විද්දෙ පඳුරට වැදුණේ හාවට –  ගැහුවෙ රනිල්ට වැදුණේ පක්ෂයට……………?

 යහපාලන ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක අවශ්‍යයෙන් සජිත් පේමදාස සති ගානකට පසුව රනිල් වික්‍රමසිංහ වෙති විසින් අපේක්ෂකත්වය පිරිනමන ලදී ඉන්පසුව සජිත් දිවයින පුරා රැස්වීම් 154 ක ට වැඩි ගණනක් අමතමි ඉතාමත්ම වැඩියි ජනතා ප්‍රමාණයකට කතා කිරීමට හැකිවිය ඒත් මේ සියල්ල කණපිට හරවමින් ජනතාව වෙනත් තීන්දුවකට ඒ වනවිටත් පැමිණ සිට ඇත.

මේ පිළිබඳව විශ්ලේෂණය කර බැලීමේදී බැඳුම්කර සිද්ධියට පෙර සිටම සජිත් පේමදාස එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමට තමා වෙත ගොනු කර ගන්නා ලද පුද්ගලයින් කණ්ඩායමක් යොදවා දිගින් දිගටම පක්ෂ නායකයාට එරෙහිව විවිධාකාර පීඩනයක් එල්ල කරමින් ඊට නොදෙවෙනි පීඩනයක් සහ නින්දිත ආකාරයෙන් පක්ෂ නායකයා විවේචනය කරන ස්වරූපයෙන් කතා කළ සිරස මාධ්‍ය දිගින් දිගට ම දිනපතා ම වෙන් කළේ රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගලයාට පහරදීමටය රනිල් වික්‍රමසිංහ යනු එක් පුද්ගලයෙක් පමණි.

සජිත් පේමදාස සති ගානකට පසුව රනිල් වික්‍රමසිංහ විසින් අපේක්ෂකත්වය පිරිනමන ලදී ඉන්පසුව සජිත් දිවයින පුරා රැස්වීම් 154 ක ට වැඩි ගණනක් අමතමි ඉතාමත්ම වැඩියි ජනතා ප්‍රමාණයකට කතා කිරීමට හැකිවිය.

 මේ වන විටත්  ඔහු කෙරෙහි බොහෝ කලකිරීමකි මේ නිසාම අද පාරම්බාන ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ ගණනක් ඡන්ද ලබාගැනීමට සමහර එක්සත් ජාතික පාක්ෂිකයින් ද ඔහුට ඡන්දය දී ඇති බව නොරහසකි .සජිත් පේමදාස වසර හතරකට පමණ පෙර සිටම එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අඩුපාඩු සහ සමාරක් මවාපාමින් තවත් සමහරක් සමාජයට බොහෝ සෙයින් උලුප්පා  අතිශයෝක්තියකින් කීම නිසා සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයා මෙන්ම ජනතාව දැඩි කලකිරීමට පත් වූ බව නොරහසකි.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව  අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් තිබියදීත් දිනපතාම බැඳුම්කරය එක්සත් ජාතික පක්ෂයට පහර පිට පහර ගැසුවේ සිරස මාධ්‍ය ඔවුන් සිතා සිටියේ ඉන් පසු සජිත් ප්‍රේමදාස කරලියට ගෙන ඒමටයි .

දෛවෝපගත සිද්ධියක් වූයේ ඒ ගහපු සිරසට ප්‍රේමදාසව අරගෙන එක්සත් ජාතික පක්ෂය තුළින්ම රට වටේ යෑමට අවසානයේ ඒ වනවිටත් එක්සත් ජාතික පක්ෂය පිළිබඳව සමස්ත ජනතාවම සිරස කිවූ දේ පිළිබඳව සිතමින් එක්සත් ජාතික පාක්ෂිකයා මෙන්ම සමස්ත ජනතාවම දැඩි කලකිරීම නිසාම එක්සත් ජාතික පක්ෂයට බොහෝ ප්‍රදේශවල සිංහල බෞද්ධ ඡන්ද අහිමිවිය.

මෙනිසාම නොසිතූ ආකාරයේ ජයග්‍රහණයක්  රාජපක්ෂ දිනා ගැනීමට සමත් විය. වසර ගණනක සිට එක්සත් ජාතික පක්ෂයට පහර නොගහ සිටියානම් මේ වන විට ලංකාවේ හත්වන ජනාධිපති වීමට හැකිව තිබුණේ සජිත් ප්‍රේමදාසට බව ආපසු හැරී බැලීමේදී මනාව පෙනීයයි.

දැන්වත් සිතාගත යුත්තේ එකිනෙකා පරදවා කුලල් කා ගනිමින් මේ පොරකන්නේ රට හැදීමට පක්ෂයක් හැදීමට නොව තමාගේ කොටස වෙන්කර ගැනීමට සහ තමාට හිමිවන වරප්‍රසාද වරදාන  ලබාගැනීමේ චේතනාවෙන් බව අද මහජනතාව නොදන්නවා නොවේ.

මේ නිසා එක්ව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සියල්ලම අතීත ආවර්ජනය කින් පසු ඒ සිදුවු සියලු වැරදි නිවැරදි කරගෙන නව මාවතකට පැමිණිය යුතු කාලය දැන් එළැඹ ඇත.

|සජිත් ඒදා සිරස ලවා රනිල්ට ගහනකොට වැදුනේ පක්ෂයට සේම අද සජිත්ට ගහනකොටත් වදින්නේ එක්සත් ජාතික පක්ෂයටම බව හැමොම සිහිතබා ගතයුතුය.