පොලිස්පති තුමනි,………….. ඔබ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂකයා මිස පොහොට්ටුවේ දේශපාලකයින්ගේ ගැලවුම්කරුවා නොවිය යුතුයි .

 

IODP

 

ශ්‍රි ලංකා පොලිසිය,

දේශපාලණයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය, ( IODPP )

බ්‍රිතාන්‍ය ,

එන් .ආර් 8 5පීඊ,

එක්සත් රාජධානිය.

02/12/2019

 

 

පොලිස්පති තුමා,

පොලිස් මුලස්ථානය,

කොළඹ 01.

පොලිස්පති තුමනි,

ඔබ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂකයා මිස පොහොට්ටුවේ දේශපාලකයින්ගේ ගැලවුම්කරුවා නොවිය යුතුයි.

ශ්‍රී ලංකාවේ  විධායක ජනාධිපති මේ වනවිට සති දෙකකට ආසන්න කාලයක් ඉක්මවා තිබේ. එහෙත් කිසිදු රජයේ සේවකයෙකුට නොදෙවිනි විශිෂ්ට සේවාවක් කළ ශ්‍රී ලංකා පොලිස් නිලදරුවන් බව අමුතුවෙන් කිවයුතු නොවේ ඕනෑම  පුද්ගලයෙකු දන්නා පරිදි පොලිසිය මරනින්දේ නොසිට තම වගකීම අකුරටම ඉටුකල බවකි. පොලිසිය පාරේ නොසිටියා නම් මේ වන විට මිනිසුන්  මිය ගොස් ඇත.

එසේ නොවූයේ ශ්‍රී ලාංකිකයාගේ පන්සිල් පද පහ රැකගෙන හික්මීමක් නිසා හෝ පොහොට්ටුවෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයින්ගේ කීමට සමස්ත මහජනයා ම සිල් රෙදි පොරවාගෙන සිටිය නොවෙයි මහජනයා වෙනුවෙන් දිවා රෑ නොබලා විශිෂ්ට සේවාවක් කළ පොලිස් කොස්තාපල්වරයාගේ සිට ඉහලට පොලිස්පති දක්වා අපමණ කැප කිරීමක් කළ නිසාය,

අද ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට තබා ඇති බව කිවහැකිය, ඒ දේශපාලන මතිමතාන්තර ඡන්ද පෙට්ටිය තුළින් අවසන් කරනවා මිස මිනීපෙට්ටිය තුළින් අවසන් නොවන තැනට පොලිස් නිලධාරීන් විශාල කැපවීමකින් තම රාජකාරිය ඉටුකළ නිසාවෙනි. එහෙත් ලංකා වැනි නොදියුණු මානසිකත්වයක් ඇති මහජනයා සහ බොහෝ පාලකයින් සිතන්නේ පත්වන සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ම පොලිස් නිලධාරීන් හෙළුවෙන් කඩේ  යායුතු බවයි .

ගෝඨාභය රාජපක්ෂ  විධායක ජනාධිපති බවට පත් වූයේ තමා වෙනුවෙන් ද සමස්ත පොලිසියම හෙළුවෙන් කඩේ යායුතු බව ලොවට කියා පෑමට දැයි අපි නොදනිමු. ඒත්  ගෝඨාභය රාජපක්ෂ නැමැති පුද්ගලයා වෙනුවෙන් පැවති සියලුම අපරාධ පරීක්ෂණවලදී ඔහුගේ ප්‍රකාශ සටහන් කළ සහ සියලුම විමර්ශනයන් සිදු කළ නිලධාරීන් එකිනෙකාගෙන් දිගින් දිගටම පළි ගනිමින් ඉතාමත් නින්දිත ආකාරයෙන් ජනාධිපති මුක්තිය මෙහෙ වන බවයි.

ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනය මුදාගැනීමේ අන්තර්ජාතික සංවිධානය වශයෙන් අපි මේ පිළිබඳව ලංකා ජනාධිපතිවරයාට දැඩි කනස්සල්ල මෙන්ම දැඩි අප්‍රසාදය පත්කරමු,  එපමණකින් නොනැවතී ලංකා පාලකයා මේ කරන නින්දිත ක්‍රියාවේ තරම ලෝකයා ඉදිරියේ විවර කිරීමටත් ගෝඨාභය රාජපක්ෂගේ එම කටයුතු ලෝකයාට පෙන්වා දීමටත් කිසිවිටකත් පැකිලෙන්නේ නැති බව මතක් කරමු. එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වුවත් පොහොට්ටුව බලයට පත්වුවත් පොලිස් නිලධාරීන් වෙත පැවරෙන රාජකාරි ඉටු කරනවා මිස පොලිස් නිලධාරීන් ආණ්ඩු මාරු කිරීමට හෝ ආණ්ඩු රැක ගැනීමට කිසිසේත් කටයුතු නොකරන බව ඉතා වගකීමෙන් කිව යුතුය,

එහෙත් පොලිසියේ පරම යුතුකම රජය ආරක්ෂා කිරීමයි .විශේෂයෙන්ම රටේ අපරාධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු රටක පවතින අපරාධ මැඩලීමේ කොඳු නාරටියයි, ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමට පෙර මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරණතුංග ,ඩී.බී.විජේතුංග ඒ වගේම ජයවර්ධන ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන් කාලය තෙක්ම ගත් විට කිසිවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට මෙයාකාරයෙන් නින්දිත ආකාරයෙන් නොසැලකූ බව ඉතාම වගකීමෙන් මතක් කළ යුතුය.

එසේ වීමට ප්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂ රජය බලයට පත්වී වසර ගණනාවක් තිබියදීත් ඒ කාලය තුළදීත් ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඒ වගේම සහකාර පොලිස් අධිකාරී තිසේරා වැනි පරිණත අපරාධ විමර්ශකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තබා ගත්තේ දේශපාලන දේශපාලනිකව පුද්ගලයින් ලඟට යැවීමට නොව ඔවුන් රටේ පැවැති කුමන හෝ අපරාධයක් හෙළිකරගෙන අපරාධය කුමක්ද යනු අපරාධෙ සිදු වූයේ කොතැනින්ද අවසන් වූයේ කොහෙන්ද යන්න අධිකරණයට පෙන්වා දීමටය.

විශේෂයෙන්ම පරිණත පළපුරුදු නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ආයතනයක සිට යුතු නිසාවෙනි,  නමුත් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි වහාම සිදු කළ පළවෙනි රාජකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හාම ඉවත් කිරීමය ශානි අබේසේකර පිළිබඳව කිසිවෙකුටත් ඇඟිල්ල දික් කළ නොහැකි නිලධාරීහු වචනයේ පරිසමාර්ථයෙන්ම මහත්මයෙකි.

ඒ වගේම සහකාර පොලිස් අධිකාරී තිසේරා නිලධාරියා ද ඔහුගේ සේවා කාලය තුළදී ඉතාමත්ම රටට ආන්දෝලනාත්මක සිද්ධීන්වලදී පර්යේෂණ සාක්ෂි හෙළි කරගෙන  පරවේශණ සාක්ෂි මතම අපරාධකරුවා නිතියේරැහැනට ගැනීම සාමාන්‍ය පොලිස් නිලධාරියකුට කිසිසේත් කල නොහැකි කටයුත්තකි.

ලෝකයේ අනිකුත් රටවල් මෙවැනි පුද්ගලයින් සිටින ඔවුන් sherlock holmes ල සේ සලකා  ඔවුන්ව නඩත්තු කිරීමට වෙනමම ඒකක පිහිටුවා ඇති බව ගෝඨාභය රාජපක්ෂ ඉතාමත්ම වගකීමෙන් මතක් කළ යුතුය.එහෙත් ශ්‍රී ලංකාව වැනි නොදියුනු මනසක් ඇති ජනතාවක් සිටින රටක කවදාවත් අපේක්ෂා කළ නොහැකි දෙයකි.

ලංකාවේ පොලිසිය මෙවැනි නින්දිත දේශපාලන පලි ගැනීම්වලින් තවදුරටත් යන්නේ ආපස්සට බව කිවයුතුය ලංකා පොලිසිය දේශපාලනය මුදාගැනීම සඳහා අන්තර්ජාතික ව අප ඉදිරිපත් වන්නේ ඒ නිසාවෙනි.

සුදු වෑන් සංස්කෘතිය  ඒවනි කාලවකවානුවකට නැවතත් රට ගමන් කිරීමට රටේ අපරාධ කරුවන් අල්ලන CID කොන්ද  කඩා දමනවාදැයි අපිට සාධාරණ සැකයක් ඇත.   අපි පොලිස්පති ගෙන් හා ගෝඨාභය ජනාධිපති ගෙන් ප්‍රශ්ණ කරමු.   අමුතුවෙන් කිවයුතු නොවේ .

අද අපිට පෙනී යන්නේ පොලිස්පතිවරයා තමාගේ පහල නිලධාරින් වෙනුවෙන් නිලධාරීන් සිදුකරනු ලබන රාජකාරි කටයුතුවලින් ඔවුන් ආරක්ෂා කරනවා වෙනුවට පොලිස්පතිවරයා අද පෙනී සිටින්නේ පොහොට්ටුවේ ගැලවුම්කරුවා ලෙසයි .

මේ පිළිබඳව පොලිස්පති වික්‍රමරත්න ලැජ්ජා විය යුතුය. මීට පෙර සිටි පොලිස්පති පූජිත ජයසුන්දර නීතිය නමමින් සුන්දර ලෙස අපරාධකරුවන් දේශ පාලකයින්ගේ උවමනාව මත නිදහස් කළ බව  වචන වලින්ම නීතිය නමමින් ඒ සියල්ල මා සිදුකරන බව ප්‍රසිද්ධියේ රටට කීමෙන්  ඔහු කළ කී දෑ පිළිබඳව හෙලිවිය .වික්‍රමරත්න පොලිස්පතිවරයා අද සිදුකරන්නේත් එදා පූජිත ජයසුන්දර සිදු කළ දේ ම ය.

පොලිස් නිලධාරීන්ට කුමන හෝ අසාධාරණයක් අයුක්ති සහගත කටයුත්තක් දේශපාලකයාගෙන් සිදුවන්නේ නම් ඔබ පොලිස්පතිවරයා වශයෙන් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා විනා, ඔබ පවතින ආණ්ඩුවේ අපරාධකරුවන්ගේ ගැලවුම්කරුවා නොවිය යුතු බව ඉතා වගකීමෙන් ඔබට මතක් කරනවා .

එසේ නොවුන හොත් ඉදිරියේදී ඔබට විරුද්ධව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ අන්තර්ජාතික සංවිධානය වශයෙන් අපි ඔබට නඩු පැවරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතිනවා එනිසා තවදුරටත් කියා සිටින්නේ, ඔබ ඔබේ නිලධාරීන් රැක ගන්නවා විනා ඔබ පොහොට්ටුවේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට නොයන ලෙසට ඔබට ඉතා කාරුණිකව මතක් කරමු.

ඉදිරියේදී තවදුරටත් පොලිස් නිලධාරීන්ගෙන් පළි ගැනීමට කටයුතු කළ හොත් ඉදිරියේදී සමස්ත පොලිස් නිලධාරීන් මේ වෙනුවෙන් නැගී සිටින බව නොඅනුමානය  ඔබ දෙන නරක පූර්වාදර්ශය කිසිදු පොලිස් නිලධාරියෙක් කිසිදු දේශපාලකයෙක් අපරාධයක් සෙවීමට ැලි වෙනවා මිස අවසානයේ සිදුවන්නේ ඔබට අපරාධකරුවන්ගේ නිවෙස් වලට ගොස් ඔබට ම ඔවුන් නීතියේ රැහැනට රැගෙන ඒම මිස අන් කිසිවක් නොවේ.

අපරාධකරුවන් රකින පොලිස්පති වරුන්ට සිදුවන දේ ඔබට ඇස්පනාපිටම දුටුවා අමතක නම් තවත් සැරයක් වැලිකඩ පැත්තේ ගොස් එනවි මැනවි. පොල්ස්පති පුජිත ජයසුන්දර ඔබලාට දී ඇති ආදර්ශය එය නොවේද …?

ඒ නිසා ඔබ මේ දෙන පූර්වාදර්ශය පිළිබඳව ඔබට කවදා හෝ දවසක වගකීම සිදුවන බවත් තවදුරටත් මතක් කළ යුතුය.

ස්තූතියි මීට

ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනය මුදාගැනීමේ අන්තර්ජාතික සංවිධානය,

ප්‍රධාන කැඳවුම්කරු

හිටපු පොලිස් පරීක්ෂක

පොලිස්පති වෙතට ශ්‍රිලංකාපොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය අපවෙත එවා ඇති ලිපිය එලෙසම ඉදිරිපත් කරමු.

 

 

Be the first to comment on "පොලිස්පති තුමනි,………….. ඔබ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂකයා මිස පොහොට්ටුවේ දේශපාලකයින්ගේ ගැලවුම්කරුවා නොවිය යුතුයි ."

Leave a comment

Your email address will not be published.


*