නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ජනාධිපති හෝ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයක් කිසිදු හඩපටයක නෑ …-නිතිපති දැනුම්දෙයි.

රටේ ජනතාවත් ලෝක ප්‍රජාවත් ගොනාට අන්දා සිරිසේන /ශිරාල් ලක්තිලක නාටකය දැන් ඒ අයටම තවත් නොබෝදිනකින් පාරාවලල්ලක් වනවා නොවනුමානය.

ශ්‍රි ලංකාවේ මාධ්‍ය නැමති හමිඩියාවන් සියල්ලම පාහේ මේ වනවිට මෛත්‍රි ගේ උදේ කෑම වේලට වහවැටී ජනතාවට ඇත්ත සඟවා පට්ටපල් බොරු දෙසාබාන ආකරය ඉතාම නින්දිතය.

බල්ලන්ගේ ඇගේ සිටින් මැක්කන් කිසිකාලෙක පිරිවට අන්දා ඇද උඩින් තැබුවාට උන් යන්නෙම පුරුදු බල්ලන් සොයාය ඒ හා සමානවම මෛත්‍රිපාල නැමති බ්ලු මැක්කාද 2015 වසරේදි ජනතාව කිරෙන් නාවා පිරිවට අන්දවා සිංහාසනයක තැබුවත්ය. ඒ මොහොතේම බල්ලන්ව රජගෙදරට ගෙන්නා උන්සමඟ ලැග්ගාය.

එදා සිටම මේ වෙනතුරු මෛත්‍රි කරන්නේම තමාට දැක පුරුදු හුරු පුරුදු මහින්ද කලකී දේය. එය ඉතාම සාර්ථකව මහින්ද කලත් මොහු ඒ සියල්ලම අනාගෙන ගාගෙන දැන කොලෙත් ඉරාගෙන අවසන්ය.

ජනාධිපති ලේකම් කාර්යාල ගිණුමෙන් වැටුප් ගෙවා ඇති නාමල් කුමාර නැමති පොලිස් ඔත්තුකරු වාව පොලිසියට හදුනා දී ඇත්තේත් ජනාධිපති ලේකම් කාර්‍ය්‍යාලයෙන්මය. ලෝකයේ පුදුමාකාර කුමන්ත්‍රණයක් වන්නේ ජනාධිපති හා ගෝඨාභය ඝාතකයාට වැටුප් ගෙවා තවදුරටත් මෙම ඝාතනය සේවය කරන්නේද එහිමය.

නිපො.ප. නාලක සිල්වා ත්‍රස්තවිමර්ශණ භාරව ක්‍රියාකරනු ලබන ප්‍රධානියාය. නාලක් සිල්වා හා නාමල් කුමාර එක්ව සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කොට ඇති බවට නිතිපති පසුගිය දින අධිකරණයට වාරතා කලෝය.

සහකාර පොලිස් අධිකාරි වරයෙකු කිසිසේත් ප්‍රභුවරයකු ලෙසට නොසැලකේ. ඒත් මෛත්‍රිපාල ගේ ජනාධිපති සිහිනය නිසාම නිතිපති දෙපාර්ථමේන්තුවේ අතිරේක සොලිසිට ජනරාල් අධිකරණයට පැවසුවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප්‍රභුවරයකු වන ප්‍රසන්න අල්විස් ඝාතනය කිරීමට නාමල් කුමාර සමඟ සැලසුම් කොට ඇති බවයි. දැන් ඇත්තේ නාමල් කුමාරව අත්වඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමය.

මේ වනවිට මෛත්‍රිපාල ගේ දැනුම් දීම මත නාමල් කුමාර නැමති විභාග සහතික වංචනික ලෙසට වෙනස් කල එකාට අම්පාර දිස්ත්‍රික් සංවිධායක කම පිරිනමා ඇත.

දැන් මෛත්‍රි ගලේ පැහැරූ බළලෙකු සේ වසාගැනීමට නොහැකිව සිටින්නේ නමල් නාටකයයි. සහකාර පොලිස් අධිකාරි වරයෙකු මැරීමට කුමන්ත්‍රණය කිරීමට එරෙහිව නාලක් සිල්වා සේම නාමල් කුමාරත් වගකීමට බැදී ඇත.

මෛත්‍රි මේ සියල්ල පෙලගැස්සුවේ මහින්ද අගමැති කමේ තබාගෙන් මහින්දවත් ගොනාට අන්දා රටත් ,ජනතාවත් ගොනාට අන්දවා තමාට එරෙහිව කතාකල ,ක්‍රියාකල සියල්ලම සිරගත කිරීමටය,ෆීල්මාෂල් ෆොන්සේකා මර්වින්සිල්වා,මුජබ් රවුහුමාන්
යන් අයව පලමු වටේ සිරගත කිරීමට සියල්ල සැකසු මෛත්‍රිට ඒ සියුඅල්ලම ආපස්සට කැරකුනේ උත්තරීතර අධිකරණය නිර්භීතව දෙන ලද තීන්දුව නිසාමය.

එසේ නොවන්නට එදා අඩි 06 වැලලෙන්න ගිය එකාව බේරාගත් ෆොන්සේකලාට මෛත්‍රිපාල අමතක නොවන තැග්ගක් දීමට දත කට මැදන් සිටිබව දැන් හෙලිවී හමාරය.

ඒත් ලංකාවේ කාලකනි මාධ්‍ය හිතන්නේ මහජනයා මීහරකුන් කියාය ඒ නිසාම පසු ගිය දින නිතිපති අධිකරණයට වාරතා කල දේ ප්‍රභූ ඝාතනයට නාලක් සිල්වාට නඩුදමයි කියා පිටු ගනන් පෙරෙව්වාය. දැන් ලංකාවේ මීඩියා නොව ඇත්තේ බුකිකරුවන් ගේ පත්තර කඩමලුය මේ නිසාම අපි සත්‍ය අකුරක් නෑර ජනතාවට පවසමු.

Be the first to comment on "නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ජනාධිපති හෝ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයක් කිසිදු හඩපටයක නෑ …-නිතිපති දැනුම්දෙයි."

Leave a comment

Your email address will not be published.


*