රටේ මිනිසුන් කැසිනෝවලින් නොමරා මරණ ” ධම්මිකපෙරේරා ” එංගලන්තයේ රෝහල්වල කුණු ගෙන්වා ටිකටික මරයි,

 

Image result for hayleys chairman

Image result for hayleys chairman

2013 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ලබාදීතිබු බලපත්‍රයක් අනුව එංගලන්තයේ රෝහල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය ඉවත් කරගෙන ශ්‍රි ලංකාවට රැගෙන ඒමට හේලිස් සමුහ ව්‍යාපාරයේ එක් ව්‍යාපාරයකි.

හේලිස් සමුහ ව්‍යාපාරයේ සභාපති අන්කවරෙකුවත් නොව මෙරටට කැසිනෝ හදුන්වාදුන් හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස ගේ ජැක්පොට් යුගයේ ජැක්පොට් මැෂිමෙන් දිනුම් ලබාගැනීමට නොහැකිව ඒවාද තවත් කාර්මිකයන් හරහා වෙනස් කරමින් සුදුවත් වංචාවත් දෙකම එකවර සිදුකල ධම්මික පෙරේරා බව සමසථ රටවැසියන් ම නොදන්නවා නොවේ.

රටේ අහිංසක ජනතාවගේ ඇට ,මස් , ලේ උරා බී මහා කෝටිපති යෙක් උන ධම්මික පෙරේරලා ගේ අතේ නුල් ගැටගහන්න පොරකන අපේ හාමුදුරුවරු දේශනාකරන්නේ සුදුව මනුෂයාගේ විනාශයට හේතුව බවයි. ඒත් උදේහවස එහෙම කියන අපේ හාමුදුරුවරුම ( සමහරක් ) ඔහු ගේ හිතවතුන් වීමටත් පොරකන බව අපවෙත් තොරතුරු ඇත.

රතුපස්වල අහිංසක මිනිසුන්ට බොන්න තිබුන වතුර ටික රැකදෙන්න කියා රජයට කීවිට “අස්ගිරි මහානායක හාමුදුරුවන් වහන්සේම වදාල පරිදිම “හිට්ලර් ” කෙනෙකු වු කාලකන්නි ගෝඨාභය හමුදාවේ උන් ලවා වෙඩිතබා මරා ධම්මිකගේ ග්ලව්ස් ෆැක්ටේරියට බේරාදුන්න මහින්දලාම ධම්මික ගේ හේලීස් ආයතනයට එංගලන්තයේ රෝහල්වලින් ඉවත් කරණ කුණු ලංකාවට රැගෙන ඒමට අවසර දී ඇත්තේත් උදේහවස පන්සල් ගානේ බඩ ගාන මහින්දමයි.

මේවනවිට වරායට පැමිණ් ඇති කන්ටේනර් 201 මුළු මනින්ම රෝහල් වලින් ඉවතලන රසායන ද්‍රව්‍ය අඩංගු සිලින්ජර හා විවිධ මිනිස් කොටස් වැනි දේ මෙන්ම දිරා නොයන කුණු ගොඩවල්ය. එංගලන්තය වැනි රටවල් එවනි කුණු ඉවත් කර ගැනීම වෙනුවෙන් පවුම් මිලියන ගනනක් ඒ කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ඒවා මිනිස් වාසයෙන් ඉවත් කරනු ලබයි. ඒත් රටට ආදරේ කිසිම පුද්ගලයකු එවනි ඉතාම භයානක අපද්‍රව්‍ය තමන් ගේ උපන් රටට ගෙනවිත් තමන් ගේම ජාතිය මැරිමැරී ජීවත් වෙනවා බලන්නේ කුමන කාලකන්නියෙකුදැයි අපට සිතේ.

ධම්මික පෙරේරා කෝටි ප්‍රකෝටි පතියෙකු වී ඇත්තේම ජනතාව විනාශ කරමින් කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ. මුන් රටවල සුදු කරපටි අපරාධකරුවන් බව කීම ඉතාම සත්‍යකි. කැසිනෝ3ගසා රටේ ජනතාව ගේ සල්ලි හුරාකන ධම්මික පෙරේරා වරෙක මහින්ද ගේ ඉතා කුළුපග මිතුරෙකි. දැන් රනිල්ගේ මිතුරෙකි. තවත් නොබොදිනකින් ඇති ජනාධිපති වරණයේ මොකාට හෝ අත දිගහැර වියදම් කලවිට ධම්මික වෙනුවෙන් උ උම්බෑ කියනු ඇත.

ඔබ මේ කල අපරාධය නිසා ලෙඩවෙන ජනතාව ගේ නැගෙන සෝසුසුම් ආත්ම ගානක් යනතුරු ඔබට සාපවෙන බවනම් හදවතට එකඟවම කිව හැකිය.

Related image

Be the first to comment on "රටේ මිනිසුන් කැසිනෝවලින් නොමරා මරණ ” ධම්මිකපෙරේරා ” එංගලන්තයේ රෝහල්වල කුණු ගෙන්වා ටිකටික මරයි,"

Leave a comment

Your email address will not be published.


*