දවසේ සිකුරාදා.. රටට පෙර තම බලය ලබාගැනීමට මාන බලන අවස්ථාවාදින් දැන්වත් පිටු දැකිය යුතුයි………….

පසු ගිය සතිය නම් ගෙව්නේ ජනතාව දැඩි දොෂාරෝපනයක් ආණ්ඩුවට එල්ලකරමිනි. එදි නෙදා කටයුතු වලට නගරයට යන ජනතාවට කලට වේලාවට තම නිවෙස් වෙත යාමට බැරිව මහමග සිටිමට සිදුවිය. ඊට ප්‍රධානම හේතු වුනෙ ආයෙත් සැරයක් සයිටමයක් කරලියට ඒමය. ආණ්ඩුවට පලු ගැලවෙන්නම බැන්නෙ සාමකාමි ,නිතිගරුක මහජනයාය. මොන මඟුලක් කරන්න ගියත් ඉස්සෙල්ලම් කරන්නෙ අන්තිමටම කරන්න ඔනි දෙනේ. රට ගැන් නන්දොඩවන කාලකණ්නි උදේ ඉදන් තටමන්නේ කොහොමද යකෝ බලය අල්ලගන්නෙ කියලයි. අනේ නොදකින් මුන් වගේ ජාතියක් .තමන්ට රටේ පාලන බලය බුන කාලේ හරියට රටට සේවය කෙරුවානම් මිනිස්සු තවත් කාලන්තරයක් ඒ නඩයම තියා නොගනිද ? ඉන්න කන්ම කෙරුවෙ චක්ගොලයන් පිරිවරා ගෙන රටම අපෙ අප්පගෙ බුදලේ කියලා හිතාගෙන පරම් පරා ගානකට හොරා කෑමයි. ඉතිං එහෙම නඩයක් නෙමේ ආයෙත් පාලන බලය ඉල්ලන්නෙ. ඇයි දෙයියනේ අපේ මිනිසුන්ට මේවා තේරෙන් නැත්තේ.
ගඩාපිලා, මුසලොනිලා,. ඒ රටවලට කෙරුවා තමයි. ඒ තමන් හොරකම් කරපු රටේ ධනයෙන් දශම ගානයි. ගඩාපිලාගේ අඩිපාරේ ගිය අපේ හැතිකරෙ කෙරුවෙත් ඒ ටිකම තමා. ඇත්තටම එස්.බි.දිසානායක ගැන ආඩම්බර වෙන්න ඔනි මොකද ? එස් බි පිලිගනවා මහින්දගෙ කාලයේ ප්‍රථිපත්තියක් පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඕම සිදුකලබව. ඉතිං එහෙම කරපු මහින්දම අද සයිටමයට විරුද්ධව කතා කරන්නේ. මේ කෙන්ම තේරුම් ගන්න පිලිවන් රටට හෙන පිට හෙන ගැහුවත් බලය තමා මුන්ට ඔනි කියලා.

සයිටමය ගෙනාවෙ කැබිනට් මංඩලයෙන් නම් කැබිනට් එකේ ප්‍රධානියා ජනාධිපතියි .ඉතිං මොකක්ද මේ ජනාධිපති කියන්නෙ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට දිපු සාකච්චාවේදි තමන් මේ සයිටමය ගැන බලන්නන් කියලා. කැබිනට් එකේ ප්‍රධානියා ජනාධිපති බවයි අපි නම් දන්නෙ.
කොහොම උනත් මේකෙන් එකක් නම් පැහැදිල්යි දැන් දැන් රනිලුයි මෛත්‍රීයි දෙන්නත් ටික ටික දෙපැත්තට අදින බව. රනිල් කවදත් කරේ ප්‍රශ්න ආ පලියට කෑකෝ ගහගෙන නටන් නෑනේ…… හිමින් සිරුවේ ප්‍රශ්නෙට යන්න දිලා ඔන් තැනෙදි ඇනේ ගහන එකයි. දේශපාලනේ මෛත්‍රීට වඩා ඒකට දක්ෂ රනිල්. ඒක කොයි හැටි උනත් එ.ජා.ප යේ කාටවත්ම කටක් අරින්න මෛත්‍රීට ඉඩ නොදිමම ඇති රනිල් කවුද කියලා දැනගන්න.
රටක රාජ්‍ය සේවයේ කිසිම කෙනෙකුට අසාමාන්‍ය ලෙස තම වෘතියේ අයිතිවාසිකම් භුක්ති විදිමට ඉඩ නොදිය යුතුය. අද වෙනකොට අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ ජිවිත බිල්ලට තබා ඒ මිනිසුන්ගේ මළ මිනි උඩින් තම අයිතින් දිනාගන්නා මිලේච්චම වෛද්‍ය වරුන් ඉන්නා ලෝකයේ එකම රට ලංකාවයි. රජයක් වශයෙන් එක්තරා පුද්ගලයන් පිරිසකට පමණක් තම අයිතිවාසිකම් බුක්ති විදිමට තවත් අහිංසක රෝගින් බිල්ලට දිමට ඉඩ නොදිය යුතුයි.
මේ පාප තරයන් අහිංසක ජනයාගේ බදු මුදලින් නොමිලේම ඉගෙන ගෙන ,කෝටි ගනන් වටිනා තිරුබදු රහිත වාහන ලබාගෙන අනේ අන්තිමට මරණ මන්චකයට යනකන් මළ මුත්‍රා ,ලේ මේ එකී නොකී සියල්ලන්ගෙන්ම ජනතාව හුරන්කන තිරිස්න්ම ජාතියනම් ශ්‍රීලංකාවේ වෛද්‍ය වෘතිකයනුයි.
රටක් වශයෙන් කවදා ද අපි ඉදිරියට යන්නේ . එදා නැති පෙලපාලි පිකට්ං අද ඕනවටත් වැඩිය ඇත. කොළඔ පෙලපාලි නැති දවසක් නෑ …මිනිස් පැය කොච්චර රටකට නැති වෙනවද ? මේවාට පොලිත් එක්කම අයෙත් බදු ගහන්නෙ මහජනයාටම නොවේද ? අනේ අපොයි අපේ උන් මේවා තේරුම් ගන්නකොට උන්ටත් කෙලවිලා රටටත් කෙලවලා හමාරයි.

අජිත්

Be the first to comment on "දවසේ සිකුරාදා.. රටට පෙර තම බලය ලබාගැනීමට මාන බලන අවස්ථාවාදින් දැන්වත් පිටු දැකිය යුතුයි…………."

Leave a comment

Your email address will not be published.


*