ස්වාධීන පොලිස් කොමිසමේ නියෝග ඉටු කිරීමට ජනාධිපති ඉඩනොදීම පොලිසිය බරපතල ලෙස දේශපාලනී කරනය කිරීමක් —-අපි ජනාධිපතිට විරුද්ධව නඩුපවරනවා ( අයි.ඕ.ඩී.පී.පී ජාත්‍යන්තර සංවිධානය පවසයි )

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථාව අනුව පිහිටුවා ඇති ස්වාධීන කොමිසන් සභාවලින් ඉතාම වැදගත් ජනතාවට නිරන්තරවම සම්බන්දවන පොලිසිය පිලිබදව ඉතාම වැදගත් තීරනාත්මක වැඩ කොටසක් වන්නේ පොලිස් කොමිසන් සභාව තුලිනි.

එහෙත් ලංකාවේ සිටින දුෂිතම පුද්ගලයා වු මෛත්‍රිපාල ජනාධිපති ශ්‍රි ලංකානිදහස් පක්ෂයේ සභාපති ලෙසට පොලිස් කොමිසමට ඉතාම නින්දිත ආකාරයට බරපතල ලෙස බල්පෑම කර ඇත.

පසුගිය දින මහනුවරට ගිය ජනාධිපතිවරයාපොලිස් කොමිසම විසින් මේ වනවිට නියම කොට ඇති සියලුම ස්ථාන මාරුවීම අත්හිටවීමට හා තමා දෙන නම් සහිත පුද්ගලයන් වහාම ස්ථාන මාරුවීම කිරීමටත් නියෝග කොට ඇත.

ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ අන්තර්ජාතික සංවිධානයේ සභාපති හිටපු පොලිස්පරික්ෂක ආනන්ද ධර්මපාල මහතා අපවෙත කියා සිටියේ රටේ ජනාධිපති වන ඔහුට 19 වවස්ථාව ගැන අබමල් රේණුවක තරම් වත් දැනුමක් නොමති බව තවත් සැරයක් ලෝකයටම පෙන්නාදෙන බවයි.

19 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත පොලිස් කොමිසම තුලින් උප පොලිස් පරීක්ෂක නිලයෙන් ඉහල සියලුම නිලවල ,ස්ථානමාරු, සියලුම විනය නියෝග හා පත්කිරීම උසස් කිරීම් සියල්ලම සිදුවියයුතු බවයි.

වරක් මෝඩයකු සේ හැසුරුනු ජනාධිපති දෙවන වරටත් ඒ ත්ත්වයටම හැසිරෙන් බව ලොවට පෙන්න දීමට හැකි කදිම අවස්ථාවක් බව ඔහු කියාසිටින ලදි.

එසේම ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය අපි පිහිටුවා ගත්තේම පොලිසිය මෙවනි නින්දිත දේශපාලන මැදිහත් වීම් තොරව ඉතාම ස්වාධීනව හා අපක්ෂපාතිව ,නිතියානුකූල නියෝග ඉටුකරලීමට හැකි වතාවරණයක් ඇතිකිරීමටය.

කිසිම දේශපාලන පක්ෂ කින් කිසිදවසක බලාපොරොත්තු විය හැක්කක් නොවේ . මෙන්න මේ නිසාම අපි දැන් මේ ප්‍රධාන කාර්‍ය්‍යාලය බ්‍රිතාන්‍ය අයෙත් අනිකුත් අපේ ජාත්‍යන්තර කාර්‍ය්‍යාල ලෝකයේ අනික් රටවලත් මේ වනවිට අරබා ඇත.

අපි මේ වනවිට ජනාධිපති සිරිසේනගේ මේ ක්‍රියාවට විරුද්ධව ඉතාම ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමටත් මේ පිලිබදව ලෝකයේ අනිකුත් රටවල් දැනුවත් කිරීමටත් කටයුතු කරමින් තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Be the first to comment on "ස්වාධීන පොලිස් කොමිසමේ නියෝග ඉටු කිරීමට ජනාධිපති ඉඩනොදීම පොලිසිය බරපතල ලෙස දේශපාලනී කරනය කිරීමක් —-අපි ජනාධිපතිට විරුද්ධව නඩුපවරනවා ( අයි.ඕ.ඩී.පී.පී ජාත්‍යන්තර සංවිධානය පවසයි )"

Leave a comment

Your email address will not be published.


*