උසස් පොලිස් නිලධාරින් තම වාසියට නිතිය නමන නිසා පලාතේ පොලිස්ථානාධිපතිට නිතිය ක්‍රියාතමක කල නොහැකි තත්වයක් රටේ මතුව ඇත.

මේ වනවිට අහිංසක ජීවිත තුනක් බිලි ගෙන අපේම ශ්‍රි ලාංකීය ව්‍යාපාරිකයන් ගේ දේපල විශාල ප්‍රමානයක් විනාශ කොට හමාරය. ඒ සියල්ලම සිදු වීමට කුමක් හේතු පාදක උවත් ඊට වගකිව යුතුවන්නේ  ශ්‍රි ලංකා පොලිසියයි.

ඒ වග කිමෙන් කිසිදු පොලිස් ස්ථානාධිපති වරයකුට ගැලෑවී ඇග බේරා ගැනීමේ කිසිදු අයිතියක් නැත. මේ පිලිබදව මෙම ලියුම් කරු දැඩි සේ සොයා බැලු විට ඒ සියල්ලටම පාදක වී ඇත්තේ ඉතාම කාලක්න්නි දේශපාලන්යයි.

වයඔ දිසාව භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙන්ම කොට්ඨාශ භාර නිලධාරින් දැනුවත් කොට කියා ඇත්තේ තම පොලිස්බල ප්‍රදේශය තුල කිසිදු සිදුවීමක් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් අවශ්‍ය අවම බලය නොව උපරිම බලය යොදා පොලිස් බල ප්‍රදේශය ආරක්ෂා කලයුතු බවයි.

නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යනු කිසිදු දේශපාලකයකු ළඟ තම පුද්ගලික වාසියට තමා ගේ නිලධාරින් බිල්ලට නොදෙන කාලක්න්නි දේශපාලක්යාන ගේ පසු පස නොයන ඉතාම නිභීත් නිතිය සැමටම එක ලෙසට ඉටුකරන අයෙකු බැව් ඉතා හොදින් අපි දන්නා කරුණකි.

එසේනම් ඇයි මෙවනි අවාසනාවන්ත තත්වයක් ඇති වුයේ යන්න අපි සොයා බැලීමේදී එක පොලිස් ස්ථානාධිපති වරායෙකු කියා සිටි යේ මේවන් කතාවකි…..” ඩී.අජී කියනවා ඩම්මම ඒ පලාතේ මුස්ලිම් අයට කලබල කරන පුද්ගලයෝ අල්ලන්න කියලා අපි පුදුම අමාරුවෙන් උන්ව අල්ලන් ආවා….” ඊට ටිකකට පස්සේ දයාසිරි මංත්‍රිතුමා අපිට කතාකලා උන් මගේ කොල්ලෝ උන්ට ඇපදෙන්න කියලා ඒත් අපි තදිම ඇපදීමට විරුද්ධ උනේ එවනි වරදකට ඇප දිය නොහැකි නිසා …..

ඒත් අන්තිමට අපිවත් බල්ලා මාකෙකට දමලා පොලිසියට හු කියලා ගල් ගහලා දයාසිරි මංත්‍රිතුමා ඇවිත් ඇප අරන් ගියා…….”

මේක හරියට ඒ.එස්.පිලා ,එස්.පීලා ඒ අල්ලපු පොලිස් නිලධාරින් ගෙන්ගේ කලිසන් සැකකරුවන් අතින් ගැලෙව්වා වගේ බලු වැඩක් කරේ අපි බැනුම් අහනවා අපි සැකකරුවන් අල්ලනවා ඊටපස්සේ මහ උන් දේශපාලකයන් ගෙන් ලකුණු දාගන්න උන්ට ඇප දෙන්න කියනවා මීට වැඩිය හොදයි මේක ගලවලා ගෙදර යන එක………”

මේ අදෝනාව මේවිට සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව තුලම සිටින නිලධාරින් ගේ මුවින් පිට වෙන්නක් වීම ඉතාම සෝචනීයයි. මේ නිසාම රටේ කුමන අපරාධයක් උවත් දැන් පොලිස් ස්ථානාධිපතිලා විමසන්නේ සැකකරු අයිති දේශපාලන පක්ෂය හා උගේ ඊට ඇති සම්බන්දතාවන් මෙවන් රටක කිසිදාක නිට්ඝිඔය සැමට එක හා සමානව ඉඋටු වීමට තබා නිතිය මේ තරමින්වත් රැකි තිබීමත් හාස්කමකි.

පොලිසිය නැමති ආයත්නයතුලට දේශපාලක්යාට හෙළුවෙන් පිනුම් ගැසීමට ඉඩ දෙන උසස් නිලධාරින් ප්‍රථමයෙන්ම සේවයෙන් පහකල යුතුය . එහෙත් ඇත්තටම සිදුවන්නේ හා මේ වන් විටත් සිදුව ඇත්තේ අහිංසක පහල නිලධාරින් ලවා අපරාධකරුවන් අල්ලා උසස් නිලධාරින් උන්ගෙන්ම යැපීමට නැවතත් ඒ අපරාධකරුවන් සමාජයට මුදා හැරීමය.

පසුව අපරාධකරුවා වෛරබදින්නේ අපරාධකරුවාව නිතිය හමුවට ගෙන ආපොලිස් නිලධාරියා සමඟය. මේ හේතුව නිසාත් සමාජීය වශයෙන් ඇල්ලු සැකකරුව නිතියානුකුලව මුදාහැරීමට කිසිදු බලයක් නොමතිව තිබියදීත් එවන් අයෙකු මුදාහල විට පොලිස් නිලධාරින් දැඩි පසු බෑමකට පත්වේ. එය සාමාන්‍ය මිනිසත් කමකි.

තමාව බේආ ගැනීමට ඉහල නිලධාරින් ඉන්නවා යැයි තිබෙන හැගීමක් දැන් කිසිදු පොලිස් නිලධාරියකු තුල නැත.

හෙට්ටිපොලට පැමිණි ජන්තාව ගේ වීරයා අවසානයේ කාලක්න්නි පාහර දේශපාලක්යාකු බවටට පත්විය පොලිසිය සැකකරුව නිතියානුකුලව අත්වඩංගුවට ගත්තානම් සදිසි නිති රෙගුලාසි කුමන වගන්තියේ ඇප්දීමේ බලයක් තිබෙනවාදැයි ජනතාව ප්‍රශ්නකර්යි. දයාසිරි ජයසේකර මහත් උජාරුවෙන් ….” මං අරන් එන්නන් එත්කොට ඇප හරි නේද…? යනුවෙන් විමසන්නේ විශාල මහජනතාවක් ඉදිරිපිටය. ඉන් පොලිසිය පිලිබදව මහජනයාට දෙන පණිවුඩය උබලා මොකක් කරත් පොලිසියට බෑ උබලව උසාවි දාන්න යන්න නොවේද…..?

මේ කාලක්න්නි පාහරය්න්ම තවත් විටක ප්‍රසිද්ධියේ කියා සිටින්නේ …” අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා නිතිය හරියටම ක්‍රියාත්මක කරන ලෙස ….”

මෙහිදි අවස්ථා දෙකේදීම රටේ නිතිය ක්‍රියාත්මක කරන පොලිසිය බල්ලු කොට නිතිය බල්ලා ගේ අධෝ මුඛයේ ගහ්න්නේත් මේ දයාසිරි ජයසේකරලාම බව උසස් පොලිස් නිලධාරින් කල්පනාවට ගත් යුතුය.

හෙට්ටිපොලට ආවේනික ප්‍රශ්නයක් නොව අද සමස්ථ පොලිස් නිලධාරින්ටම ඇතිව තිබෙන ප්‍රශ්නය එක එකාගේ ලඟ දණ නොනමන කිසිවෙක් පොලිසිය තුල සිටීද උගේ කොන්දත් කඩා බිම දම්න්නේත් උසස් නිලධරින්ම වීම ඉතාම කනගාටුවට කරුණකි. මේ නිසාම සමස්ථ පොලිස් නිලධාරින්ම අද බොහොවිට උත්සහා කරන්නේ ලිස්සා යාමේ ක්‍රමය අනුගමනය කිරීමටය.

වෙසේ වෙත්ත් දැන් රජය කලයුත්තේ රටේ නිතිය සැමට එකහා සමානව ඉටුකිරීමට නම් පොලිසිය ඉහල ඇවරියට කොදු නාරටි ආනයනය කිරීම මිස පහල නිලධාරින්න් ගේ බටා එකට කෙලීම නොව.

දේශපාලකයා ඉදිරියේ උවත් උජාරුවෙන් සිටින පොලිස් කොස්තාපල් වරුන් අපිට දැකිය හැකි උවත් දයාසිරි ලාවැනි රිලවුන් ඉදිරියේ අභිමානයෙන් නියෝග දෙන උසස් නිලධාරින් නම් කිසිදවසක දැකිඅය නොහැක.

මේ නිසාම මහජනයා නිතිය අතට ගෙන පොලිසියට පහර දීමට පෙලබීම ඉදිරියේ තවත් වැඩිවනු ඇත .

මේ නිසාම දැන් කලයුත්තේ සමස්ථ පොලිස් නිලධාරින්ම එක ගොන්නට එකරාශි වී ජනතාව පොලිසියෙන් ඉල්ලන දේ ලබාදීම මිස පලාතේ දේශපාලකයා ඉල්ලන දේ ඉටුකර දීම නොවන බව සමස්ථ පොලිස් නිලධාරින්ම දැඩිව සිහියට ගත යුතුය. .

අජිත්…..

පහත වීඩියොව නරබා ඔබම සිතන්න/මේ විඩියෝ පටය අප වෙත එවු අයට විශේෂ ස්තුතිය.c1c397f3-be26-4ec5-9c97-ebf1960f5e25 (1)

Be the first to comment on "උසස් පොලිස් නිලධාරින් තම වාසියට නිතිය නමන නිසා පලාතේ පොලිස්ථානාධිපතිට නිතිය ක්‍රියාතමක කල නොහැකි තත්වයක් රටේ මතුව ඇත."

Leave a comment

Your email address will not be published.


*