තේ ඉච්ඡාභංගත්වයකි.

පොලිසියේ උසස් නිලධාරින් ගේ හැම සාදයකට කණ් පිනවීමට යන පොලිස් තූර්යවාදක කණ්ඩායමේ ස්ථානාධිපති පවා එකම තැන වසර පහළොවකට වඩා වැඩි කාලයක්   එහෙත් ඔවුන් පිළිබඳව කිසිදු උසස් නිලධාරියෙක් හැරී නොබලන්නේ තමාගේ  තනතුරේ  තමාට ලැබෙන  සුඛෝපභෝගී ජීවිතයේ හිනිපෙත්තට දවසෙන් දවස යන නිසාවෙනි.

ශ්‍රී ලංකා පොලිසියේ මේ පිම්බෙන බැලුම තවත් නොබෝ කලෙකින්  පොලිසිය නැමති බැලුම පුපුරා යන බව නම් සහතිකය එදාට කිසිදු පාලකයෙකුට නැවත හැරී හැදීමට බැරි සිද්ධියක් වන බව නම් ඉර හඳ වගේ අපිට විශ්වාසය. ශ්‍රී ලංකා පොලීසිය නන්නත්තාර කරපු ශ්‍රී ලංකා පොලීසිය ගණිකා වෘත්තිය යොදවමින් වෙලේ සුදාලගේ,දුමින්ද සිල්වලා ගේ දෙපතුල ලඟට පොලිසිය ගෙන ගිය මහින්ද බාලසුරියලා, වික්ටපෙරේරලා වැනි කාලකනි පොලිස්පතිවරු මීට වගකිවයුතුයි.

ශ්‍රී ලංකා ජනතාව හිතන පරිදි ගෝඨාභය යනු සක්‍රයා යැයි සිතනවා නම්……………………………?

අපි මේ සක්‍රයාට කියා සිටින්නේ ඔබට හැකි සෑම දෙයක්ම කර කොස්තාපල්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා කිසියම් ක්‍රමවේදයකට ගත මනාවට ,හිතවත් කමට නොව වැඩිම කාලයක් ගත කිරීම වෙනුවෙන් සහ වෙනත් කුමන හෝ තත්ත්වයක් මත ඒ සඳහාත් උසස්විම් පටිපාටියක් සකස්කරන්නා සේ , යුද්ධයේ ආබාධිතයන්ට සේම රාජකාරි ඉටු කිරීමට යාමෙන් ආබාධිතවුවන්ටද එකසේ සැලකිය යුතු සලකා ක්‍රියා කිරීමට ඔබේවත් පඩුපුල් අසුන උණුවේවායි මේ උණුසුමේම අපි ප්‍රාර්ථනා කරමු.

 

Be the first to comment on "පොලීසියේ ඉහළ ඇවරිය සතුටින් ඉපිල යයි………… පහල ඇවරිය එකතැන පල් වෙවී ගඳ ගසයි."

Leave a comment

Your email address will not be published.


*