දවසේ සිකුරාදා…………” ඔක්තෝබර් විප්ලවයෙන්වත් ” පාඩම් ඉගෙන ගෙන ” රනිල් ” සුදු කරපටි අපරාධ කරුවන් එලවා දමා , මහජනයා දින්වයිද ….?

* යු.ඇන්.පීය ආවොත් තමයි අපි කාල ඇදලා රටේ යමක් වෙනවා දකින්නේ,

*  යු.ඇන්.පී ආණ්ඩුවක් ආවොත් සිංහල ,දෙමළ ,මුස්ලිම් සේරටම සමගියෙන් ඉන්න පුළුවන් වෙන්නේ,

* යු.ඇන්.පී ආණ්ඩුවක් ආවොත් තමයි රටේ රැකියා බිහිවෙන්නේ,ලෝකයේ රටවල් උදව් කරන්නේ,

*හැමදාම රටේ ඉන්න යු.ඇන්.පී කාරයා විතරක් නෙමෙයි හැම
කෙනාම දන්නවා බඩට, දැනෙන, ඇසට පේන ,හිතට වදින ,මොලේට දැනෙන දෙයක් එදා මෙදා තුර සිදූනානම් ඒ
එක්සත් ජාතික පාක්ෂ රජයකින් රටට යමක් සිදු වු බව.

ජේ.ආර් ට ලලිත්,ගාමිණී,ප්‍රේමදාස, රනිල්, හතර දෙනෙක් හිටියා ලලිත් රටවටේම මහපොල අරන් යනකොට ,මහපොල  ශිෂ්‍යවත්ත දෙනකොට ,ඊට දෙවනි නොවෙන්න ගාමිණි ,ආසියාවේ ලොකුම වේල්ල ,වික්ටෝරියා,රන්දෙනිගල, ,කොත්මලේ හැදුවා. ,

ඒදෙන්නටම දෙවනි නොවෙන්න රනිල් තරුණ කටයුතු ,කර්මාන්ත ඇමති විදිහට රටවටේම තරුණයන්ගේ හැකියාවන් ගමෙන් නගරයට ගේන්න ජාතික තරුණ සේවා සභාව හැදුවා,වෙළ දකලාප සංකල්පයහා අධ්‍යාපන ඇමති විදිහට අද වෙනකොට ලක්ෂ ගානක් ගුරුවරු බිහිකරන අධ්‍යාපන විද්‍යා පීඨ ඇතිකරා.

මේ තිදෙනාම ඒවිදිහට යනකොට පුංචිම පැල්පතෙන් බිහිවු පොඩි එකා ගේ වේදනාව දන්න ප්‍රේමදාස  උදාගම්මාන සංකල්පය ඇති කලා උදාගම්මාන දෙනකොට දේශපාලණය නොබලීමටත් වගබලාගැනීම නිසාම ජනතාව ගේ නායකයා විය.

එපමණ කින් නොනවතින ප්‍රේමදාස පාසැල් දරුවන්ට නොමිලේ දිවාආහාරය ,දීමටත්, අද නිමිඇදුම් කර්මානතය හදුන්වාදෙමින් ගමේ අහිංසක තරුණ තරුණියන්ට රැකියා ලක්ෂ ගානක් මවාපෑම පුදුමාකරය.

දවල ද රෑද වෙනසක් නොමතිව වැඩකල පුදුමාකර සාමාජිය දැනුමක් ඇති ,හා හැකියාවක් ඇති නායකයෙකු විය.

ඒ එදාය………..එහෙමනම්…. කෝ ඒ යු.ඇන්.පිය….?

ඇයි එදා වැඩකරපු රනිල්ට අද නායක කම ලැබිලත් පාක්ෂිකයට කරන්න බැරි, ඇයි රටේ ගාමිණිලා ,ලලිත්ලා ,ප්‍රේමදාසලා කල දේවල් කරන්න බැරි එදා රනිල් වැඩ කරේ කාලයක්ම ජේ.ආර්.යටතේය තවත් කාලයක් ප්‍රේමදාස එක්කය රනිල්ට වැඩකල හැකියාව නැතුව නොවේ කියා දැන් හොදටම පැහැදිලිය.

එහෙනම් දැන් සිදුව ඇත්තේ රනිල් ගේ ගජමිතුරු සේවනය නිසා බව ඉතාම පැහැදිලිය. 2001 වසරේ දවසක…….”ඔබතුමාට ඔය කියන චරිත රත්වත්තෙලාට වඩා චන්ද්‍රිකා ගැන දන්නේ මම ….. මේ වෙලාවෙ චන්ද්‍රිකා ආණ්ඩුව ගන්න යන්නේ …” ……. නෑ එස්,බී. මම චරිත රත්වත්තේ ඒකට දාලා ඉන්නේ ඒකගැන එස්.බී. කලබල වෙන්න එපා ….. දුරකතනය විසන්ධි විය . රනිල් හා ඒවකට යු.ඇන්.පී ජාතික සංවිධායක එස්.බී.දිසානායක අතර බැති වු ඒ සන්වාදය මේ ලියුම්කරුද ඒමෙහොතේම එස්,බී දිසානයක ඇමතිවරයා ගේ නිවසේ සිට ඊට ඇහුන්කන් දී ස්ටි බව සහතිකය.

ඉන්දින දෙකකට පසුව රනිල් විදේශ ගතවු අතර රනිල් එනවිට චන්ද්‍රිකා ජනධිපතිනිය ලෙසට ඇමති තනතුරු දෙකක පවරා ගේන රනිල් පැමිණි පසු වසරක ආණ්ඩුව විසුරවා දැමීය. (19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයට පෙර )

එහෙනම එදා ඉදන්ම රනිල් යන යන තැනට ජනතාව හා පාක්ෂිකයා ගෙන නොයන නමුත් මලික්ලා, චරිත රත්වත්තේලා, සුදත් චන්ද්‍රසේකරලා ,පාස්කරලිංගම්ලා,අර්ජුන මහේන්ද්‍රන්ලා රැ ගෙන යන්නේ යු.ඇන්.පී කාරයන් ගේ පෙර කරුමයකටය.

2001 දී පාඩම ඉගන නොගත් රනිල් දැන් ගනීදැයි සිතීම උගහටය.

ඒ රනිල් හා ගජමිතුරන් ඉන්නේ ගසයි පොත්තයි මෙනි . ඉංග්‍රිසි කතාකරන ඒ පැලන්තියට ඒ වෙලාවට ආමන්ත්‍රනය කිරීමටත් ,ගමේ බණ්ඩයියාට ,අප්පුහාමිට නමකියලා කතා කොට සුවදුක් ඇසුවාට ටයි කෝට් කාරයන් සේ උන් අවස්ථාවාදි යෝ නොවන බව රනිල් දැන් වත් දැනගත යුතුය.

එදා ඉදන්ම රනිල් නොකල දේ දෙවන තුනවන පෙල නායකයන් බිහිනොකිරීම හා වැඩ පවරා දී ඒව නිරික්ෂණය නොකිරීම ජතික අපරාධයකි. රනිල් ජිවත් වු ඒ පැලන්තිය කිසිදවසක නායකයන් බිහිනොකරන ජතියකි ඒ සුද්දා ගේ ගතියය.

කෙසේ කොයි හැටි වුවත්, දැන් රනිල්ට ඔනි ආකාරයකට පක්ෂය මෙහෙය වීමට ඉඩ නොදිය යුතුය පක්ෂය විසින් රනිල්ව මෙහෙය විය යුතුය නැතිනම් සුදු කරපටි අපරාධ කරුවන නැවතත් පැමිණ රනිල්ව උන්ගේ ගොඩට දාගන්නවා සහතිකය.

සුදු කරපටි අපරාධකරුවන්ට තර්ජනයක් වු ගමේ එකාගේ දහඩිය සුවද දන්නා තිස්ස අත්තනායකව පැන්නුවේම උන් ගේ වැඩ බාධාවකින් තොරව කර ගැනීමටය.

ඒත් ඒ පැන්නුව තිස්ස අත්තනායක කිසිදවසක පක්ෂය දමා මෛත්‍රි ගේ ඔඩොක්කුවට නොයාමම ඔහුට ගරු කල යුතුය. දැන් රනිල් තිස්ස අත්තනායකව නැවත් පක්ෂයට ගෙන ගමේ ,ගොඩේ වැඩටික ඔහුට භාර කොට දෙවන ,තුන්වෙන නායකයන් ගොඩ නගා රටට හා තම පාක්ෂිකයා ගේ බලාපොරොත්තු ඉටුකල යුතුය.

ඔක්තොබර 26 විප්ලවය යු.ඇන්.පී කාරයාට මෛත්‍රි -මහින්ද දුන්න ආශිර්වාදයකි.

ඒ වෙනතක් නොව ඔක්තෝබර් විප්ලවය නොවෙන්නට…………. අලියා තවත් කලාන්තරයකට ඉතාම හොදට රනිල්, මලික් ,විජේදාස, අර්ජුනලා බුදිකරවලාය . 

ඒත් සද්ධන්ත අලියාව එක් හෙන්ඩුපහරෙන් නැගිට්ටුවේ මෛත්‍රිය. ඒ මහින්දව  නිතිවිරෝධි අගමැති කරලාය.

මෙන්න මේ නිසාද මෛත්‍රි වරක්……………………. “මට දැන් බනින යු.ඇන්.පී කාරයා තවත් කාලයකදී මට ආශිර්වාදකරනවා ස්ථිරයි ”  . කියන්නේ අලියා නැගිට්ටවා පොහොට්ටුව කඩා විසිකරපු නිසා බව යම් දවසක මෛත්‍රි නොකියා සිටිවියැයි කිව හැක්කේ කාටද. ….?

ඔක්තෝබර් විප්ලවය ජනතාව ගැන සිතීමට තමන්ට දුන්න අන්තිමම අවස්ථාව බව වත් හොදින් සිතා තම පක්ෂයත් ,පාක්ෂිකයාවත් රැකගෙන රටේ ජන්තාවට අසින් බැදි පියලි වෙනුවට බඩට ,හිසට ,ඇසට දැනෙන දෙයක් සිදු කල හොත් රනිල් ජනතාව අතර ජීවත් වේ. නැතිනම ඔහුත් දේශපාලන කුණු බක්කියට තල්ලු වෙනු ඇත.

කතෘ සටහන…:

සිරිසේන ජනාධිපති රටේ ව්‍යවස්ථාදායකයට පයින් ගසා ජනතා මුලික අයිතින් උල්ලංගනය කල ඔක්තෝබර් 26 දින පටන් ම නැවත ඒ පරමාධිපත්‍ය බලය ජන්තාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනතුරුම අපි ජාතික වගකීමක් ලෙසට සලකා ඒ ජනතා පෙල ගැස්මට එක්වී ලැබු සතුට හා ඒ ජය සමස්ථ ශ්‍රි ලාංකිකයන් ගේමය.

ඒය අපි ඔබවෙනුවෙන් කලායැයි නිහතමානි යුක්තිගරුක සතුටක් ඇත. ….

 

අජිත්………

Be the first to comment on "දවසේ සිකුරාදා…………” ඔක්තෝබර් විප්ලවයෙන්වත් ” පාඩම් ඉගෙන ගෙන ” රනිල් ” සුදු කරපටි අපරාධ කරුවන් එලවා දමා , මහජනයා දින්වයිද ….?"

Leave a comment

Your email address will not be published.


*