බුද්ධිය නැති උන් ගේ ” බුද්ධි ” තොරතුරු…..?

පාස්කු ඉරිදාවක් එකම මළ ගෙයක් කල මිලේච්ච ත්‍රස්තප්‍රහාරයන් පිලිබදව තම රජයට තොරතුරු ලැබී තිබුන බව එක්තරා ඇමතිවරයකු කියා ඇත.

රටක ජනතාව ගේ ආරක්ෂාවට හා තම රටේ ස්වෛරිත්වය රැකගැනීම අරභයාම ඒ ඒ රටවලටම ආවේනික බුද්ධි තොරතුරු ඇත. සී.අයි. ඒ. ෆ්බී.අයි. එම්.අයි. 5 වැනි ලොකයේ ඉතාම ප්‍රභල බුද්ධි අංශ ඇති බව රටේ සමසථ ජාතියම දනී.

ඒත් ලංකාවේ ජන්තාව ගෙන් කීයෙන් කීදෙනාද ශ්‍රි ලංකා ජනරජයේ බුද්ධි අංශය පිලිබදව සොයා බලා ඇත්තේ කියා අපි විමසීමේ දි යම් තරමකට හෝ මේවනවිට ජන්තාව දන්නේ දැනට රිමාන්ඩ් කර සිටින නාලක සිල්වා ගැන පමණි. ඇත්තෙන්ම ශ්‍රි ලාංකා ජනරජයේ බුද්ධි අංශ ගනනාවක් ඇතත් ජාතික බුද්ධි සේවය ඉන්ප්‍රධානම තැනක් ගනී.

මෙය එස්.අයි.එස් යනුවෙන් හදුන්වන අතරම තවත් ඊටම අනුබද්ධව එන්. අයි.බී යන් පොලිසිය තුලම තවත් ආයතනයක් ක්‍රියාත්මක් වේ. ඒත් මේ ආයතන් සියල්ලන් ගෙන් සිදුවන්නේම ජන්තවට එ පාකරවපු දේශපාලක්යන් පිලිබදව හා ඔවුන් ගේ ගමන් බිමන් පිලිබදව තොරතුරු සෙවීමයි.

මෙවන් ත්‍රස්ත ප්‍රහාරයක් රටක බුද්ධි අංශ වල ඇස් වසා ඇති වුයේ නම් ත්‍රස්තවාදියා කොතෙකුත් ප්‍රභල බව තව තවත් ඔප්පු කොට ඇත.

ලාංකීය බුද්ධි අංශ මුළු මනින්ම දේශපාලනීකරනය වී හමාරය.

මේ නිසාම බුද්ධියක් නැති බුද්ධි නිලධාරින් සොයන්නේම තමා ට ලැග සිටිය හැකි ආරක්ෂිත වඩාත් හොදින් සලකන දේශපාලක්යා මිස රටේ ජනතාවට අභියන්තරව හා භාහිරව එල්ලවන් ප්‍රහාරයන් පිලිඔබදව නොවන බව අද ඉතාම හොදින් පෙනීයයි.

ඒත් මේවන්විටත් අපවෙතට ලැබී ඇති රාජ්‍ය බුද්ධි වාරතාවක් නැමති කොලයක (මෙය ව්‍යාජ දැයි අපි නොදනිමු. )ඇති තොරතුරු පිලිබදව ජනතාව දැනුවත් කරානම් මේ විනාශ වු අහිංසක ජීවිත බේරා ගැනීමට ඉඩතිබුණි.

මේ පිලිබදව පොලිස් මුලසථානයෙන් අපි අවේස්ථා කීපයක්දීම විමසා සිටියත් ඊට කිසිවකු සම්බන්ද කර ගැනීමට නොහැකි විය.

ජාතික ආරක්ෂක කවුන්සිලය තුලදී මේ පිලිබදව ආරක්ෂක අංශ දැනුවත් කලා නම් රටේ ජනතාව දැනුවත් කොට අවධාන යොමු නොකලේ කා ගේ උවමනාවකටදැයි අපි දැඩිව විමසා ඉදිරියේදි සියල්ල ජන්තාවට හෙලිකිරීමට පොරොන්දු වෙමු.

රටේ ජනතාව ගේ බදු මුදලින් සුඛෝපභෝගි දිවි ගෙවන මෙවන් මන්ද බුද්ධික නිලධාරින් ගෙන් ඇති ඵ්ලය කුමක්ද ….? තමා ගේ ආගමක් නිදහසේ ඇදහීමටවත් නිදහසක් නැති රටකට කෝටි ගනන් වියදම් කරමින් රැකිය යුතු බුද්ධි සේවයක් කුමකටදැයි අපි රනිල් ගෙන් හා රටේ සේනාධිනායක්යා වු මෛත්‍රි ගෙන් අසමු.

අවසන් වශයෙන් මේ ප්‍රහාරය පිලිබදව ජාත්‍යනතර ඔත්තු සේවා වල සහාය ඇතිව අතර මග නොනවතින විමරෂණයක් වහාම කලයුතුය. එසේම සත්‍ය වශයෙන්ම රාජ්‍ය ඔත්තු සේවයට ලබුණු තොරතුරු හෙලි නොකල පුද්ගලයන්ට විරුද්ධව වහාම දැඩි දඩුවම් දිය යුතුය.

 

 

Be the first to comment on "බුද්ධිය නැති උන් ගේ ” බුද්ධි ” තොරතුරු…..?"

Leave a comment

Your email address will not be published.


*