රටේ ජනතාව භේද කරන්නේ පුජකයන් හා පාලකයනුයි

ලාංකීය ජනතාව ජාතිකව හා ආගමිකව කුල අනුව පලාත් අනුව භේද බින්න සිදු කිරීම මුලිකවම කයුතු කරනුයේ සමහරක ආගමික පුජකවරුන්ය. ඒ බෞද්ධ,කතෝලික,ස්ලාම්,හින්දු යන මේ සෑම ආගමකම සිටින පුජකයන් මීට රිජුව හෝ වක්‍රාකාරව ජනතාව ගේ ඔළු ගෙඩි සුද්ධ කරන බවට තවත් අටුවා ටිකා අවශ්‍යය නොවේ.

මීට නොදෙවෙනිම භේද බින්න වපුරවන අසම්ජ්ජාතිම කොටස ශ්‍රි ලංකකීය දේශපාලකයන්ය. තමා ගේ පක්ෂය හා පාට වෙනුවෙන් ජන්තාවට බොරු බේගල් ඇදබා ජාති වශයෙන් හා ආගමික වශයෙන් මෙන්ම පක්ෂ වශ යෙන්ද ජන්තාව බේද කිඔරීම ලාංකීය දේශපාලක්යාටම ආවේනික දෙයකි. එසේ ජන්තාව බේද කරන පාලක්යන් උන්ගේ වරිගයේ උන් එකට එක්ව මරණයට ,මඟුලට හා දුකේදී මෙන්ම සැපේදීද එකට සිටින වගට ජන්තාවට ඕන තරම් දැකගත හැකිය.

එපමණක් නොව ජන්තා මුදල් හොරාකන් විටත් හෝරාකනලද උන් වෙනුවෙන් පෙනිසිටීමටත් මුන් එකටම පෙලගැසෙනු ඇත. ඒත් ජාතියේ අවාසනාව වසර 70 ක් ඉක්මවු ඹ්ජස් ගලන මේ පාලක්යන් පසුපස තම බඩ විත වෙනුවෙන් සිඟමන් යදිමින් තවමත් යන ජනකොටසක් ලංකාවේ ජීවත්වීම ජාතියේම අවාසනාවකි.

මෙරටේ පාලක්යන් හා පුජකයන් සෑම විටම උත්සහා ගන්නේ තම ආගමට ඉතාම සන්වේදි ජන්තාවක් සිටින් නිසාම මුන් ජන්තාව ගොනාට අන්දවා ආගමික සහජීවනය බිදදමා ජාතිවාදී බීජ වපුරවා කාලෙන් කාලෙට ඒ වැපුරු බීජවල ඵල නෙලීමටය. පුජකයන් මේ වනවිට පාලක්යන් ගේ අතකොලු වී හමාරය දැන් මුන් දෙගොල්ලම ජනතාව නොමඟ යවමින් පාලකයා ගේ අවශ්‍යතවය පුජකයා ලවාත් ,පුජකයා ගේ උවමනාවන් පාලකයා ලවාත් සිදුකරගනිමින් මුන් දෙගොල්ලන්ම ලාංකීය ජනතාව මුලා කරමින් වසර 70 ක් පුරාවටම පැමිණ මේ වන්විට එකම රටක ජාතින් ගහ මරා ගන්නා නොදියුනු ගෝත්‍රික මානසිකත්වයටම ඇදදමා ඇත.

මෙවන් කාලක්න්නි මාන්සිකත්වයක් ඇති පාලකයන් හා පුජක්යන් සිටින තුරු ජන්තාවට කවම ජාවත්ම ජාතිකව ,ආගමිකව හෝ වාරගිකව සම්ඟියෙන් සිටිය නොහැකිය එසේ සිටිය හැකියි සිතීම පවා විහිළුවකි.

මේ නිසාම ජනතාවට දැන් සිදුව ඇත්තේ පාලක්ය හා මෙවනි පුජකයන් ප්‍රතික්ෂේප කිරීම පමණි එසේ නොවුන හොත් රටම එකම ලේ ගන්ගාවක් වීම කිසිදාකවත් නතරකල නොහැකිය

මේ නිසාම ජනතව දැන් කලයුත්තේ කාලක්න්නි පුජකයන් හා පාලකයන් එලවාදැමීමයි.

Be the first to comment on "රටේ ජනතාව භේද කරන්නේ පුජකයන් හා පාලකයනුයි"

Leave a comment

Your email address will not be published.


*