අසම්පුර්ණ ලිපිගොනු අපවෙතට ලැබුණම ඒවා සම්පුර්ණ කරන ලෙසට උපදෙස් දීම නිතිපති ගේ වැඩක් නොවේ.- නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් අසාබ් නවාබ්

 

වසර දෙක හමාරකට ආසන්න කාලයක් තවුපික් ජමාත් කල්ලිය අත්වඩංගුවට ගැනීමට හා ඒපිලිබදව අවශ්‍ය නිති උපදෙස් පොලිසිය නිසි පරිදි ඉල්ලා තිබියදීත් ඊට කිසිදු පිලිතුරක් නොදී කල්මැරීම සිදුකොට ඇත.

තම දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයට හෝ වෙනත් අංශයකට පිලිතුරු දීමට බැදී නොමති බව පාස්කු ප්‍රහාරය පිලිබදව පත්කල විශේෂ තේරීන් කාරක සභාව හමුවේ ඊයේ දිලීප පීරිස් හා අසාබ් නවාබ් යන නියෝජ්‍සොලිස්ටර්  දිගින් දිගටම පවසා සිටින ලදි.

අසාබ් නවාබ් නියෝජ්‍ය සොලිස්ටර් වරයා දිගින් දිගටම කියා සිටින්නේ පොලිස් ලිපි ගොනු ප්‍රමානවත් නොවන බවයි. එසේ ලිපි ගොනු ප්‍රමානවත් නැත්නම් ඒබවට පොලිසියේ අදාල අංශවලට දැනුම් දීම කලයුතුව තිබුනේදැයි අංශුමාරසිංහ හා නලීන ජයතිස්ස මංත්‍රි වරු විමසීමේදී ඔහු කියා සිටියේ එය නිතිපති දෙපාරතමේන්තුවේ වැඩක් නොවන බවයි.

අධීනිතිඥ නවාස් අසීස්ට මේ ලිපිගොනුව අදුනා ගැනීමට පාස්කු බෝම්බය පුපුරන තෙක්ම නොහැකිවිය එවවැනි අයෙකු රටේ නිතිය පිලිබදව කුමක් කරන්නේදැයි ජනතාව ප්‍රශ්ණ කලයුතුය.

ශ්‍රි ලංකාවේ නිති දෙපාරතමේතුව ජනතාව ගේ බදුසල්ලි වලින් යැපෙමින් ජනතාවම පීඩාවට පත්කරණ තවත් එක්තරා කාලකන්නිම අකර්ෂක්ෂන රජයේ දෙපාරතමේතුවකි.

මේ වනවිට පොලිසිය තුලින් විවිධ කරුණුවලට නිතිපති උපදෙස් යවා ඇති අපරාධ ගොනු ගනන 1000 කට ආසන්න බව පොලිස් දෙපාරතමේතුවේ ප්‍රකාශකයෙක් කියා සිටියහ. 2000,2001 වසර වල ගොනු පවා මෙතෙක් උපොඅදෙස් නොමතිව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියාය.

Be the first to comment on "අසම්පුර්ණ ලිපිගොනු අපවෙතට ලැබුණම ඒවා සම්පුර්ණ කරන ලෙසට උපදෙස් දීම නිතිපති ගේ වැඩක් නොවේ.- නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් අසාබ් නවාබ්"

Leave a comment

Your email address will not be published.


*