ලංකා දවසේ සිකුරාදා………අහෝ පොලිස් නිලදරුවෙනි ….!! මාරාන්තික තුවාල ලැබු පොලිස් නිලධාරියාට යුක්තිය ඉටු වීමට ඉඩ නොදී ” සිරිගේනගේ අසුජි ” නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හෝදා දමයි………!!!

පසුගිය 25 වනදින බොරැල්ල රථවාහන ස්ථානාධිපති වරයා යට කොට පලාගිය රථය හා එම රථය ධාවනය කරන ලද පුද්ගලයන් සී.සී.ටීවී කැමරාමගින් හදුනා ගන්නා ලදි.

එම රථය තුල සිටි සියලුම දෙන අදික මත්පැන් බී සිට ඇති අතරම රථය පදවා ඇත්තේ කුටප්‍රකාර අපරාධ කරුවකු වන මහින්දා නන්ද ගේ පුත්‍රයාය. ඔහු අධික ලෙස මත්පැන් පානය කොට සිටඇත.

රිය අනතුර සිදුවු වහාම තුවාල කරු ගේ ජිවිතය බේරාගැනීමට වහාම රෝහල ගතකිරීම නිතියානුකුලවම කලයුතුය. එසේම අනතුරට ලක්වු අය වන්නේ බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන ස්ථානධිපති වරයාය.

රටේ නිතියට තම පියා ගරු නොකරනවා සේම ඒමග යමින් උන්ගේ කාලකන්නි දරුවන්ද රටේ නිතියට හා රටේ ජන්තාවගේ ජීවිතවලට කිසිදු ගරුසරුවක් නැත. මහින්දානන්ද ගේ පුතා හෝ වෙනත් ඔනෑම අයෙකු ගෙන් රිය අනතුරක් විය හැකිය ඒත් අනතුර සිදුවනවා දැක දැකම පලායන්නේ තමා බීමත්ව සිටින නිසා බව සමාජයේ ඔනෑතරම් අත්දැකීම ඇත.

මෙම බේබදු නඩයට ජනතාව ගේ අවාසනාවට පත්කරගත් ජඩ-මාධිපතියා ගේ ආරක්ෂක වලල්ලේ සිටින පොලිස් අධිකාරි වරයකු ගේ පුතෙකුද සිටීම තවත් එක් හේතුවක් විය.

මෙම රථවාහන ස්ථානාධිපති වරයා මේ වනවිටත් ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක සිටී වයස 50 ඉක්මවා ඇති හේ නිති ගරුක පොලිස් නිලධාරියක් බව සදහන් කල යුතුමය.

අනතුර සිදු වු වහාම සැකකරුවන් සියල්ලම පොලිසිය රථයද සමඟ අත්වඩංගුවට ගත් අතරම එතැන පටන් වහාම මැදිහත් වුයේ උදෙහවස ජනතාවට නිතිය හා සාරධර්ම ගැන කියන පට්ට පල් භොර ගෙඩියකි. ඒ ජනතාව ගේ කරුමෙට මෙරටට ජනාධිපති කරගත් සිරිසේනය.

මෙ වෙන විඅට එල්ලීමට අත්තක සොයමින් සිටින මෛත්‍රිට මහින්දානන්ද ගේ දුරකතන ඇමතීම ඉතාම වටී. මහින්දානන්ද ජනාධිපති ගෙන් පුතා බේරාදෙන ලෙස කරන ලද ඉල්ලීම ඉතාම ඉහලින් ඉටුකලයුතු බව දැනගත් මෛත්‍රි වහාම පොලිස්පතිට කතාකල අතර පොලිස්ප්ති නොමති නිසා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට කතාකොට වහාම මහින්දානන්ද ගේ හා තම ආරක්ෂක ඒකක්යේ පොලිස් අධිකාරි ගේ දරුවන්  නිදහස් කරන ලෙසත් මහින්දානනද ගේ ලඟ සිටින වෙනත් රියදුරෙකු ඊට යොදන ලෙසට අති ගරු ජනාධිපති උතුමානන් පොලිස්පතිට දැනුම් දී ඇත.

වදුරඹ පොලිස් ස්ථානාධිපතිව තමා සිටින් කාල යේ සිටම නිරුපමා රාජපක්ෂ ගේ දැඩි හිතවත් කම නිසාම ඉතාම ඉක්මනට පොලිස් සේවයේ ඉහලට එන්න පුලුවන් වු දේශපාලක්යන් ගේ අසුජි කා මනා පලපුරුද්දක් ඇති රාජපක්ෂ හිතවාදි යෙක් සී.ඩී.වික්‍රමරත්න මහතා සොයා ඒය ඔහුට භාර දෙන ලදි.

රටේ ඓතිහාසික කටු ගේ කඩා රන්කඩු සොරකම කල උන් වෙනුවට කන්ගැට්ටකු දමා මාධ්‍ය ප්‍රකාශක කම්කල අජිත් රෝහණ වහාම ඊට මැදිහත් විය.

තමා ගේ නිලධාරියාකු ජීවිතයත් මරණයත් අතර දැඩිසත්කාර ඒකකයක පණ අදින විට තම පොලිස් නිල ඇදුම ගලවා ලෝගුව දමා සිරිසේන ගේ අසුජි හෝදන්න නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ඉදිරිපත්වීම සමසථ පොලිස් නිලධාරින්ම ඉතා පිලිකුලෙන් හෙලා දැකිය යුතුය.

යුක්තිය 100% ඉටු උනාට මදිය එය ඉටුවන බවට ජනතාවට පෙනියායුතුය …..යන්න නිතිඥ අජිත් රෝහණ් නොදන්නවාදැයි අපි නොදනිමු. පොලිසිය තිත්තකදුරු වීඇත්තේ වඩාත්ම මෙවනි කාලක්නිනි තමා ගේ අවස්‍යතාව වෙනුවෙන් සමස්ථ පොලිස්සන්හතියම පාවාදෙන්නන් සිටින නිසාය .

මේ බව ඉතාම හොදින් ලාංකිය දේශපාලකයන් ද දන්නා නිසාම පොලිසිය අද බල්ලන් ගේ අධොමුඛේ ගදට සමානව ගද ගසමින් ඇත.

බොරැල්ල රථවාහන ස්ථානාධිපති වෙනුවෙන් සාධාරණ ය හා යුක්තිය ඉටු නොකරන පොලිසිය තුලින් ජනතාවට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද ?

මේ වනවිට ශ්‍රිලංකාව තුල පැහැදිලිවම නිතිය ක්‍රියාතමක වන්නේම නැති බැරි, දුබලයාට එක් ආකාරයකටත් දේශපාලකයන් හා උන් ගේ පවුල අරභයා තවත් ආකාරයකටත් නිතිය ක්‍රියාත්මක කෙරේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහනලා , අනුර සේනානායක්ලා, වාස් ගුණ වර්ධනලා ට ඇත්තේ වනචාරි රාජපක්ෂ යුගයේ ලැබු දෙශපාලන ගැතිකමය ,එය අවසන් කිරීමට රටේ ජන්තාව තෝරාගත් එකාත් බල්ලන් සමඟම ලැග සිටි බලු නාම්බෙක්ය. ඉතිං මොහුන් තාමත් අනුගමනය කරන්නේ යුක්තිය හා සාධරණත්වය නොවන බව ඉතාම හොදින් දැන් පැහැදිලිය.

ශ්‍රි ලංකා පොලිසිය අදමේ වැටී ඇති කාලක්න්නි තත්වයට වගකිවයුත්තේ එදා සිට මේ දක්වා සිටි පොලිස්පතිවරු හා පොලිසිය දේශපාලකයා ගේ පාමුල ගිහින් තබන පොලිසියේ ඉහල ඇවරියයි.

මෙයින් ජනතාව සිතාගත යුත්තේ පොලිස් ස්ථානාධිපති වරයකුට රටේ නිතිය හා යුක්තියඉටුනොවනවානම් සාමාන්‍ය ජනතාවට කිසිලෙසකත් සාධාරණ ,යුක්තිගරුකව නිතිය ඉටුනොවන බවත්,යුක්තිය ,සාධාරණය දේශපාලන බලය හමුවේ උඩුයටිකුරු වෙන බවයි.

එකක් අපිට පැහැදිලිව කිවහැකිය වැඩිකල් යාමට පෙර පොලිසියේ අයම පොලිසියේ උන්ට යුක්තිය ඉටුකරපල්ලා යැයි කියා

බලකරන දවස වැඩි ඈතක නැති බවය.

Be the first to comment on "ලංකා දවසේ සිකුරාදා………අහෝ පොලිස් නිලදරුවෙනි ….!! මාරාන්තික තුවාල ලැබු පොලිස් නිලධාරියාට යුක්තිය ඉටු වීමට ඉඩ නොදී ” සිරිගේනගේ අසුජි ” නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හෝදා දමයි………!!!"

Leave a comment

Your email address will not be published.


*