අහෝ ශ්‍රි ලංකා………………කුඩු කිලෝ 59 ඇල්ලු නිලධාරියාට මරණ තර්ජනය කොට රැකියාවෙනුත් පන්නා දමයි මෙන්න රාජපක්ෂලා මහාපරිමාණ කුඩු ඇල්ලු හැටි.

දිනය; 2014 අගෝස්තු 15

වැටලීම කල ස්ථානාය ; කටුගස්තොට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය තුල සිටි ඉතාම දක්ෂ නිලධාරියකු වෙතට ලැබුන තොරතුරක් අනුව මෙම වැටලීමට මේ නිලධාරියා සමඟ අනිකුත් පොලිස් නිලධාරින් සහභාගි වී ඇත්තේ තම ජීවිතයට පවා තිබු අවධානම ගැන නොත්කා ඉතාම ත්‍රාස ජනක ජවනිකාවක් වැනි තැනකටය. ඒත් වැටලීම භාර පොලිස් නිලධාරියා ගේ තීක්ෂණ නුවන නිසාම කිසිදු කලබලයක් නොමතිවම ඔස්ට්‍රේලියාවට යැවීමට සකසමින් සිටි හෙරොයින් කිලෝ 59 ප්‍රමානයක් මෙහිදී අත්වඩංගුවට ගැනීමට හැකිවීම ජතියේම වාසනාවක් විය.

ඒත් ඒ කුඩු තොගය ඇල්ලීම ජාතියේ වාසනාවක් උවත් මේ අහින්සක නිලධාරියාගේ ජිවිතයේ අවාසනාවම විය . ඒ ඒවකට පොලිස් මත්ද්‍රව්‍ය කාරයංශය භාර නියොජ්‍ය පොලිස්පති කමල් සිල්වා ගේ දැඩි උදහසට ලක්වීමය .

රාජපක්ෂලාගේ පාලන කාලයේ ඉතාම සුව්ච කීකරු බලුකුක්කෙකු වු නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ට ඉතාම කිට්ටු සම්බන්දයක් ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම සමඟ ගොඩනගාදී ඇත්තේ තවත් කමල් සිල්වා ගේ ව්‍යාපාරවල යෙදෙන කුටප්‍රකාරව කේස් මවන රංගනයක ජීවත් වෙන ” පොලිස් පරීක්ෂක රංගජීවයි “. (තවත් ලිපියකින් ඔහු උපයා ඇති අසීමිත් වත්කම් ගැන හෙලිකරමු )

පාකිස්තානයේ සිට ලංකාවට එවා නැවත් ඔස්ට්‍රේලියාවට යැවීමේ මහා ජාත්‍යන්තර ජාවරමේ මහ මොළකරු වු මැලේසියාවේ පදිංචිමොහොමඩ් මුදුබුජීන් බවට මේ නිලධාරින් හෙලිකර ගෙන ඇත.

අත්වඩංගුවට ගත් සැකකරුනජුබුදීන් සබ්‍රි හා ඔහු ගේ මිත්‍රයකු පිලිබදව හෙලිවී තිබු අතරම අඩුම තරමින් මේ ජාත්‍යන්තර මත්ද්‍රව‍ය ජාලය බිද ලීමට ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කොට ඉදිරි කිසිදු විමර්ෂණයක් සිදු කොට නැත.

අවසානයේ සිදු වුයේ 2014 වසරේ ශ්‍රි ලංකාවේ ලොකුම කුඩු තොගය වැටලු පොලිස් නිලධාරින් වෙනත් අංශ්වලට මාරු කොට කමල් සිල්වලා ගෝඨාගේ උවමනාවන් ඉටුකිරීමයි මෙයින් ;පෙනියන්නේ රාජපක්ෂලා හා කුඩු ජාත්‍යන්තර ජාලයේ අපරාධකරුවන් අතර ගොඩ නැගී තිබු අසීමිත සම්බන්දයයි.

ඒත කාලක්න්නිම දේ මහා යහපාලන නඩය පැමිණ හෝ මෛත්‍රි ගේ කුඩු සංග්‍රාමය තුලින් හෝ මේ අහිංසක ඒ වේගේම අවංක නිලධාරින්ට මෙතෙක් යුක්තිය ඉටුවී නොතිබීමත් කමල් සිල්වවා වැනි නියෝජ්‍ය පොලිස්පතිවරු යතින් හෝටල් හදාගෙන මාලිගා හදා ගෙන කාකි ඇදුමට මුවාවීපොලිස්  නිලධාරින් ගේ ලේ උරාබොමින් තවමත් සිටීමයි.

රංගජිවලා මිනිමැරුම් වලට ජනාධිපති එලියට දමන්නේත් මේවා නොදෙන බව අප ගේ විශ්වාසයයි

ජනාධිපති තුමනි….ඔන්න අවස්ථාවක් පොලිසිය සුද්ධ කිරීමට නම කමල්සිල්වා වැනි නිලධාරින් පිලිබදව වහාම පරික්ෂණයක් සිදු කොට මේ නිලධාරින් නැවත් කුඩු වැටලීමට යොදා ගතහැකි බව අපි විශ්වාස කරමු.

Be the first to comment on "අහෝ ශ්‍රි ලංකා………………කුඩු කිලෝ 59 ඇල්ලු නිලධාරියාට මරණ තර්ජනය කොට රැකියාවෙනුත් පන්නා දමයි මෙන්න රාජපක්ෂලා මහාපරිමාණ කුඩු ඇල්ලු හැටි."

Leave a comment

Your email address will not be published.


*