ලංකා දවසේ සිකුරාදා……………….. ගෝඨාභය රට හදයිද ……….? රට යයිද………….?

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති ධුරයට අතිවිශිෂ්ට ජයක් ලබමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විය මෙය ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්ද බලය මැනවින් ප්‍රදර්ශනය කළ එක් අවස්ථාවකි සමස්තයක් වශයෙන් ගත් කල  59%  ඉක්මවූ රට වැසියන් කියා සිටින්නේ රටේ නීතිය සහ සාමය ඇති කිරීමට මෙන්ම  දූෂීතයින් පන්නා දැමීමට නම් ගෝඨාභය වැනි දැඩි තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙකු රාජ්‍ය නායකයෙකු විය යුතු බවකි.

ඊට හොඳම උදාහරණය වන්නේ කාලාන්තරයක් පුරාවට පැවති නෝන්ජල් රාජ්‍ය පාලනයයි කිසිවක් කර කියා ගත නොහැකි යන යන තැන තප්පුලන යන යන තැන තමා ප්‍රවෘත්ති දුටුවේ පත්තරෙන් හෝ රූපවාහිනියෙන් කියන රටක රාජ්‍ය නායකයෙක් කුමකට දැයි ජනතාව ප්‍රශ්න කළේ .

එවන් අවධියකදී ය එසේ යහපාලනය නැමති බෝඩ් ලෑල්ල ජනතාව අපමණ බදු බරින් සහ අපමණ පීඩාවෙන් දුක් විඳිද්දී මැතිඇමැතිවරුන් අගමැතිවරයා ප්‍රමුඛ සියල්ලම සිදු කළේ ඔවුන්ගේ යටි මඩි තරකර ගැනීම පමණි .මේ නිසාම ජනතාවට පසුගිය රාජ්‍ය පාලනය චිත්ත කදුරු විය.

ඒත් ජනතාව රටක් වශයෙන් දිනා සිටියේ අපමණ නිදහසකි ඒ නිදහස මල්පැල ගැන්වූයේ 2019 නොවැම්බර් 16 වන දින පැවති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙනි මැතිවරණය ශ්‍රී ලංකාවේ කොතෙකුත් පැවති මැතිවරණය මැතිවරණ අභිබවා ගොස් ඉතාමත් සාමකාමි මැතිවරණයක් වූවායැයි දෙස් විදෙස් සියලුම දෙනා කියා ඇත. ජනතාව කොපමණ නිදහසක් දිනූ නිදහස භුක්ති වින්දත් ජනතාවගේ බඩට යමක් දැනෙන් නැත්තං ජනතාවගේ අතමිට සරු නොවෙනවා නම් ශ්‍රී ලංකා පුර වැසියෝ පුරුදු වී ඇත්තේ වෙනතක් බලා ගැනීමයි ඒ නිසාම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෛත්‍රිපාල සමග ඇතිකරගත් ගැටුම් ජනතාවට රනිල් මෛත්‍රි ගැටුම වහ කදුරු  වී තිබූ කාලයක ගෝඨාභය මතුවිය.

මෙහිදී ජනතාව ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටි එකම දේ රටේ නීතිය සාමය තෙක් මානයක නැති නිසා ඒ වගේම දිනපතාම ඇතිවන වැඩවර්ජන හා උද්ඝෝෂණ මැඩ පවත්වා ජනතාවට බදු බරින් නිදහස් කොට රටක් වශයෙන් ඉදිරියට ගෙනයන්න ලෙසයි මෙහිදී ගෝඨාභය රාජපක්ෂට ඇත්තේ එසේ මෙසේ අභියෝග ඊට ප්‍රධානතම අභියෝගය නම් තමා සහ තමා වටේ සිටින සියලුම පුද්ගලයින් දූෂිත බවට ජනතාව ඉදිරියේ ඔවුන් හංවඩු ගැසී අවසන්ය. මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන කණ්ඩායමට දූෂණ චෝදනාවන් පමණක් නොව ජනතාවගේ බදු මුදල් වංචා කරන ලද පුද්ගලයින් බවටමහාධිකරණ වල නඩු විභාග වන පුද්ගලයින් වටා සිටගෙන සිටි.

කෙසේ වෙතත් ජනතාව අපේක්ෂා කරන පරිදි ගෝඨාභය රාජපක්ෂ පියවරෙන් පියවර ඉදිරියට තබන බව අපි කිවයුතුය .ගෝඨාභය රාජපක්ෂගේ කුමන වැරදි පෙර තිබුණත් ඔහු මින් ඉදිරියට හෝ නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම් රටක් වශයෙන් දූෂිත  පලවාහැර හරි දේට හරි කීමටත් වැරදි දේ වැරදියි අපි කිසිවිටෙකත් ජනතා පුවත්පතක් වශයෙන් පසුබට නොවන බව ඉඳුරාම කිව යුතුය.

 රාජපක්ෂ ඉතාමත්ම ප්‍රශංසනීය ආකාරයෙන් තමාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාව වෙනත් රටවල පැවති ආකාරයට එක් මංතීරුවක් වසා අනිත් මංතීරුවේ ජනතාවගේ එදිනෙදා කටයුතු සිදුකරගැනීමට සලසා තිබීම ඉතාමත් ම ප්‍රසංසනීයයි. පමණක් නොව ඊයේ දින මහනුවර දළදා මන්දිරයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ඔහු පිරිවරා පැමිණියේ ඉතාමත්ම සීමිත පිරිසකි .

මේ පිළිබඳව ජනතාව ඉතාමත් සතුටින් ඒ වගේම ස්තුතිවන්තව ඔහුට ප්‍රශංසා කරන අයුරු අප දුටුවා ගෝඨාභය රාජපක්ෂ මෙයාකාරයෙන් දිගින් දිගටම තමාගේ වටේ ඉන්න දූෂීතයින් පලවා හරිමින් පිරිසුදු පක්ෂයක් පිරිසිදු රටක් ගොඩනැගීමට කටයුතු කළහොත් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ දේශපාලකයින් අභිබවා ගිය සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් ඔහු ජනතා හදවත්වල නොමැකෙන සටහනක් තබන බව ඒකාන්තය .

ගෝඨාභය රාජපක්ෂ යනු කපටි කෛරාටික දේශපාලනඥයෙක් නොවන බව ඉඳුරාම කිව යුතුය. ඉතාමත්ම ප්‍රශංසනීය සහ ඉතාමත්ම වගකීමක් සහිතව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් රටට යමක් කළ පුද්ගලයෙකි ඔහු සතු කුමන අප්‍රසන්න අතීතයක් තිබුණත් අපි ජනතාව වෙනුවෙන් පුවත්පතක් වශයෙන් දකින්නේ ඔහුගේ ඉතාමත්ම හොඳ ප්‍රසංසනීය කටයුතු ජනතාව වෙත අපි නොබියව ප්‍රකාශ කිරීමට සැදී පැහැදී සිටියි.

මේ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ රට ඉදිරියට ගෙන යන්නේ නම් ඔහුට එක් දෙයක් කළ යුතු ඇත.  විමල් වීරවංස ගම්මන්පිල මහින්දානන්ද අලුත්ගමගේ වැනි දේශපාලන හරිහම්බ කරගත් ජනතාවගේ මුදල් හොරාකාපු හොර තක්කඩින් එළවා දැමීම ඔහු කළ යුතුය .

එහෙත් අද සිදුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට දැලි පිහියෙන් කිරි කෑම ය මන්ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ ගෙනවිත් හින්ද වූයේ විමල් වීරවංශලා ගම්මන්පිලලා  අලූත්ගමගේ ලා නිසාය.

දැන් ගෝඨාභය රාජපක්ෂ ද සිදුව ඇත්තේ තවත් දූෂිත ඉඳන් කරගෙන මේ රට කරගෙන  යාම ද නොඑසේනම් දූෂිතයන්ට රට බාර දී ගෝඨාභය නැවතත් රට යෑම දැයි කියන උභතෝකෝටික ප්‍රශ්නය අභිනව ජනාධිපතිවරයා වෙත ඇති ප්‍රධාන අභියෝගයකි.

මේ නිසාම ජනතාව වෙනුවෙන් බදු මුදල් හොරාකාපු සියලුම පුද්ගලයින් ඉදිරි මහ මැතිවරණයේදී ඉවත්කොට ඉතාමත්ම රටට රටට වැඩදායි උගත් බුද්ධිමත් සහ බහුල අත්දැකීම් ඇති පුද්ගලයින් රටේ ඉදිරි වැඩ කටයුතු වලට යොදවා ගැනීමට සහ ව්‍යවස්ථාදායකයට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනු ඇතැයි ජනතාව වෙනුවෙන් අපි  අපේක්ෂා සහගතව බලාපොරොත්තු සහිතව සිටින්නෙමු .

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂට සිදු වන්නේ තවදුරටත් තමා වටේ සිටින දූ සිතින් සමග මේ රට ඉදිරියට ගෙන යනවද …..? නොඑසේනම් දූෂීතයින් පන්නා දමා තමා සුවහසක් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ජනතාවගේ හදවතේ ජනාධිපතිවරයා  වෙනවාද …? යන්න ගෝඨාභයට ඉදිරි කාලයේදී නිතැතින්ම සිදුවන ඇත.

එහි දී ඔහු ගන්නා තීන්දුව දූෂිතයන් සමග ඉන්නවාද නොඑසේ නම් ඔහු යනවා ද යන්න පිළිබඳව ජනතාව දැඩි සෝදිසියෙනි පසුවන බව කිව යුතුය

අජිත්……

Be the first to comment on "ලංකා දවසේ සිකුරාදා……………….. ගෝඨාභය රට හදයිද ……….? රට යයිද………….?"

Leave a comment

Your email address will not be published.


*