ලංකා දවසේ සිකුරාදා………..දප්පුලු තප්පුලා ගෝඨා සෝදා පිරිසිදුකරයි.

මේ වනවිට රටේ නිතිපති තනතුරට පත්කල දප්පුලු දිගින් දිගටම තප්පුලන්නේ කාවෙනුවෙන්දැයි අපි දැඩි අවධානයෙන්පසුගිය දා සිටම සොයා බැලීමේදී මෛත්‍රි වෙනුවෙන් තමා පෙනී ඉන්න බව ඇඟවීමට මෛත්‍රි කීසැනින් පැජට් පාරට පැමිණෙන එකම නිති පති බවට ඉතාම සංවේඟයෙන් ජනතාවට දැනුම් දිය යුතුය.

මේ වනවිට රටේ පොලිස්පති වරයාට එල්ල කල නොහැකි චෝදනා එල්ලකලේ මෛත්‍රි සැනසීමට විනා නිතිපති කිසිවක් නොදන්නා බබෙක් නොවන බව අපි දනිමු. දප්පුලිගේ උවමනාව උයේ ඇත්තටම පුජිතව ,හෝ හේසිරිව බෝම්බ ප්‍රහාරවලට සත්‍ය වශයෙන්ම අත්වඩංගුවට ගෙන අපරාධ චොදනා ලක් කිරීම නොව ඔහුට උවමනා වුයේ මෛත්‍රි කියන දේ කර දප්පුලි ගේ වැඩේ කර ගැනීමටය.

මොකක්ද දප්පුලි ගේ වැඩේ………….

මේවනවිට යහපාලනය බිදවැටෙමින් ගෝඨාභිතිකාවක් රටතුල ඇතිබව නොරහසකි. මේ භිතිකාව රටතුල ඇති කලේම හිරු හා දෙරණ නැමති ජනතාව ගේ ඔලු හෝදන නාලිකාවන්ය. ඒ භීශණයේ ප්‍රධාන චරිතය නිතිපති බව රටේ ජනතාව දන්නේම නැත.

ලසන්ත ගේ හා එක්නැලිගොඩ යන දෙදෙනා ගේ මිනිමැරුම් පිලිබදව ඉතාම ලහිලහියේ නිතිපති විසින් අධිචෝදනා භාරදීමට සියල්ලම සුදානම් කොට ඇත. ඉතාම විශ්වාසවන්ත තොරතුරක් අනුව මෙසේ අධිචෝදනා  භාරදීමේදී සාක්ෂි ලැයිස්තුව නැවත සංශෝධනය කලයුතු බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව මේ පිලිබදව නිතිපතිට දැනුම්දී ඇත්තේ ලසන්තවික්‍රම තුංග හා එක්නැලිගොඩ යන මිනිමැරුම් පිලිබදව මේ වනවිටත් මුළු මනින්ම  පරික්ෂණ       කර නොමති බවයි. එසේතිබියදීත් දප්පුලු ගේ මේ තප්පුලෑමට වරතමාන පොලිස්පති වික්‍රමරත්න ඉතාම බයාදු ගතියෙන් ප්‍රතිචාර ලෙසට කටයුතු කිරීමත් ඔහුත් මේ ගෝඨාභය නාවා පිරිසිදු කිරීමේම හවුල් කරුවෙක් දැයි අපරාධ පරික්ෂණ නිලධාරින් ප්‍රශ්ණ කරමින් සිටී.

මේ වනවිට පරික්ෂණ වසන්ව ඇති ලිපි ගොනු 100 කට වඩා නිතිපති දෙපාර්තමේන්තුව භාරදී ඇතත් ඒ කිසිවකට මේ වනතෙක්ම කිසිදු උපදේශයක් ලබාදී නොමති අවස්ථාවකදී ජනතාව තුල ගෝඨාභය ගේ  මැදිහත් වීම මතම සිදුවු මිනිමැරුම් බවට බොහෝතොරතුරු ඇති ලසන්ත මරාදැමීම ,එක්නැලිගොඩ ගේ මිනිමැරුම ,වැලිකඩ සිරකරුවන් මරාදැමීම ,රතුපස්වල වෙඩිතැබීම ,ගෝඨාගේ දෙමාපියන් ගේ සොහොන් සැදීමට රජයේ මුදල් වැයකිරීම යනමේවා පිලිබදව චෝදනා එල්ල වන්නේ ගෝඨාභයට නිසා මේසියල්ලටම   න්ඩුපැවරීමට නිතිපති කඩිමුඩියේ කටයුතු කිරීම දැඩි  සැකයක්ව පවති.

තාජුදීන් ඝාතනය ,වැනි ඒවා පිලිබදව පරික්ෂණ අවසන් කොට නිතිපති උපදෙස් පතා ගොනු යවා ඇත.
ඒත් මහින්දානන්ද අළුත්ගමගේ, සචින්වාස්, පිලිබදවවත් අඩුම කිසිම උපදේෂයක් මෙතෙක් ලබාදී නොමැත.

ඒත් ගොඨාට පිලිබදව විශාල සාක්ෂි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති මොහතක මෙසේ මහාධිකරණයේ නඩුපැවරීම නිසා සියළු චෝදනා වලින් ගෝඨභය නාවා පිලිසිදු කිරීමක මෙයින් සිදුවන බව අපරාධ විමර්ෂකයන් ගේ දැඩි ස්ථාවරයයි.

පසුගිය සති කීපයම රටේ කාලය ගෙවී ගියේ පාස්කු ප්‍රහාරය පිලිබදව පොලිස්පති හාආරක්ෂක ලේකම් අත්වඩංගුවට ගැනීම ගැන කතාවටය. ඒ පිටුපසත් නිතිපති දප්පුලුසිටියේ පෙර අපි කියු කතාව වෙනුවෙනි.

කෙසේ වුවත් මෛත්‍රි මෙහිදි නිතිපති සමඟ එක්ව මෙතෙක් රටේ ජනතාව ගේ විශ්වාසයක් යම්තරමකට හෝදිනා සිටි සී.අයි.ඩීය බල්ලා මාක් එකකට ඇද දැම්මේ ඒ තුලින් මින් ඉදිරියට කෙරෙන ඕනෑම පරික්ෂණයක් කෙරෙහි විශ්වසනීයත්වයට විශාල ප්‍රශ්නාර්ථයක් එක්කරමිනි.

මේ වනවිට රටත් ජනතාවත් දෙලොවක් අතරය ඒත් ජනතාව ගේ එකම ගැලවුම්කරු තමායයි කියා පැමිණි කාලක්නි ජඩ-පතියා මේ ලියන මොහොතවන විට එංගලන්ත යේ එසෙක්ස් ප්‍රාන්තයේ  හත්මුතු පරම්පරාවම රැගෙන විදි සංචාරයේ යමින් ඇත.

ජන්තාව වේලක් කකා දෙවේලක් කුසගින්නේ සිටී. දැන්වත් ඇත්ත තේරුම් ගෙන රට්ක් ලෙසට සිතා ඉදිරියේදි කල්පනාවෙන් තම ඡන්දය පාවිච්චිකරන් මෙන් අපිරටේ ජන්තාව ගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිමු.

එසේ නොවුන හොත් ඔබත් රටත් එකටම වැනසී යනු ඇත. 

අජිත්……

A.W257

Be the first to comment on "ලංකා දවසේ සිකුරාදා………..දප්පුලු තප්පුලා ගෝඨා සෝදා පිරිසිදුකරයි."

Leave a comment

Your email address will not be published.


*