පොලිස් ස්ථානාධිපති වරයෙකු මැරු මහින්දානන්ද ගේ සල්ලාල, බේබදු පුත්‍රයා බේරා ගැනීමට නිතියේ හිල හෙව් උන්ට විරුද්ධව දැන්වත් නැගිටිමු………!!

ආනන්ද සාගරලා තවත් කොතෙක් මරාදැමුවත් පොලිසියේ සම-හරක් (නි.පො.ප.අජිත් රෝහණලා වැනි ) ඉන්නේ තමා ගේ බඩ ගෝස්තර වාදය වෙනුවෙන් මිස නිතිය හා යුක්තිය වෙනිවෙන් නොවන බව අද අප අතරින් මිය ගිය පො.ප ආනන්ද සාගර මැරෙන මොහොතේ අපිට පෙන්නා දී ඇත.

මේ ලියන මමත්, මෙය කියවන සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරිනුත් දන්නා එකම සත්‍ය ශ්‍රි ලංකාවේ නිතිය හා යුක්තිය කොමාවක් ,ඇලපිල්ලක් නෑරවම ඉෂ්ඨවන්නේ යමක් කමක් නැති,දුප්පත් ,නුගත්, බලය ,හා දේශපාලන රැකවරණය නැති අයට බවයි.

ලංකාව වෙලාගත්ත නරුම කුඩැල්ලන් ගලවා ඉවත් කිරීම කල හැකි නම් එය ද කල හැක්කේ පොලිස් නිලධාරීන් වන් අපිටම පමණකි. ජනතාව ගේ ලේ උරාබොන කුඩැල්ලන් වු ලාංකීය දේශපාලකයන් රටේ සාරය උරාබී තවත් යමක් ඇත්තේම නැති තරන්ය.

රටේ නිතිය හා සාරධර්ම ඉතාම අශික්ඛිත ආකාරයට විනාශ මුඛයට ඇද දමා ඇත්තේ කාලකන්නි පාලකයන්ය. ශ්‍රි ලංකාවේ නිතිය ක්‍රියාත්මක් කිරීමට සිටින ආයතන වලින් ප්‍රධානම තැනක් හිමි වන්නේ පොලිසියට බවට කිසිදු විවාදයක් නැත.

රටේ ජන්තාවට නිතිය ක්‍රියාත්මක් කිරීමට පෙර නිතිය ක්‍රියාත්මක් බ්කරන ආයතනයේම පුද්ගලයන්ට කිසිදු සාධාරනත්වයක් ඉටු නොවන්නේ නම් රටේ ජන්තාව ගැන කුමන් කතාද ..?

පොලිසිය තුල අවංකව හා යුක්තිගරුකව තම රාජකාරිය ඉටුකරන ඉතාම දක්ෂ නිලධාරින් බොහෝසිටි.

ඒත් නි.පො.ප අජිත් රෝහණලා වැනි සම-හරක් උන් හැමදාම සිටියේ දේශපාලකයාගේ ඔඩොක්කුව තුල බව කීමට අපට අටුවා ටිකා අවශ්‍ය නොවේ.

රටේ අගනගරය තුල පිහිටි පොලිස් ස්ථානයක රථ වාහන ස්ථානාධිපතිව බීමත් සල්ලාල රියදුරු බලපත්‍රයක් නැති පහරයකු ගේ අතින් ගේ අතින් රිය අනතුරකින්ම නැතිවීම රටේ නිතියට හා රටේ පොලිසියට හා පොලිසිය භාර ඇමතියා වු කාලක්න්නි ජඪ්-පතියාට ලැජ්ජහ්වක් නොවන්නේ උන්තුල ඒවන් නිතියට ගරු කල්යුතු යැයි හැගීමක් නොමති නිසා නොවන් නේද …?

ආනන්ද සාගරව හප්පා පලාගිය රථය කාගේද …? ඒ රථයේ ගමන් ආරම්භ වුයේ කොතනින්ද ? ඒ රථය පැද වු යේ කවරෙකුද ? යන්න සෙවීම ඉතාම පහසු කාර්‍යකි.

ඒත් ඒසියල්ලම මෛත්‍රි පාල හා ගෝඨාභය ගේ ඇමතුම් නිසාම රථවාහන භාර නි.පො.ප අජිත් රෝහණ විසින් හිතාමතාම උඩු යටිකුරු කලාය.

මේ වනවිට අප සතුව ඇති විඩියෝ පටවල ඉතාම පැහැදිලිව ඇත්තේ රිය අනතුර සිදුවිට රථය නොනවත්වාම ධාවනය කරන ආකාරයයි. එපමනක් නොව ඕනෑම විමර්ෂකයකුට සැකකරු ගෙන් ප්‍රශ්න කලවිට ඔවුන් රථයට නැග ගමන ආරම්භකල තැන සොයා ගත හැකිය.

අද මහජනයා පොලිසියට අසුජි ගසන්නේත් ඔබ කරන රාජකාරියට විරුද්ධව නොව ඔබ රාජකාරිය නිසි ලෙස නොකරන නිසාය. අනුර සේනානායක්ලා, අජිත් රෝහණලා වැනි දේශපාලකයන් ගේ අසුජි සෝදන උන් පොලිසියේ ඇත්තේ ඉතාම සුළු පිරිසක් බව ඔබත් මාත් දන්නා සත්‍යය.

වැඩි යෙන් ඇත්තේ නිතිය අකුරටම් ක්‍රියා කිරීමට කැමති උගත් බුදිධිමත් හොද මහත්වරුන් පිරිසකි. ඒත් අපේ අව අවාසනාවට ඔවුන් නිහඩවම සිට නිහඩව මියයාම සැපයි කියා දෙන් බ්දේ කා වෙන දේ බලා සිටින් පිරිසක් බවට පත්ව ඇත ඇත්තෙන්ම ඒ නුගතුන්ට හා පොලිසියට අරක් ගෙන සිටින්හ පට්ට දුෂිතයන්ට හා දේශපාලුවන් ගේ පශ්චාත් භාගය ලෙව කන්නන්ට සුභ පණිවිඩයක්ව ඇත.

මහත්වරුණි, සහෝදරයනි,සහෝද්‍රියනි තවත් ආනනද සාගරලා කොතෙක් බිලිගත්තත් මට උනේ නෑනේ කියන මතයේ නොසිට දැන්වත් මුන්ට එරෙහිව නැගිටිය යුතුයි.

පොලිසියේ මාගේ සහෝදර ,සහෝදරියනි…. ඔබ ගේ හදවතින් ඔබ ඇසිය යුත්තේ  අපි ජන්තාවට ආරක්ෂාව දීමට පෙර අපිට ආරක්ෂාවක් මේ ආයතනය තුල තිබේද කියාය….., ?

මහින්දානන්ද අළුත් ගමගේ ගේ පුත්‍රයා ඩිපෙන්ඩර් රථය පැදවු බව නොදන්නේ අජිත් රෝහණ නැමති දේශපාලකයන් ගේ පශ්චාත් භාගය ලෙව කන්නන් මිස සමස්ථ පොලිස් දෙපාර්තමේතුවත් රටේ ජන්තාවත් දනි.

දැන්වත් ඔබ සිතිය යුත්තේ පොලිසියේ මෙවන් තුප්පැහියන් සිටින් තාක් කල සමසථ නිති ගරුක පුරවැසියනට නිතිය අවනිති වීමත් අවනිතිය නිතිය වීමත් සිදුවන බවයි.

ආනන්ද සාගර සහෝදරයානෙනි…….මතු උපදින ආත්මයකදීවත් මෙවන් කාලකන්නියන් සිටින රටක් නොඉපදේවා ඔබට නිතිය හා යුක්තිය ඉටු නොකල උන්ට හා උන්ගේ හත්මුතු පරම්පරාවටම ශාපවේවා……..ශාපවේවා……ශාපවේවා……!!

ඔබට නිවන්සුවය ලැබේවා……..!!!

 

පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසිනි……..

Be the first to comment on "පොලිස් ස්ථානාධිපති වරයෙකු මැරු මහින්දානන්ද ගේ සල්ලාල, බේබදු පුත්‍රයා බේරා ගැනීමට නිතියේ හිල හෙව් උන්ට විරුද්ධව දැන්වත් නැගිටිමු………!!"

Leave a comment

Your email address will not be published.


*