අගමැතිතුමනි….රජයේ වෛද්‍ය නිලධාරින් රජයේ සේවකයින් නොවේද ? නො එසේනම් ඔවුන් කවුරුන් ද ?

රටේ මහජන මුදල් වලින් නොමිලේ අධ්‍යාපනය ලබා ඒ අහිංසක ජනතාවගේම ලේ උරා බොන ලෝකයේ භයානකම සත්ව කොට්ටාශය දැනට ජිවත් වෙන්නේ සිරිලංකා වේය.(ලෝකයේ කිසිදු රටක මෙවනි වෛද්‍යවරුන් නැත ) වේලක් කකා, තව වේලක් නොකා සිටින අහිංසක ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන රටම පිලිගත් රැකියාවකට ගොස් ඒ ගියදා පටන්ම රටේ ජනතාවම මරන් කන්නය තටමන ජාතිය වෛද්‍යවරු කිවොත් එය නිවරදිය.
මේ ලිපිය ලියන මොහොත වනවිට රජයේ වෛද්‍යවරු දිවයින පුරාම වැඩ වර්ජනයකට තටමමින් සිටින බවට ඉතා විශ්වාසදායක තොරතුරු අප වෙත ලැබී ඇත. සමස්ථ රජයේ සේවකයන් සියල්ලටම වැටුප් ගෙවනුයේ රජයේ ගිනුමින් නම් ඔවුන් සියලුම දෙනා රජයේ සේවකයෝය. රටේ ජනයාට තිබෙන ලොකුම ගැටලුව මිට රජයේ වෛද්‍ය නිලධාරින් අයත් නොවේද යන්නයි.සාමන්‍ය රජයේ සේවකයන් හා මාණ්ඩලික ශ්‍රේණ්යේ නිලධාරින් කවරෙකු වුවත් රාජ්‍ය සේවයම විනය නිති සංග්‍රහයට යටත්ය. ඒ විනය නිති සංග්‍රහයට අනුව රාජකාරි කිරිමට සමස්ථ රාජ්‍ය සේවයම බැදි ඇත.
එහෙත් අවාසනාවනම් මේ රාජ්‍ය සේවයට වෛද්‍යවරු අයත් නොවීමයි. අද වනවිට යහපාලනය පෙරලා දැමිමට කස කරුවන් කුලියට ගත්තා සේ කස කරකවන්නේ ඒ වෛද්‍යවරුය. ජනතාවගේ බදු මුදලින් සුපිරි ජිවිත ගත කරන සමහරක් වෛද්‍යවරු ,ජනතාව බදු මුදල් ගෙවන සෑම තැනකදිම් ඒ අයට බදු නැත.
කොහොම උනත් මේ සුපිරි පංතිය ඒ සියලුම වරප්‍රසාද ලබාගැනිමනම් කිසිදා නතර නොකරයි. වහලවල් තෙමෙන පංතිකාමර, කැඩිච්ච පුටු කලට වේලාවට ලබාගන්න බැරි පොත්පත් මේ සියලු අඩුපාඩු වලින් තවමත් අපේ ගම්බද පාසැල් එමටයි. එහෙම තියෙද්දි ලෙඩකට බෙහෙත් ටික ගන්න ගියහම නොවිදනා බලු දුක් සේරම විදලත් ඒ බෙහෙත් ටිකවත් ගන්න බෑ. අද වනවිට රට පුරාම රොහල් වල පාදෙනිය මාපියාවක් බිහිව ඇත.
පසු ගිය කාලයේ බලුකුක්කන් සේ වලිගෙ දෙකකුලේ ගසා ගෙන සිටිය අනුරුද්ද පාදෙණියලාට හිටි හැටියේ පණ ආවේ යහපාලනය නිසාය එහෙනම් යහපාලනය දිරවන් නැති රජයේ කවුරු ප්‍රභලයෙක් මොවුන් පිටුපස සිට මෙහෙය වනවාද
මෙහෙම අහිංසක ජිවිත එක්ක සෙල්ලන් කරන්න ඉඩදි ආණ්ඩුව බකන් නිලාගෙන් නොඉද මේ පාදෙණියලාගේ නඩයම මෙල්ල කල යුතුයි. නොයෙසෙනම් මොවුන් රට පුරාම වැඩ වර්ජන කරමින් අහිංසක් ජිවිත බිලිගන්නවා ඒකාන්තයී.
මොවුනුත් අයිති රජයේ සේවයට නම් රාජ්‍ය සේවකයා ගෙන් මහජනයාට ඉටු කිරිමට තිබෙන වගකිම ඉටු විය යුතුයි. නොයෙසේ නම් ඊට විරුද්ධව වහාම මැදිහත්ව එය ඉටු කර ලිය. යුතුය.

Be the first to comment on "අගමැතිතුමනි….රජයේ වෛද්‍ය නිලධාරින් රජයේ සේවකයින් නොවේද ? නො එසේනම් ඔවුන් කවුරුන් ද ?"

Leave a comment

Your email address will not be published.


*