රිය අනතුරු වලින් රටකට අහිමිවන අහිංසක ජීවිත වලට පාලකයන් , පොලිසිය හා වාහන පරීක්ෂක වරුත් වගකිවයුතුයි . ( විඩියෝ සහිතයි ).

2019 වසරේ ජනවාරි 01 සිට අගෝස්තු 01 දා වන විටරිය අනතුරු නිසා අහිමිව ඇති ජිවිත සංඛ්‍යාව 1629කි. මේ පිලිබදව රටේ පාලකයන් කිසිදු තැකීමක නොකරන අතරම ඊටම පොලිසියද, මුදලට රියදුරු බලපත්‍රය විකුණන වාහන පරික්ෂකවරුත් ඉතාම අවාසනාවන්ත ලෙසට මේ රාජකාරිය තුලින් මගහැර ඇත.

ශ්‍රි ලංකාවේ කිසිදු විනයක් නැති රටක් බව ඉතාම හොදින් පැහැදිලි න්වන්නේ මේ වනවිට කුණුහ

රුප කියමින් ඉතාම පහත් නුගත් ආකාරයට යම යම් පුද්ගලයන් සමාජ මාධ්‍ය තුල හැසිරෙන ආකාරය දැකීමෙනි. ලංකාවේ මහජනතාව කෙසේ වෙතත් පොලිසිය වත් අඩුම තරමින් නාගරික හා අරධ නාගරික ග්‍රාමිය යන මර්ග වල වේග සීමාවන් නොදන සිටීමයි.

ඊට පොලිසියට දොස් පැවරීම කිසි සේත් නොකල යුත්තේ මාර්ගවල වේගසීමාවන් පැනවීම කලයුත්තේ ඒ ඒ පලාත්වල නගර සභාව හෝ මාර්ග සංවර්ධන ආයතන විසිනි.
ඒත් මේ නොහික්මුණු රියදුරන් මෙල්ල නොකිරීම පොලිසියේ වරදකි. අද දිනයේ පමනක් රටට අහිමිව ගිය ජීවිත 06 හා බරපත්ල තුවාල කරුවන් , මියගිය අය ගේ පවුල් වල අනාගතය මේ සියල්ලම යම දවසක බැරවන්නේ රටේ සමස්ථ ජාතියේම කරමතටය.

පොලිසිය කලයුත්තේ මාර්ග නිති මිටවඩා දැඩිසේ ක්‍රියාත්මක කිරීම හා නව පනත් ගෙන ඒමට පාලක්යන්ට බල කිරීමය.ලංකාවේ රිය අනතුරකින් ජීවිතයක් නැති වීම වැනි හේතුවක් අපරාධම්ය වරදකට නොගැනෙන නිසා රියදුරන් මිනිමරා නැවත තැවත් කරමින් සිටී. පොලිසිය මරනින්දේ නොසිට වහාම මේ පිලිබදව අදාල අමාත්‍යංශ සමග කතා කොට වහාම මාරක රිය අනතුරු මිනිමැරීම හා සමානවම කටයුතු කරන තාක නොහික්මුනු රියදුරන් ජනතාව නොමරා සිටින්නේ නැත.

මෙවනි ජීවිත විනාශයක් රටක සංවර්ධනයට හා දිලිදුබව තව තවත් වැඩිකිරීමට බලපාන බව ලෝකයේ දියුණු රටවල් සොයා ගෙන ති බෙන නිසාම එංගලන්තයේ මාරක රිය අනතුරක් සිදුකල හොත් අවම වශයෙන් වසර 15 වත් සිරගතවනවා පමණක් නොව රියදුරු බලපත්‍රය සදාකල්ම අහිමිවේ.

මිලියන 38.4 එංගලන්තය තුල වාහන ලියාපදිංචි කොට ඇත. මෙවනි මිලියන 38.4 වාහන තිබියදී රියදුරන් ගේ නොසලකිලිම නිසා මියගිය ගනන26,612 වේ. මාරක රිය අනතුරක් සිදුකල හොත් ඊට ලැබෙන දැඩි දඩුවම් නිසාම දිනකට විවිධ රටවලින් මෙරටට එන රියදුරන් දැඩි අවධානයෙන් මාර්ග නිති අකුරටම පිලිපදිමින් රිය ධාවනය කරයි.

රටේ අගනගරය වු කොළබවත් අඩුම තරමින් වේග සීමාවන් හා විගසීමාවන කඩ කරන රිය දුරන් වැටලීමට කිසිම ක්‍රමවත් වැඩ පිලිවලක් නැත. ශ්‍රි ලංකාවේ මෙසේ මිය යන සෑම මනුෂ්‍ය ජිවිතයකටම තවත් වකිවයුතුම පිරිසක් සැඟව ඇත. ඒ රියදුරු පරීක්ෂක වරුය. ලංකාවේ ඉතාම දුෂිතම ගොන්නට වැටෙන් මේ පුද්ගලයන් රියදුරු බලපත්‍ර මුදලට විකුණා මිනිමරණ බව රටම දන්න කරුණකි.

මෙවන් රාජ්‍ය ආයතන සියල්ලම රටේ සමස්ථ පිරිහිමට වගකිව යුතුය. රිය අනතුරකින් පුද්ගලයන් 1629 මාස අටක් තුල රටට අහිමිවීම පිලිබදව රනිල්ට ,මෛත්‍රිට,මහින්දලාට හෝ අනුර කුමාරලාට වැඩක් නැත. ඒත් ජනතාව පාලකයන් පසුපස වැදවැටී නොහිද උන් ලවා නව නිති රිති ඇති නොකර ගතහොත් ඔබේ මරණයත් අතළග නොවේ යැයි ඔබට කිව හැකිද. ….?

Be the first to comment on "රිය අනතුරු වලින් රටකට අහිමිවන අහිංසක ජීවිත වලට පාලකයන් , පොලිසිය හා වාහන පරීක්ෂක වරුත් වගකිවයුතුයි . ( විඩියෝ සහිතයි )."

Leave a comment

Your email address will not be published.


*