රාජපක්ෂලාට ම භය වී ඇති රාජපක්ෂලාගේ ම වන්දිභට්ටයෝ අද ජනතාවගේ හව්හරණ ඉල්ලයි

මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රධාන පෙළේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සියල්ලම රාජ්‍ය අවශ්‍යතාවය අනුව සිදු වූ බවට ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කරමින් california අධිකරණයට දැනුම්දී ඇත.

ඒ බව california අධිකරණයට දැනුම් දුන්  බව ඉතාමත්ම හොඳින් අපි අධ්‍යනය කළෙමු  .මෙයින් ගම්‍ය වන්නේ ලංකාවේ එවකට රාජ්‍ය තන්ත්‍රය මෙහෙ වන ලද්දේ මහින්ද රාජපක්ෂ නමැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා බවයි . එසේනම් ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ භාෂාවෙන් ම කියන පරිදි ඔහුගේ නීතිඥයින් අධිකරණයට පෙන්වා දී ඇති පරිදි ගෝඨාභය රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂගේ අමාත්‍යංශ ලේකම්වරයෙක් පමණක් බවයි, එසේනම් මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂට දුන් නියෝගයක් ඉටුකර ඇතුවා මිස ඔහු ඉන් ඔබ්බට ක්‍රියා කර ඇති බවයි එසේනම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ,තාජුඩීන් ඝාතනය ,එක්නැලිගොඩ ,ඝාතනය මේ සියල්ලම මහින්ද රාජපක්ෂ විසින් සිදුකළ බවට නොකියා කියන්නම් නොවේද…….?

california අධිකරණයේ තීන්දුවත් සමගම මහින්ද රාජපක්ෂගේ හෙලූ ගැලවී ඇති බව මුළු ලෝකයම අද පිළිඅරගෙන හමාරය.

ඒත් ලංකාවේ හරක් මහජනයා එය පිළිනොගන්නේ මහින්ද රාජපක්ෂගේ අගුණ ඔවුන් නොදකින නිසාය ඔවුන් සිතන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අපි ජීවත් විය යුතු බවකි. එවැනි මතයක සිටින පුද්ගලයින් ඒ කිසිවක් නොදැක එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තම ප්‍රකාශය ලබා දී එළියට ආ චන්ඩි මල්ලි නමැති මහින්ද රාජපක්ෂ සමග එකට තේ කෝප්පයක් බොන්න පුළුවන් හම්බන්තොට   චණ්ඩි මල්ලිට වෙඩි තබා මරා දැමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට වාහන නැවතුම් පොළේ දී ප්‍රධාන මාර්ගයේ.  විශේෂ  අධි ආරක්ෂක කලාපයක් වශයෙන් නම්කර තිබූ පොලිස් මූලස්ථානය ඉදිරිපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරි මාර්ගය තුළ චන්ඩි මල්ලිව වෙඩිතබා ඝාතනය කළේ ඒත් මහින්ද රාජපක්ෂගේ නියෝගයක් නිසා නො වන්නට බැරි නැත .එසේ විය යුතුමය.

මන්ද ගෝඨාභය ම කියන පරිදි ඒ රාජ්‍ය අවශ්‍යතාවයක් වීමට ඉඩ තිබුණි අද සජින් වාස් ගුණවර්ධන ද එවකට මහින්ද රාජපක්ෂගේ එක් වන්දිභට්ට

සජින් වාස් ගුණවර්ධන මහින්ද රාජපක්ෂගේ ඉතාමත් ම ළඟින් සිටි පුද්ගලයෙකි සියලුම රාජ්‍ය සේවකයින් මැති ඇමතිවරුන් පවා මහින්ද ළඟට යාමට පෙර මහින්දගේ ළඟින්ම ඉන්න සචින් වාස් හමුවීම එවකට පැවැත් මහින්ද යුගයේ පැවැති සම්ප්‍රදායයි.

මේ කොතෙක්ද යනු මහින්ද රාජපක්ෂ  සජින් වාස්ට වෙනමම ගුවන් සේවයක් ආරම්භ කිරීමටද කෝටි ගණන් මහජන ධනය වෙන් කර දී තිබුණි.

මිහින් ලංකා නමින් නමක් යොදා වසර හතළිහකට පනහකට වැඩි පැරණි කසිකබල් ගුවන් යානා මෙරටට ගෙනවිත් කෝටි ගණන් මුදල් පිල්ලි ගැසූ මහින්දගේ සට්ටැඹියෙක් වූ සජින් වාස් ගුණවර්ධන එදා මහින්ද රාජපක්ෂගේ හෙවනැල්ල සේ එකට සිටි පුද්ගලයෙකි.

අද පූස් පැටියෙක් සහ මම කිසිවක් නොකල මම හොඳ  කියන මේ සජින් වාස් ගුණවර්ධන මහජන ධනය කුටි ගණන් විනාශ කරපු සියලුම මිනීමැරුම් කොල්ලකෑම් සහ ඒවා සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව ොඳින් දැන සිටි සෘජුව හෝ වක්‍ර ව ආධාර අනුබල දී ඇතැයි සිතිය හැකි පුද්ගලයෙක් වාස් ගුණවර්ධන අද මේ ජනතාවගේ අවධානය යොදා අවධානය ඉල්ලා සිටින්නේ ජනතාවට තමාගේ දුක කියා සිටින්නේ ඔහු මහින්ද වාදියෙකු නොව මෙතැන් පටන් මා සජිත් වාදියෙකු වීම නිසා ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ගමනේ  වාස් සජින් වාස් ගුණවර්ධන , චන්ඩි මල්ලිලා සිටියත් ගෝඨාභය රාජපක්ෂලා තමාට ඕන තැනදි සචින් වාස් ලා චන්ඩි මල්ලිලා පාවිච්චි කර ඒවා අහක දාන මිස පාවිච්චි කරපු දේවල් හරි දාගෙන යන ජාතිය පුද්ගලයින් නොවන බව දැන්වත් සජින් වාස් ගුණවර්ධන තේරුම් ගන්නවා නම් අපි ඉතාම සතුටට පත්වෙනවා.

අපි එදා සජින් වාස්ට මතක් කර සිටියා අද ඒ නිසාමයි සජින් වාස් ගුණවර්ධන සිදුව ඇත්තේ තමාට දැන් රාජපක්ෂලාගේ තුවක්කුව එල්ල වී තිබෙනවා .  තම සොහොයුරා ශ්‍රී ලංකාවේ සේනාධිනායකයා මෙන්ම රටේ විධායක ජනාධිපතිවරයා වී සිටියදී ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ප්‍රබලම අමාත්‍යංශයක ලේකම්වරයෙකු වශයෙන් අමාත්‍යවරයා වූ ඔහුගේම  සොහොයුරාව අභිබවා ක්‍රියා කළ ප්‍රබල ලේකම් වරයෙකු බව මේ වන විට ජීවතුන් අතර සිටින සමස්ත ජනතාව දන්නා කරුණකි,

ශ්‍රී ලංකාව වැනි රටක් ලෝකයා ඉදිරියේ නිරුවත් කරමින් ශ්‍රී ලංකා මාතාවට ලෝකේ ඇති ගෞරවය අභිමානය විනාශ කිරීමට කිසි විටෙකත් රාජපක්ෂලා පැකිලෙන්නේ නැත. ඒ රාජපක්ෂලා හැම විටම හැම විටම සිතන්නේ රට ගැන නොව තමාගේ පවුල සහ තම පවුලේ උන්නති පිළිබඳවයි මහින්ද රාජපක්ෂට යුද්ධය නිම කිරීමට සිදු වූයේ එවකට ලෝකෙ ඇතිව තිබූ දේශපාලන වාතාවරණය වූ ත්‍රස්තවාදයට එරෙහිව ලෝකයේ සෑම රටක්ම එකට එකාවන්ව පෙළගැසී සිටී ම ය.

එය ඉතාමත් හොඳ අවස්ථාවක් වීම නිසාම මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වයෙන් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට ත්‍රස්තවාදය නිමා කිරීමට හැකියාව ලැබුණු එසේ නොවන්නට අද වන විට  ඔවුන්ගේ වේදිකාවේ ප්‍රභාකරනුත් ගෙනා වාඩිකරගෙන ප්‍රභාකරනුත් ඔවුන්ගේ පැත්තේ සිටිනවා කියා .

ජනතාව ගොනාට අන්දවා කෙසේ හෝ තමාගේ ගොඩ වැඩිකර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ඉතාම හොඳින් පෙනී යයි මේ නිසාම අද ජනතාවට ඇත්තේදැන්වත් මහින්දලා පස්සෙන් යන මහින්දලාගේ අගුපිලේ සිත ජනතාවට දෙස් දෙවොල් තබමින් ජනතාවගේ ඩෙවල් හූරා කමින් ජීවත් වෙන උන් සිටිය යුත්තේ සජින්වාස් වැන්නෙකුට මහින්දලා මෙසේ කරනවනං අපෙනුත් මහින්දලා වැඩ ඇරගෙන අපි මස් කඩේට දක්වන බව නම් නොරහසක් බව දැන්වත් කවුරු කවුරුත් තේරුම් ගතයුතුය එකට හොඳම නිදසුන අද සජින්වාස් මේ කියන දේ………………………!!

0725

 

Be the first to comment on "රාජපක්ෂලාට ම භය වී ඇති රාජපක්ෂලාගේ ම වන්දිභට්ටයෝ අද ජනතාවගේ හව්හරණ ඉල්ලයි"

Leave a comment

Your email address will not be published.


*