දිවි පරදුවට තබා නිතිය සුරකින පොලිස් නිලධාරින්ට කුඩම්මා ගේ සැලකිල්ල

ශ්‍රි ලංකාවට එල්ලවු හා එල්ලවන සෑම ත්‍රස්තවාදී ප්‍රහාරයකදීම ත්‍රිවිද හමුදාව සේම පොලිස් නිලධාරින් තම ජීවිතය පරදුවට තබා රාජකාරි ඉටුකරන බව රටේ සෑම පුරවැසියකුම පිලිගන්නා දෙයකි.

රටේ නිතිය හා සාමය පවත්වා ගෙන නොයනවානම් සාමාන්‍ය ජන්ජීවිතය මුළු මනින්ම  කඩා වැටෙන බවට ශ්‍රි ලාංකිකයන්ට ප්‍රායෝගිකවම අත් දැකීම ඇත.

නිතිය හා සාමය ක්‍රියාතමක කරන මුලිකම ආයතනයට මේ වනවිට එල්ලවී ඇති ප්‍රභලම අභියෝගය පාතාල කුඩු මාෆියාවයි මේ වන්විටත් ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යග කල පොලිස් නිලධාරින් හා තම ජීවිතය සදා කාලිකවම ආබාධිත වු පොලිස් නිලධාරින් විශාල ප්‍රමානයක් සිටි.

රටේ නිතිය ස්ථාපිත කිරීමට ගොස් තම ජීවිතය පරිත්‍යග කල හා එසේම ආබාධිත වු අයපිලිබදව මේ වනතෙක් කිසිදු රජයක් සොයා බලා නැත. අද ඔවුන් කාලය ගත කරන්නේ ජීවිතයත් මරණයත් අතරය.

මෙයට ඉතාම ආසන්නතම සිදුවීම නම් රජය පසුගිය දිනක ආබාධිත හා මියගිය රණ විරුවන් වෙනුවෙන් ඔවුන්ට ජීවිතානතය දක්වාම වැටුප් ගෙවීමට අනුමත කලත් රටේ නිතිය ක්‍රියාත්මක කිරීමට යා මේදී අබාධිතවන හා මියයන කිසිවකුටත් මේ සහනය  ලබානොදීමට තීරණය කිරීම පුදුම සහගතය.

ඒකම සිද්ධීන් වලදී පොලිස් නිලධාරින්ට වෙන මම සැලකීම පිලිබදව සමස්ථ පොලිස් සේවාවේම අප්‍රසාදය රජයට පල්කල යුතුය.

ඒත් එල්.ටී.ටී ත්‍රස්තප්‍රහාරයන්ට ලක්වුවන්ට මේ සියල්ලම ගෙවමින් එකම ආයතනයක් තුල සිටින පුද්ගල්යන්ට දෙයාකාරයක්ට සලකන්නේ මොන අම්නයාදැයි පොලිස් නිලධාරින් වසර ගනනාවක් සිට අසන ප්‍රශ්නයකි.

ඒත් කරුමේ පොලිස්පති කමට පත්වන උන්ට මෙවනි ඉතාම සංවේදි දෙයක්වත් වටහා ගැනීමට නොහැකිවීම ජාතියේම අවාසනාවකි.

රටේ නිතිය ක්‍රියාත්මක කරන අද දවසේ රාජකාරි නිරත පොලිස් නිලධාරිනටත් මේ තත්වය එසේම බව මොහොතකට වත් සමසථ පොලිස් ප්‍රජාව නොදන්නවා ඇත.

අද රාජකාරි නිරත පොලිස් නිලධාරියා කුමන අපරාධ කරුවෙකුගේ ,කුමන ත්‍රස්ත  ප්‍රහාරයකට ගොදුරු වේ දැයි කාටනම් කිවහැකිද …? එසේ උවහොත් ඔහු ජිවිත යෙන් වන්දි ගෙවා දැමුවත් සදා කාලිකවම ආබාධිත උවත් ඔහුගේ පිලිසරනට කිසිවකුත් නැත.

මෙය සමසථ පොලිස් සේවාවම දැඩි සේ භීතියට පත් කරවන අවස්ථාවක් වන්නේ එවන් පුද්ගල්යකුට අත්වන් ඉරණම පිලිබදව සිතාය. පොලිස් නිලධාරින්ට මෙවනි සෝචනීය තත්වයක් අත්ව ඇති බව රජයට පෙන්න දිය යුත්තේ පොලිස් සුභසාධන අංශය විසිනි, ඒත් ත්‍රිවිද හමුදාවේ සුභ සාධක අධ්‍යකෂක වරු ඉතාම හොදින් තම නිලයන්ට ලබා දිය යුතු සියල්ලම රජයෙන් ලබාදීම ඉතාම ප්‍රසංසනීයයි.

ඒත් පොලිස් සුභසාධක අධ්‍යකෂක පොලිසියේ සුභසාධන කෙසේ වෙතත් උගේ පවුලෙ උන්ට උරුමස් කැවීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට කතා කොට රට පුරා ඇවීදීම නම් හරිම උජාරුවට මේ දින වල සිදු කරන බව අපවෙත වාරතා වේ.

මේ වනවිට උද්ගතව ඇති තත්වය පිලිබදව රජයට පහදා දී ඉතා පොලිස් රාජකාරි කිරීමට ගොස් මිය ගිය හා ආබාධිත වු හා ඉදිරියටත් එසේ වෙන් අය වෙනුවෙන් වහාම මේ වන්විටත් ත්‍රිවිද හමුදාවට ගෙවනු ලබන් ජීවිතාන්තය වැටුප් ගෙවීම හා අනිකුත් සියල්ලම එක හා සමානව ඉටුකර දිය යුතු බව පෙන්න දිම පොලිස් සුභ සාධන අධ‍යක්ෂක ගේ වගකීමකි.

මේ පිලිබදව අපි ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතා ගේ අවධානයට ද මෙය ලක් කරමු.

මෙය රටේ නිතිය හා සාමය ක්‍රියාත්මක් කරන නිලධාරින්ව දැඩි කලකිරීමකට පත්කරනු ලබන ක්‍රියාවක් බැවින් වගකිවයුතු මාධ්‍යක් ලෙසට අපි රජයේ දැඩි අවධානය මෙයට යොමුකරන මෙන්ද ඉල්ලමු.

Be the first to comment on "දිවි පරදුවට තබා නිතිය සුරකින පොලිස් නිලධාරින්ට කුඩම්මා ගේ සැලකිල්ල"

Leave a comment

Your email address will not be published.


*