” නිතියක් නැති………….. ඇදිරි නීතිය “

ඒත් දැන් ශ්‍රි ලංකාවේ විශේෂ නිති දෙකක් ක්‍රියාත්මක වේ. හදිසි නිතිය හා ඇදිරිනිතියයි. මේ නිති දෙකම දමාතිබියදී අහිංසක මහජනයා ගේ දේපල විනාශ කරමින් ,ගිනි තබමින් ඔවුන් ගේ ජිවිත පවා විනාශ කිරීමට මහජනයා නොබියව ඉදිරිපත් වෙනවානම් ඒ රටේ නිතියට මහජනයා අවනත නොවන බව එයින් කියාපායි.

ත්‍රිවිද හමුදාව පොලිසියට සහාය වීමට වඩා ගැබුරට ගිය ඔවුන්ටද වෙඩිතැබීමේ බලයත් සමඟ මේ ඇදිරිනිතිය ක්‍රියාත්මක වේ. ඒත් ජාතියේ අවාසනාව නම් රටතුල ඇදිරිනිතිය ක්‍රියාත්මකව තිබියදී හදිසි නිතිය ක්‍රියාත්මක ව තිබියදී මහජනයා ගේ දේපල වලට පහර දෙමින් දේපල ගිනිතබමින් කැරලි කරුවන් හැසිරෙද්දීත් අවි සහිත පොලිස් නිලධාරින් පැත්තකට වී උඩබලා ගෙන සිටීනම් රටේ ජනතාව පොලිසිය තුලින් ලබන ආරක්ෂාව කුමක්දැයි ඉහළ පොලිස් නිලධාරින් වටහා ගත් යුතුය.

සමහර යුධ හමුදා නිලධාරින් මේ පහරදීමට රිජුවම වගකිව යුතුය. ඒ බව කියාපාන අපුරු විඩියෝ පටයක් මේ වනවිටත් සමාජ ජාලා වල ඇත. මුස්ලිම් වු පලියට පහරදෙනවා නම් දෙමල වු පලියට පහර දෙන්වානම් ඉතාම නුදුරේදීම ශ්‍රි ලංකාව ජාතින් අනුව වෙන් වීම ඉරහද ව ගේ සහතිකය.

1983 දේශපාලකයන් දෙමල මිනිහා ගේ ගෙවල් දොරවල් විනාශ කරීමට ජනතාව කුපිතකොට ඒ යුද්ධයෙන් බැට කෑවේ කාලක්න්නි පාලකයෝ නොව උතුරේ සිට දකුණටම එනකම්ම සිටි සමසථ ජාතියම එයි වසර 30 ක් බැට කෑ බව අමුතුවේ කිවයුතු නොවේ

තවත් ජාතිවාදයක ගිනිඅගුරු දැන් දැල්වෙමින් ඇති බව මෙම ලියුම් කරු ගේ යුධ අද් දැකීම සමඟ සසදා බලා කිව හැකිය.

රටේ නිතිය ක්‍රියාත්මක නොවනවානම් සමස්ථ ජාතියම වනචාරියුගයට ගොස් අවසානය. මේ රටේ පණිවිඩය ඊයේ මිනුවන්ගොඩින් හා වයඹින් දුන්නේ ලෝකයාට බව ශ්‍රි ලාංකිකයන් තරයේ මතක තබා ගත් යුතුය. රටේ හදිසි නිතියක් තිබියදී අණ නොතකා යන වාහනයට වේඩි තියන ත්‍රිවිද හමුදාව පොලිසිය බලා සිටියදීම මහජන්දේපල වලට පහර දෙනවානම් ගිනිතබනවානම් මහජන දේපල වලට හානි කරනවානම් පොලිසියට වෙඩි තැබීමේ බලතල ක්‍රියාත්මක කල නොහැක්කේ මන්ද ඊට කිසිවකු ගේ නියෝග අවශ්‍ය නොවේ.

වගකීම විරහිත් නායක්යන් සිටින රටක ජනතාව මිලේච්ච ගති පෙන්වීම අමුත්තක් නොවේ. රටේ එක් පාලක යෙක් උගේ හෙන්චයියලාට එක් නිතියකුත්, අනිකා උගේ හෙන්චයියලාට තවත් නිතියකුත් ක්‍රියාත්මක කරන විට මහජනයා දෙදෙනා ගැනම මෙන්ම නිතිය පිලිබදවත් කිසිදු විස්වාසයක් නොමති වීම නිසාම මෙවන් ත්තවයක් ඇති වීමට ප්‍රධානම හේතුවක් වේ.

“දැන් ආණ්ඩුවට සිදුව ඇත්තේ ඇදිරි නිතිය වෙනුවට දවල් නිතියක් හදුන්වාදීමම පමණි. ..”

Be the first to comment on "” නිතියක් නැති………….. ඇදිරි නීතිය “"

Leave a comment

Your email address will not be published.


*