උතුරු නැගෙනහිරට 13 + දෙන ගමන් කච්චතිව් න්‍යෂ්ඨික බලාගාරයකට චීනයට දීමට ගෝඨාභය පොරොන්දුවෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වු ප්‍රථම රාජතාන්ත්‍රික හමුවේ දී ඉන්දියාවට ප්‍රකාශ කර සිටියේ තමන් පොරොන්දු වූ පරිදි උතුරු නැගෙනහිරට  13  + ඉදිරියේදී ලබා දීමට  ක්‍රියාකරන බවයි.

මෙහිදී ඉඩම් බලතල,දෙමළ භාෂාවෙන් සියළුම පරිපාලන කටයුතු කිරීමට පරිපාලන ව්‍යුහයක් ද , මෙන්ම තවත් බලතල රාශියක් සමග  නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු භාරයේ පොලිස් බලතල උතුරු පළාතට ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මෙහිදී  පොරොන්දු වී ඇත.

එසේම චීනය වෙනුවෙන්  චීනයේ ඉල්ලීම් ඉටු කරමින් චීන න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීමට මේ වන විට සියලූ වැඩ කටයුතු සිදුවෙමින් පවතී.  ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ගෝඨාභය රාජපක්ෂ පැමිණීමට පෙර නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් සමග කච්චතිවු දූපත නැරඹීමටගෝස් ඇත.  මෙහිදී ගෝඨාභය රාජපක්ෂ චීනයට පොරොන්දු ඇත්තේ කච්චතිව් දූපත තුළ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදි කොටතම රටට ද එම තාක්ෂණය ලබා දෙන ලෙසයි. 

 මේ කිසිවක් ඉන්දියාවේ දී ඔහු හෙළි නොකිරීමට පරිස්සම් වී ඇත . ඉන්දියාව මේ වනවිටත් චීනෙට ගෝඨාභය පොරොන්දු වී සිටින බව දැනගෙන ඇත ,

ඉදිරියේදී සිදු වන්නේ ශ්‍රී ලංකාව  බලවත් රාජ්‍යයන් අතර බල අරගලයක  මැදට හිරවී මිය යාමටය.චීනයේ සහ ඉන්දියාවේ මැදට හිරවී සිටින ශ්‍රී ලංකාව තව තවත් බෙල්ල හිර කර දමන ගෝඨාභය රාජපක්ෂ රජය ඉදිරියේදී පොලිස් බලතල ඉඩම් බලතල දෙමින් උතුරු නැගෙනහිර පළාතේ ජනතාව ඉන්දියාව සමග වෙනම රාජ්‍ය තාන්ත්‍රික භාගයකට එක්කරමින් බලතල බෙදීමේ ව්‍යුහයට ඔහු යන බව මෙයින් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව ගෝඨාභය රාජපක්ෂට දැඩිව කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ අනිකුත් රාජ්‍ය නායකයින් මේ නොකරන අතර ගෝඨාභය කිසිවක් කළ හොත් ඊට ජනතාවගෙන් කිසිම ප්‍රති විරෝධයක් එල්ල නොවන නිසා ඔබගේ පාලන කාලය තුළ මෙම බලතල ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ  ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිට පොරොන්දුව ඇත. වගේම තවත් සති දෙකකින් න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම පිළිබඳව නිරීක්ෂණයට න්‍යෂ්ටික විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියත බව චීන තොරතුරු මගින් දැනගැනීමට ලැබී ඇත ඉදිරියේදී සිදු වන්නේ කුමක්දැයි යන්න ශ්‍රී ලාංකීය ජනතාවට ඉතාමත්ම හොඳින් දැකගත හැකිවනු ඇත.

දේශපාලන විචාරකයන් පවසන්නේ ගෝඨාභය ගේ අභිරහස් ජයග්‍රහණය පිටිපස ඉන්දියාව සිටිමින් ඒ ලැබු ජය වෙනුවෙන් රට පාවාදී ඇති බවයි.

Be the first to comment on "උතුරු නැගෙනහිරට 13 + දෙන ගමන් කච්චතිව් න්‍යෂ්ඨික බලාගාරයකට චීනයට දීමට ගෝඨාභය පොරොන්දුවෙයි."

Leave a comment

Your email address will not be published.


*