ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම නොදෙන්නේ මත්කුඩු හා පාතාලය දේශපාලකයන් මෙහෙයවන නිසාද ….?

ජුනි 10 2018

සාමාන්‍ය පොලිස් රාජකාරි සිදුකරන් කිසිදු පොලිස් නිලධාරියකුට මේවනවිට පාතාලය සමඟ හැප්පී ඔවුන්ව අත්වඩංගුවට ගැනීමට නොහැකිවී ඇත්තේ පාතාලය ඉතාභයානක අවි ආයුධ වලින් සමන් විත නිසාය.

පසුගිය මාස 06 තුල පමණක් පාතාලයේ වෙඩිපහරට ලක්ව ජිවිත 34 ක් විනාශ වී ඇත.

මෛත්‍රිට හෝ රනිල්ට මෙහි ඇති ඉතාම භයානක තත්වය නොපෙනෙන්නේ උන් දෙන්නාම තම බලය වෙනුවෙන් මේ වනවිට බලු පොරයකට වැටි සිටින නිසාත් විය හැකිය.

අති භයානක  මයික්‍රෝ අවි වලින් සමන් විත පාතල මිනිමරුවන් මේ වනවිට පැය 24 පුරාවටම අවි ආයුධ වලින් සමන්විතය.

ජනාධිපති පොලිස්පති ගෙන්විත් ඔහුව දොස්පවරා ඇති ඵලක් නොමති අතරම කලයුත්තේ ලංකාව වැනි කොයි දේටත් දේශපාලනය ගාවගන්න දේශපාලකයන් ගේ නායකත්වය අවශ්‍ය වී ඇත.

මෙයත් වසර ගන්නාවක් වසර 40 කට ආසන්නව ඔඩු දුවන තවත් යුද්ධයක් බව ලාංකීය ජනතාව තවමත් අවබෝධ කර නොගනීමත් ඉතා අවාසනාවකි.

රටේ යුද්ධය මුලින්ම උදුරාදැමු පරිනතම යුධ සෙනවියෙක් තමා ගේ ලඟ තබාගෙන රටේ නීතිය හා සාමය හිවලුන්ට භාරදී තවත් එකෙකුට දොස්පවරාඇති වැඩේ කුමක්ද ?

වසර 40 තිස්සේම දේශපාලකයන් පොෂණය කර සමාජ ගතකර අහිංසක ජනතාව බිල්ලට ගනිමින් , අහිංසක ජනතාව දුක් මහන්සියෙන් හරි හම්බකර ගන්නා දේවල් කොල්ලකමින් සුපිරි ජීවිත ගතකරන නින්දිත පාතාලය මර්ධන නොකිරීමට ඉඩ නොදෙන්නේත් පාලක හා විපක්ෂ දේශපාලක්යන්ම බවට යැයි කීමට ඕනෑ තරම් මෙම ලියුම් කරුව සාක්ෂි ඇත.

රටේ ජනාධිපතිට හා අගමැතිට දැන්වත් මේ පාතාල යුද්ධය නතර කිරීමට ෆිල්මාෂල් ෆොන්සේකාට නිතිය හා සාමය අමාත්‍යංශය භාරදී නිති ගරුක පුර වැසියන්ට ජීවත් වීමට ඉඩ සලසාදීම මොවුන් දෙදෙනා ගේ වගකීමයි.
ඔවුන් එසේ නොකරන්නේ නම් ඔවුන්ද පාතාලේ පැවැත්මට ආශිර්වාද කරන බවට තවත් සාක්ෂි අවශ්‍ය නොවේ.

22.12.2018

 

ලිපිය අපි ලියා ඇත්තේ ඇත්තෙන්ම දැනට රටේ ඇතිව තිබෙන වාතාවරණයට පෙරය.

එදා එම ලිපියට අනුව ජුනි 10 සිට මේ වනවිට පාතාලයෙන් අහිංසක ජීවිත මෙන්ම ,පාතාලයේ උන් උන් අතර වෙඩිතබා ගෙන් මරාදැමුනු ගනන 14 කීවොත් ඔබ පුදුම නොවන්නේ එය ඔබේ ප්‍රශ්නයක් නොවන නිසා  බව අපි ඉදුරාම දනිමු.

මොකද ශ්‍රි ලාංකිකයා ගේ ගතිය රටක් ගැන නොව තමා ගැන ප්‍රථ්මයෙන්ම සිතා රට්ක් තිබුනොත් වාසය කරනවාය යන හැගීම නිසාය.

මෙවන් අදහස් රටක් ජනතාවට ඇති නොවීමට ලෝකයේ බොහෝරටවල් තම් ජන්තාවට ඉතාම කුඩාම අවදියේ ළමා කාලය තුලදීම රට ගැන නිසි අවබෝධයක් හා වගකීමක් පැවරීම කරනු දක්නට පිලිවන.

කෙසේ වෙතත් මේ වනවිට රට තුලට අති භයානක මත්දුව්‍ය එන්නේ නැව් ගනනින්ය ඒ වගේම ලංකාවේ කොහේ තැනකදි දිනපතාම වාගේ පුද්ගලයන් එකවර දෙන්නා තුන්දෙනා වෙඩිතබා මරාදැමීම දැන් සුලභ දර්ශනයක් වී ඇත.

සිරිසේන ජනාධිපතිවරයාට හා අගමැති රනිල්ට උවමනා ජනතාවට නිදහස් යුක්තිගරුක හා නිදහසේ ජීවත් විය හැකි රටක් ලබා දීමටනම් කලයුත්තේ නිතියට වැඩකරන යුක්තිගරුක මිනිසෙකුට අල්ලසට ,දුෂණයට එක හෙලාම විරුද්ධ වීරෝධාර රණ විරුවකුවන ෆීල්මාෂල් ෆොන්සේකා වෙත නිතිය හා සාමය භාරදී මේ රටේ ජන්තාව ඉල්ලන නිදහසේ ජිවත් වීමේ අවස්ථාව සලසාදෙන ලෙසය.

කිසිදවසක පාතාලය සමග කිසිදු සම්බන්දයක් ෆොන්සේකා මහතාට නැති බව අපි ඉතාම වගකීමෙන් කියා සිටින්නේ ඔහු රටේ ජනාධිපතිට හා රටේ ව්‍යවස්ථාවට ගරුකරන විනයානුකුලව හැදුන රටක හමුදාවක් මෙහෙයවවු  පුද්ගලයා නිසාමය.

ජනාධිපති දැන්වත් තේරුම් ගත යුත්තේ ඔහුට නිතිය හා  සාමය ලබාදීම නිසා ජනාධිපති ගේ ජීවිතයට තර්ජනයක් යැයි මවා පාන බිල්ලෙක් බවත් ඒ බිල්ලා මවන්නේ ශ්‍රි ලංකානිදසස් පක්ෂය නොව එක්සත් ජාතික පක්ෂය තුලම සිටින කොටසක් බව අපි ඉතාවගකීමෙන් කියන්නේ ඉතාම ඉක්මනට ඒ පුදගලයන් රටේ ජනතාව ඉදිරියේ නිරුවස්ත්‍රකිරීමට බලා ගෙනය.

ජනතාව  ගේ පුවත්පතක් ලෙසට අපි ජනාධිපතිවරයා ගෙන් හා අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටින්නේ පාතාලය දින්පතා ජිවිත බිලිගනි  ,රටට අතිභයානක කුඩු ගෙන්වයි  මෙයත් එක්තරා යුද්ධයකි. ,දැන් වත් ජනතාවගැන  සිතා මේවට මුහුණ දිය හැකි ඒපිලිබද එඩිතර පුද්ගලයකු වු ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාවෙතට ඒ වගකීම පවරන ලෙසට රටේ යුක්ති ගරුක පුරවැසියන් වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු.

අජිත්…….

 

Be the first to comment on "ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම නොදෙන්නේ මත්කුඩු හා පාතාලය දේශපාලකයන් මෙහෙයවන නිසාද ….?"

Leave a comment

Your email address will not be published.


*